ඕස්ට්‍රේලියාවෙන් දෙවසරකදී කිරි වැස්සියන් විසි දෙදහසක් ගෙන්වීමට ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධන දෙපාර්තමේන්තුව සැරැසේ
ඕස්ට්‍රේලියා ඩොලර් දස කෝටියක් ( රුපියල් කෝටි 1152 ) වන මෙම ගනුදෙනුව සඳහා වෙලාඩ් ජාත්‍යන්තර සමාගම ගිවිසුම අත්සන් කැර ඇත.
ශ්‍රී ලංකාවේ කිරි ගවයන් ප්‍රමාණය ඉහළනංවා කිරි ගවයන්ගෙන් රට ස්වයංපෝෂිත කිරීම අරමුණ බවත් දැනට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වනුයේ අවශ්‍යතාවයෙන් 42% බව එම සමාගම කියයි.
වසරකට වැස්සියන් දසදහසක් සැපයීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිතෙන්නේ මේ වැඩේ සාර්ථක වේවි (නි)
බලනකොට හරකෙක් වුණත් කොච්චර වටිනවද? (නි)
මේවා තමයි කරන්න ඕනෑ වැඩ (නි)
කිරි වැස්සියන් ගෙන්වූ පමණින් ලංකාවේ කිරි ප්‍රශ්නය විසඳේවිද? (නි)
දැන් කට්ටිය කියාවි අපි මේ වැඩේ වැරදි හොයනවා කියලා. නමුත් මේ දේවල් වල ප්‍රායෝගික නොගැළපීම් තිබෙන බව ඕනෑම කෙනෙකුට තේරෙනවා. මේ වැස්සියන් නඩත්තු කරන්න ඕස්ට්‍රේලියාවේ ගොවියන්ටත් සෑහෙන වියදමක් යනවා. මේ අපේ රටේ තිබෙන යන්තම් උලාකන්න තණකොළ ටිකක් දීලා හරියන්නේ නැහැ. ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න වියදම් වෙනවා. ඔවුන් හැඩගැසී තිබෙන පරිසර තත්ත්ව වෙනස්. එක්කෝ පළමුව වැස්සියන් යම්කිසි සුළු ප්‍රමාණයක් ගෙන්වලා අත්හදාබැලීම් කරන්න ඕනෑ. (නි)
මීට ඉස්සරත් ගෙනාව ඕස්ට්‍රේලියානු කිරි ගවයන්ට තණකොළ වවන්නේ හම්බන්තොටින් ගවයන් ඉන්නේ අඹේවෙල නේද? අපේ පරිසරයට හිතැති ඉන්දියානු ගවයන් මීට අඩු මිලට ගෙන්වන්න බැරිද ? නැත්නම් ඕස්ට්‍රේලියානු රජය සමග ගිවිසුමක් ගහන්න බැරිද ? (නදී)
මේ කෝටි 1152 දේශීය කිරි නිෂ්පාදනයට යෙදුවා නම් අපේ මුදල් විදේශ ගත වෙන්නේ නැහැ. මේ සතුන්ගේ ක්‍රියාකාරිත්වය මාස තුනකින් සුවර් එකට අඩු වෙනවා. ගම්වල ඉන්න හරක් හොරු මැඩලීම, ප්‍රදෙශීයව කිරි,යෝගර්ට් නිපදවන අයට දැනුම උපකරණ ලබාදීම, පිටි කිරි දියකර යෝර්ගට් හදන උන්දලට100% බදු ගැසීම, සියලු තේ කඩවල් දීයරි කිරි ප්‍රචලිත කිරීම සඳහා ලිප් හා කට්ටල දීම, කිරි උදෑසන බෙදාහැරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම , විරැකියාවට කදිම විසුදුමකි. තව කෝටි 400 ක් වත් ඉත්රිවෙනවා. අපේ සතුන් කන්නේ අපේ තණකොළ නිසා. ගේන්න යන සතුන්ට ඊලගට සත්ව අහාර අානයනය කරන්නත් වෙයි (නදී)
