මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට යාමට ගොස් එරට බලධාරීන් විසින් යළි ඉන්දුනීසියාවට හරවා යැවුණු ශ්‍රී ලාංකිකයන් 54 දෙනාට එක්සත් ජාතීන්ගේ සරණාගත තත්ත්වය හිමිවී ඇතැයි විදේශ අමාත්‍යංශය කියයි.
එම ලාංකිකයන් මෙරට සිට සෘජුවම ඕස්ට්‍රේලියාවට ගිය පිරිසක් නොවන බවත්, ඔවුන් වෙනත් රටක සිට මෙම නීති විරෝධී සංක්‍රමණයට උත්සාහ දරා ඇති බවත් විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මහත්මිය කීවාය.
එම ලාංකිකයන් 54 දෙනා අතර පිරිමි 46ක්, කාන්තාවන් 4ක් හා කුඩා දරුවන් තිදෙනෙක් වන බවද ඇය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඇත්තටම සරණාගතයෝද? නැත්නම් වැඩි පඩි රස්සා සහ දියුණු ජීවන තත්වයන් හොයාගෙන ඕස්ට්‍රේලියාවට යන්න හදන අයද කියලා හොයලා බලලද? (නි)
නිකන් ඉන්නෙපා කොහොම කොහොමහරි පැනපල්ලා බ්‍රිස්බේන් !! (නි)