දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡාවකට පැමිණෙන ලෙස කළ ඉල්ලීමක් මෙරට සංචාරයක නිරත වී සිටි ඕස්ට්‍රේලියා ආගමන හා දේශසීමා ආරක්ෂණ අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා ප්‍රතික්ෂේප කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.
දින දෙකක් මෙරට රැඳී සිටි ඒ මහතා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හමු නොවීම ගැන මෙරට ඕස්ට්‍රේලියා තානාපතිනිය වන රොබින් මර්ඩි දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා වැදගත් තීරණයක්. (අ)
එයාල හිතාගෙන ඉන්නේ ලංකාවට එන හැම රාජ්‍ය නායකයෙක්ම පළමුව කොළඹ පැමිණ දෙවනුවට යාපනයට යන්න ඕනෑ කියලා.මේවා අපේම වැරදි (නි)
පිටබැද්දර ජයා,ඒ කාලේ තිබුණු ආණ්ඩු, නායකයින් වෙනස් වෙලා. දැන් තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. ඉන්නේ අලුත් නායකයෙක්.හැම රටක්ම බලන්නේ තමන්ට වාසියක් වෙන විදියක් තමයි. කෘතගුණ සැලකීමට තමයි අපේ නාවික හමුදාවට මුර යාත්‍රා දෙකක් තෑගි දුන්නේ. (නි)
ඕස්ට්‍රේලියාව කොටි රුකඩයක් නොවේ. (නි)
ඔස්ට්‍රේලියාවට සරණාගතයන් හිසරදයක් වෙලා තියෙන වෙලාවක ලංකාවෙන් යන කට්ටිය නවත්ත ගන්න ශ්‍රී ලංකා රජයෙන් ලබා දෙන සහයෝගයට කෘත ගුණ සැලකීමක් මිසක් අපිට ආදරේට නම් නෙවෙයි රජෝ , පහුගිය අවුරුදු තිහක අතීතය මතක තියෙන අයට නම් මේවා ඉතින් මතක් කරලා දෙන්න ඕන නැහැ . කොටින්ට පුදුම සහයෝගයක් දීපු රටක් නේද මේ ? (ස)
ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාවෙන් එන බෝට්ටු නැවැත්තුවේ කොහොමද කියලා අපි දන්නවා (නි)
දෙමළ ජාතිවාදය තුලින් බඩ පුරවාගන්න හැමදාම බැරිබව තේරුම් ගන්න ටිකක් කල් යාවි වගෙයි සමහරුන්ට (නි)
මේක හරියට පාරේදී හම්බු වෙලා තේ එකක් බොන්න ගෙට ගොඩ වෙන්න කිව්වා වගේනේ. මේ වගේ ඉහල පෙලේ නිලධාරියෙකුට තමන් එනවිට ලෑස්ති කරගෙන ආපු වැඩ කටයුතු ඉක්මවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හදිසි ඇරයුම් වලට ආවාට ගියාට පෙනී හිටින්න බැහැනේ. (ස)
ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන කොටි හොල්මන් සමග මොන සාකච්චද කියල එතුමා හිතන්න ඇති .(දී)
හොද වැදගත් තීරණයක්,(දී)
ඔය කොටි සංදානයේ අය හිතනවා ඇති රට ඉඳල එන හැම කෙනෙක්ම ඒ ගොල්ලන්ව හම්බ වෙන්න ඕන කියල. එ්කනේ පාප් වහන්සේටත් එන්න කිව්වේ කොළඹ අග රදගුරු කාර්යාලයටවත් කියන්නේ නැතුව. (නදී)
මොනවා උනත් සත්‍ය වැටහුණු රාජ්‍ය ඇමතිවරයෙක්. (දී)
යථාර්තය අවබෝධ කර ගත් එකම රට ඔස්ට්‍රේලියාවයි.ඉතින් එයාල රැවටෙන එකක් නැහැ. (දී)
ජයවේවා ඔබතුමාට (දී)
මෙහෙම හරි සත්‍ය වැටහුණු සුදු මහතුරු ලෝකේ ඉන්න එක ලොකු දෙයක්. හැබැයි මෙයලවත් නැති කරගන්නේ නැතිව ඉන්නෙක අපේ දේශපාලන මහතුරුන්ගේ කාර්යක් .(දී)
මෙයත් තදයි. මෙයාගේ ලොක්කත් [අගමැති ටෝනි ඇබට් ] තදයි. කිසි කෙනෙකුට දෙකට නැවෙන්නේ නැහැ. (ස)
පව්. හරිම දුකයි (නි)
එයාලට දැන් හරිම දුක ඇති (නි)
ඔබතුමාට අපි හිසනවා ආචාර කරනවා (නි)
ත්‍රස්ත්වාදීන්ට උඩගෙඩි නොදෙන, හරි දේ හරි විදිහට පිළිගන්න, උගත් වැදගත් මහත්මයෙක්. ඔබතුමාට අපේ ආචාරය!! (නි)
කැනඩාවේ කට්ටිය එක්ක නටනවා වගේ මේ බුද්ධිමතුන් එක්ක නටන්න ලෙහෙසි නැති බව මතක තියාගන්න එක හොඳයි (නි)
මෙතුමා දන්නවා ඇත්ත මොකක්ද කියලා. හොඳ වැඩේ තමයි වුණේ (නි)
ඔබතුමා බුද්ධිමත් නිලධාරියෙක් (නි)
ඕස්ට්‍රේලියා ඇමතිට ජය වේවා! (නි)
ඕස්ට්‍රේලියාවෙ ජාතික කොඩියෙන් බ්‍රිතාන්‍ය සංකේතය ඉවත් කිරීමට පවා එරටට දැන් බලවත් උවමනාවක් ඇතිවී තිබේ. දැන් ඕස්ට්‍රේලියාව නිවැරදි මාර්ගයක ස්වාධීනව ගමන් කරන බව පේන්න තියෙනවා (නදී)
බුදුහාමුදුරුවෝ කියල තියෙනවනේ රාජ්‍ය පාලනයට "ඍජුබව සහ නම්‍යශීලීබව" අවශ්‍යයි කියල. ටෝනි ඇබට් ට ඍජුබව හොඳට තියෙනවා. එහි ප්‍රතිපල තමයි මේ. ඔස්ට්‍රලියාවට මේ බෝට්ටු වලින් යන අයගෙන් මහා කරදරයක් තියෙන්නේ. ලංකාවටත් ඕන බෝට්ටු වලින් යන එක නතර කරන්නනේ. ඒ නිසා හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගිලා තියෙනවා. (නදී)
මෑතකදී ඩයස්පෝරාව ඉන්න රටක ඇමතිවරයෙක් ගත්ත වටිනා තීරණයක්. ලංකාවේ තියෙන්නේ එක ආණ්ඩුවයි. මේ අය හිතාගෙන ඉන්නේ උතුරු පළාතෙත් තියෙන්නෙත් ආණ්ඩුවක් කියලා. වරද අපේ මිසක් කාගෙවත් නොවේ. ඒ කාලේ නියපොත්තෙන් කඩන්න තිබුන දේ දැන් පොරවෙන් ගහලත් කඩන්න අමාරුයි. (නදී)
මට එයාලව තිත්ත වෙලා ඉන්නේ. මට මොන කතාද එයාල එක්ක. (නදී)