අනේ! කොච්චර හොඳ වැඩක්ද? (නි)
මේ පට්ටිය ගාල් කරන්නේ කොහේද දන්නෙ නැහැ නේද? (නි)
මේ වැස්සියන්ටත් අර අපේ අලි පැටවුන්ට ගිය කලදසාව යයිද දන්නේ නැහැ (නි)
කොහොමහරි කමක් නැහැ, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ යනවා නම් අපිට ඒ ඇති (නි)
ලංකාවේ ඉන්න හරක් මදිවට තව රට හරක්! (නි)
එක ගවයෙක් සාමාන්‍යයෙන් ඩොලර් 5000 වෙනවා. සංකා ඔබගේ ගණන වැරදිය. (නදී)
ඇයි අපේ රටේ ගව සම්පත නංවාලන්න වැඩපිළිවෙළක් හදන්න බැරි? (නි)
සමහරුන්ට නම් ගණන් හදාගන්නත් බැහැ වගෙයි (නි)
ඉන්දියාවේ කිරි හරක් හිටියට උන්ගෙන් ලැබෙන කිරි ලීටර් ප්‍රමාණය අඩුයි.මේ කිරි හරක්ගෙන් ඒවගේ හතරපස් ගුණයක් දිනකට කිරි ගතහැකියි.ඒකයි වෙනස. (නි)
මේක නම් හොඳ ආයෝජනයක් වෙයි (නි)
ලලිත් ඒකේ මොකුත් අවුලක් නැහැ නේද ? (නදී)
මේක නම් හොඳ වැඩක් (නි)
ඕස්ට්‍රේලියාවේ තිබෙන තණකොළ සහ ගව ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, එම සතුන් ජීවත් වූ දේශගුණය ආදියත් ලංකාවට ආනයනය කළොත් පමණක් ඔවුන් ඕස්ට්‍රේලියාවේදී ලබාදෙන කිරි ප්‍රමාණයම ලංකාවේදීත් ලබා ගන්න පුළුවන් වෙයි. (නි)
සංක හරි. කිරි හරකෙක් $2500. වගේ ගානක් . ඔය ගිවිසුම ගැන හොයල බැලුවොත්හොඳයි. (අ)
ඔහොම කළ එක හොඳයි එක අතකට. (නි)
ඉතාමත්ම හොඳ වැඩක් (නි)
ලාබෙට ඕනනම් ඔය දඩාවතේ යන වැස්සියෙක් අබිජනනය කරලා ගන්න පුළුවන් . අඩුමිලට ඉන්දියාවෙන් මරුටි ගෙනල්ල වෙච්ච දේ දන්නවනේ . ජපානෙන් ගෙන්නපු කාර් වලටත්වෙච්ච දේ දන්නවනේ . ඔය අඩුවට කතා කරපු අය කවදාවත් මරුටි ගනීද . ලාබෙට ගන්න වැස්සියෙකුගෙන් දවසට කිරි ලීටර් 4 ගන්න පුළුවන් එහෙත් ඕස්ට්‍රේලියානු එළදෙනෙක්ගෙන් දිනකට කිරි ලීටර් 24-30 අතැර ගන්න පුළුවන් . කොයි එළදෙනද වටින්නේ ? කිරි සදහා ලංකාවෙන් පිට රට යන සල්ලි කොච්චර ඉතිරි වීද ? අඩුවට කතා කරන අය මේ ගැන හිතුවද (අ)
මේකත් එසේ මෙසේ ගනුදෙනුවක් නෙමෙයි වගේ (නි)
සංක ගණන් හදලා වැරදි. ඩොලර් දස කෝටියක් කියන්නේ මිලියන 100(100,000,000). ඒ නිසා ගවයක්ගේ මිල වන්නේ ඩොලර් 4545. ලංකාව අවුරුද්දකට කිරි ආනයන කරන්න ඩොලර් මිලියන 300 ක් වැයකරනවා. (අ)
මේ වැඩේ දිගටම කරගෙන ගියොත් ලංකාවට කිරිපිටි කන්ටන්නේර් ගෙන්න ඕනේ වෙන එකක් නෑ.(අ)
මොනවා වුණත් මම නම් කැමතියි මේ වැඩේට (නි)
සංක, ශෝක්නෙ ඔයාගේ දැනීම? මට එන්නේ එකෙකුට ඩොලර් 4,331/ ඔයාට එක්කෝ ඩොලර් රුපියල් පැටලිලා , පොඩ්ඩක් බලන්න කන්නාඩි දෙක උස්සලා. (අ)
