(දි ඕස්ට්‍රේලියන් ඇසුරිනි - 125)
ශ්‍රී ලාංකික ඩයස්පෝරාවේ බහුතරයක් වෙසෙන ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීම තවත් අසීරු කෙරෙන ආකාරයට සංක්‍රමණ නීති දැඩිකිරීම සඳහා එරට රජය පියවර ගෙන තිබෙන බව ‘ද ඕස්ට්‍රේලියන්‘ පුවත්පත වාර්තා කරයි.
එරට පුරවැසිභාවය අපේක්ෂා කරන්නන් මින් ඉදිරියට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව සහ ඔස්ට්‍රේලියානු සාරධර්ම පිළිබඳව දැනුවත්භාවය ඔප්පුකළ යුතු බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් මහතා ප්‍රකාශ කරයි.
මීට අමතරව, ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසර හතරක් එරට ජීවත් විය යුතුයි. මේ දක්වා පැවති නීතිය අනුව ස්ථිර පදිංචිකරුවෙකු ලෙස වසරක් සම්පුර්ණ කළ අයෙකුට පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීමේ අයිතිය තිබිණි.
මෙම සංශෝධන කෙරුණේ ඔස්ට්‍රේලියාවේ රැකියා පතන විදේශිකයන්ට වීසා බලපත්‍ර දීමේ ක්‍රමවේදය දැඩි කරන බව ආණ්ඩුව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුවය.
සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියානු සමාජයට මනාලෙස අනුගතවීම සහතිකකිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එරට අගමැතිවරයා ප්‍රකාශ කළේය. සංක්‍රමණික ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ සාරධර්මවලට සහ ආගමික නිදහසට ගරු කළයුතු බවද අගමැතිවරයා අවධාරණය කරයි.
දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් ප්‍රකාශකර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න ඔස්ට්‍රේලියාවට පැනපු දැන් පැන්ෂන් වයසේ පසුවන ගොඩාක් අය ලංකාවේ තරුණයන් පැමිණ පදිංචි වනවාට හරිම කුහක ලෙසින් විරුද්ධයි.
අනන් මනං බයිලා කියන්න එපා. මේ රට මේ නීති දමන්නේ දැන් දැන් රට තුල දේවල් නිසා ඒක පාලනය කරගන්න. මෙහෙ ඉන්න ලංකාවේ අයගෙන් බාහිර ජාතීන්ට වැඩි කරදරයක් නැහැ. නමුත් වෙනත් රටවලින් ආපු මිනිසුන්ගෙන් ගොඩාක් කරදර හා වංචා සිදුවනවා. රටේ තියෙන නිදහස නිසා මේ මිනිසුන් හසු කරගන්න සමහරවිට අපහසුයි. ඒ අතර නීතියේ හිල් උපයෝගී කරගෙන ටයි කොට් දාගෙන වංචා සහගත වැඩ කරන අයත් මෙහෙ ඉන්නවා. ඉතින් මේවගේ දේවල් පාලනය කරන්න තමයි රජය අලුත් නීති ගෙනෙන්නේ..
පිටිගල මිලානෝ, මමත් හරියටම ඔබ ඔය කියන වයස සීමාවේ ඉන්න කෙනෙක්. අසූවේ දශකයේ අග අපි සංක්‍රමණය වෙනකොට මෙහෙ හිටියේ මුළු ලෝකයම පිළිගත් ඉතාමත්ම ඉහල සුදුසුකම් ලැබූ සිංහල (දැනගත්තා උනත්) වචනයක් වත් ගෙදරදීවත් කතා නොකරන බමුණු කුලයේ පිරිසක්. අලුත් ලාංකිකයන් ඔවුන්ගේ බමුණු කුලයට නොගැලපෙන්නන් ලෙස පහත් ලෙසයි සැලකුවේ. බර්ගර් ජාතිකයන් පමණක් ඉතාමත් කැමැත්තෙන් අලුතින් පැමිණෙන ලාංකිකයන් හා සමග කටයුතු කළා .බොහෝ පන්සල්, අවරුදු උත්සව, වෙසක් සැරසිලි සියල්ලම මෙහෙ පටන් ගත්තේ ඔබ ඔය කියන වයස් කාණ්ඩයේ අයයි . මේ වෙනකොට ලක්ෂ ගාණක් ලාංකිකයෝ මෙහෙට පැමිණීමට ඔබ ඔය කියන වයස් සීමාවේ අයගේ උදව් උපකාරත් හේතු උනා. ලංකාවේ නම කැත නොකර මෙහෙට නීත්‍යානුකුලව එන කිසිවෙකුටත් කාගේවත් කුහක කමෙන් හෝ විරුද්ධ කමෙන් කල හැකි දෙයක් නැති බව 1990 ලබන විටත් ඔප්පු වී හමාරයි....
