නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාව බලා යමින් සිටි පුද්ගලයින් 78 දෙනකු සමග ට්‍රෝලර් යාත‍්‍රාවක් කිරින්ද මුහුදු සීමාවේ දී අද (26) අලුයම අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව කියයි.
මෙම යාත‍්‍රාව කිරින්ද සිට මුහුදු සැතපුම් 65 ක් පමණ දුරින් යාත‍්‍රා කරමින් සිටියදී නාවික හමුදාවට ඇති වු සැකයක් මත මධ්‍යම රාති‍්‍ර 12. 30 ට පමණ පරික්ෂා කිරීමේ දී මෙම නීති විරෝධී සංක‍්‍රමනිකයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රාකශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් 78 දෙනා අතරින් 59 දෙනකු උතුරු නැගෙනහිර පදිංචි ද්‍රවිඩ වැසියන් බවත්, සෙසු පිරිස සිංහල ජාතිකයන් බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි. අත් අඩංගුවට ගත් පිරිස පොලිසියට බාරදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පේන විදියට කිරින්ද පොලිස් වසමේ දකුණු මායිම ඇන්ටාටිකාව වගේ . (අ)