එක කිරි දෙනෙකුට යන්නේ 50000 විතර නිසා එක ඒ හැටි ගානක් නම් නෙවෙයි හැබැයි එම දෙනුන් ඔස්ර්ට්‍රේලියාවේදී අඩුවාර ගණනක් පැටවූ දමා හෝ නොදමා නම් මෙහි විශාල වාසියක් ඇත එසේ නොවියි නම් පාඩුවක් වෙයි නේද? සාමාන්‍යයෙන් පැටවූ 10 -12 අතර දැමු දෙනුන් ඉන්පසුව පළමු ආකාරයෙන් කිරි ලබාගත නොහැකි වනු ඇත.(අ)
සංක ගාන හදල තියෙන විදිය හරි හැබැයි රුපියල් වෙනුවට ඩොලර් දාල එකයි වෙනස එක හියුමන් එරර් නේද සංක?(අ)
මේ කාර්යය සාර්ථක වේවා! (නි)
මේ වැඩේ හොදයි.මේ වැඩෙන් අපේ රටේ සල්ලි පිටරටට යන එක අඩු වෙනවා.හැබැයි එක පාරට වෙන්නේ නෑ.අපි කිරි හරක් ගන්නේ ගොඩක් සල්ලි වියදම් කරලා තමයි.එ්ත් අවුරුද්දෙන් අවුරුද්දට අපිට පුළුවන් වෙනවා කිරි පිටි ගෙන්නන එක අඩු කර ගන්න . (අ)
අනේ මේ අහිංසක සතුන් හොඳින් බලාගන්න (නි)
මිනිසාට කිරි ආහාරයක් නොවේ. (ර)
පළමුව අඩු සංඛ්‍යාවක් ගෙන්නලා වැඩේ සාර්ථකද බලන්න ඕනෑ. ඔය වැස්සියන් නඩත්තු කරන්නේ කෘෂිකර්මාන්තයෙන් යම් ආදායමක් තිබෙන ඕස්ට්‍රේලියානු ගොවියන්. ඒ වියදම අපිට දරන්න හැකි නම් හොඳයි. (නි)
කිරි වැඩි වෙලා විසික් කරා මතකද? (ර)
මෙම සතුන් සදහා දේශීය සත්තුන්ට වඩා විශාල ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙච්චර විශාල සත්තු සංඛ්‍යාවකට අවශ්‍ය තරම් ලොකු තණ බිම් අපේ රටේ තියෙනවාද? එහෙමත් නැතිනම් කාට හරි කුට්ටියක් යන ව්‍යාපෘතියක්ද? (ර)
අපිට ඕනෑ සංකල්පමය වෙනසක් මේ වගේ. (නි)
මම නම් කියන්නේ මේ ගණන ලාබයි කියලා. අපේ රටේ මේ ගාණට ගන්න බැහැ (නි)
මේ වැඩෙන් කාට හරි ලොකු කුට්ටියක් ඇති. ලංකාවට උවමනා වැස්සියන් ලංකාවෙ අභිජනනය කරන්න මෙහේ පරිසරයට ගැලපෙන විදියට. අනික නිශ්පාදනය කරන කිරි මිලදී ගැනීමේ ක්‍රමවෙදයක් නැති නිසානේද කිරිගොවියො මහපාරේ කිරිහැලුවෙ. (ර)
අයියෝ මේ වැස්සියක් වෙන්නේ රුපියල් 52363/=ක් වගේ නේද? වැලිමඩ පැත්තේ කේප්ප වැස්සියෝ විකුණන්නේ රුපියල් 75000/-ට විතර.මේ වැඩේ ලාබයි ගොඩක්. (නි)
ඕනෑම දෙයක් විචාරයකින් තොරව විවේචනය කරලා සතුටක් ලබන මිනිස්සු තමා අපේ රටේ ඉන්නේ. (ර)
අන්තිමේ වැස්සියෝ ටිකට අලි පැටවුන්ට සිදුවුණ දේ වේවිද දන්නේ නැහැ. (නි)
මේ වැයකළ මුදලින් අපේ රටේ කිරි ගොවියන්ට පහසුකම් සළසලා අපේ රටේ ඉන්න කිරි ගවයින් තව හොඳින් නඩත්තු කළා නම් වටිනවා නේද? (නි)
අපේ කාළගුණය මොවුන්ට ගැළපෙයිද? (නි)
අනේද කියන්නේ? (ර)