බොහෝ අය ඔස්ට්‍රේලියාවට පැනපු අය නොවේ. අවසර අරගෙන ආපු අය . මේක ඔස්ට්‍රේලියාවට ආපු ලංකාවේ අයගේ තීරණයක් නොවේ. රජයේ තීරණයක්... මෙය ඉංග්‍රීසි කතාකරන රටවල සුදු ජාතිකයන් පමණක් රටට ගැනීමට දරන අසාධාරණ තීරණයක්... 1970 ට පෙර මේ රට ගත්තේ සුදු ජාතිකයන් පමණි. ලංකාවේ බර්ගර් අය ආවේ එහෙමයි.
ඉතාලියට ලංකාවේ තරුණයන් ගෙන්වන්න පුළුවන්කම තියෙද්දී නොගෙන්වන මහල්ලෝ ඕස්ට්‍රේලියාවේ මහල්ලෝ ගැන කතා කරන එක හරිම ආනන්ද ජනකයි.
මේක අළුත් නීතියක් නෙවෙයි. මේ සේරම කලින් රෑ ඉඳන්ම තිබුණ නීති. අවුරුද්දක් හිටියම කාටද ඕස්ටේලියාවේ පුරවැසිභාවය ලැබෙන්නේ? කොහොමත් අවුරුදු 4ක් ස්ථිර පදිංචිය තියෙන්න ඕන....
මේකෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. උතුරේ කට්ටිය වෙනම රටක් ඉල්ලුවේ සිංහල භාෂාව සහ සාරධර්ම නොදන්නා කමින්. මොන කයිවාරු ගැහුවත් ලංකාව තරම් නිදහසක් තියෙන රටක් කොහෙවත් නැහැ. ඒ නිදහස නැතිකරලා,..
ලංකාවේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න විතරක් නොවෙයි... 88/89 කාලයේ භීෂණයට, එල්.ටී.ටී.ඊ. එකට සහ තවත් නොයෙක් අයට පින් සිදු වෙන්න බොහොම කට්ටිය ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්නවා.
ලංකාවෙන් සාම්ප්‍රදායික අධ්‍යාපනයත් සමඟ එන පිටරට අයට මෙහෙ රැකියා ගන්න හරිම අමාරුයි. ජර්මන්ටෙක් සහ පිටරට විශ්වවිද්‍යාල වලින් එන වැඩ්ඩොන්ට තමයි මෙහෙ රැකියා වලට යන්න ලේසි. ඒ නිසා සමහරුන්ට ලංකාවේ තරුණයෝ හොඳට ඉන්නවා පෙන්නන්න බැහැ.
ඔස්ට්‍රේලියාවේ ඉන්න සිංහල අයගේ කුහක කම දැක ගන්න හොඳම තැන තමයි ඔස්ට්‍රේලියාවේ සිංහල අයගේ සංස්කෘතික දැක්මවල්. නටන්න බැරි මහලු අය නටනවා සින්දු කියන්න බැරි අය සින්දු කියනවා. බඩ දඟලනවා!! තව එකක් කියන්න ඕනේ.. ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකාවේ සිංහල, දෙමල, බර්ගර් ආදී සියලු දෙනාට ඔස්ට්‍රේලියාවෙන් විශේෂ සැලකීම් නැහැ... හැමෝම වැටෙන්නේ සුදු ජාතිකයෙන්ගෙන් පහල සමාජ ස්ථර වලට. ලංකාවේ බර්ගර් ජාතිකයොත් "කළු" ඝනයට තමයි වැටෙන්නේ. කෙලින් කිව්වොත් ලංකාවේ කව්රුවත් "සත පහකට" මායිම් වෙන්නේ නැහැ මෙහෙ. කෙසේවෙතත් තමන්ගේ පාඩුවේ ජිවත් වීමට තියෙන ඉතාමත් "වාසනාවන්ත" රටක් ඔස්ට්‍රේලියාව.