ලංකාවේ වැසියන් ඔස්ට්‍රලියාවට යනවා, ඔස්ට්‍රලියාවේ වැස්සියන් ලංකාවට එනවා. (ර)
අපේ රටේ ඉන්න ටික පිටරට පැටෙව්වා නම් ඔය වගේ දහ ගුණයක් හොයාගන්නත් තිබුනා. (නි)
ලංකාවේ ඉන්න වැස්සියන්ගෙන් හොදට කිරි ගන්න (නදී)
කුට්ටියක් ගියත් කමක් නෑ වැඩේ හරියට කෙරුනොත් රටට හොඳයි (නදී)
ඉතින් මොකටද මෙච්චර ගානක් දීල ඕස්ට්‍රේලියාවෙන් වැස්සියන් ආනයනය කලේ? (ර)
නුවණක්කාර අදහසක්. (ර)
ඉතා හොඳ පුවතක් (නි)
අර ගෑස් මිල අඩුකරන්න ඉන්දියාවෙන් ගෑස් ගෙන්නුවා මතකද? කිරි මිල අඩුකරන්නත් ඉන්දියානු සමාගමක් ආවා මතකද? (නි)
මේ තමා ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය. මිල වැඩි දේවල් තමා ගන්නේ. ඉන්දීයාවේ ගණන් අඩු කිරිහරක් ඉන්නවානේ. (ර)
මේ ගණන්වල හැටියට එක කිරි ගවයෙක් ඩොලර් 50000 වෙනවනේ. ඔය ගණනට කිරි ගවයන් විස්සක් ගන්න පුළුවන් ඔස්ට්‍රලියාවේ. (ර)
මේ ගණන බොහොම වැඩියි කියලයි හිතෙන්නේ. මීටවඩා අඩු මුදලකට ගන්න බැරිද? (නි)
ලංකාවේ ඉන්න එලදෙනුන්ටික මස් කරලා කිරිගන්න ඕස්ට්‍රේලියාවෙන් එළදෙනුන් ගෙන්නනවා. අනේ මෙහෙමත් මිනිස්සු. (ර)
ඇත්තටම ගණන් හදල බැලුවම එක ගවයෙක් ඩොලර් 50,000 ක් වෙනවා. සංඛ හරියට හරි. මේක හරි පුදුම අවාසනාවක්. සමහර දේශපාලඥයන් මහජන මුදල් ගැන තීරණ ගන්නේ, තමන්ගේ දේපල ගැන වගේ. මෙතන අවශ්‍යතාවය රට කිරෙන් ස්වයන්පොෂිත කරන්න නෙමෙයි, තම තමන් පරම්පරා ගණනකට ස්වයන්පෝෂිත වෙන්න වගේ. ජනාධිපතිතුමනි දෙනෙත් හැර බලන්න. රට කිරිවලින් ස්වයන් පෝෂණය කරන එක වැදගත් තමයි. එත් මහජනතාව මෝඩයෝ නෙමෙයි. (ර)
මේ වැස්සියන්ට ඉන්න ඉඩම් කෝ? මේ ගොල්ලනට සීතල දේශගුණයක් තියෙන නුවර එලිය පැත්තේ තමා තියන්න වෙන්නේ මට හිතෙන විදියට. ඒ පැත්තේ ඔය තරම් විශාල ඉඩම් තියෙනවද? ඒ පැත්තේ සේරම ඉඩම් එක්කෝ එළවලු වවලා, නැත්නම් තේ වගාව. මේ එක වැස්සියෙක් ගේන්න යන සල්ලි වලින් හරක් පට්ටියක්ම ගන්න පුළුවන් වෙන රටකින් (නදී)
ඇත්තටම එච්චර වටිනවද මේ සතෙක්? (නි)
ශ්රී ලංකාවේ මිනිස්සු ගෙවන බදු මුදල් වියදම් කරලා උගන්වලා උගත්තු ටික ඕස්ට්‍රේලියාවට ගන්නවා. ඒකටත් එක්ක අපි? (නි)
ඔන්න ඉතින් දැන් බනින්න (නදී)
ඉතා හොඳයි. සතුටුයි! (නි)
මේක නම් කාලෝචිත අදහසක් (නි)
ගෙනාවට කමක් නැහැ, අසරණ සත්තු ආරක්ෂා කරගන්න. සතෙකුගේ වුණත් ඒකත් ජීවිතයක්.... (නි)
ගෙනාවට කමන් නැ.අසරණ සත්තු මරන්නේ නැතුව.සතෙකුගේ උනත් ජිවිතයක්.....ලංකාවේ ඉන්න ටිකත් මරනවනේ....(අ)