ඕල් රයිට් සංගීත කණ්ඩායමේ නායක, ශාලින්ද ප්‍රනාන්දුගේ නවතම වීඩියෝව ‘මගෙ ඇසුරින්’ පසුගියදා එළිදැක්වුවා. මෙහි සංගීතය දමිත අයෝධ්‍ය, පද රචනය මහේෂ් උයන්වත්ත, රූප රචනය කැලුම් සේනාරත්නගෙනි. ශාලින්දගෙන් මේ ගීතය රසිකයන්ට එන්නෙ අවුරුද්දකට පසුවයි.
මේ නව ගීතය පිළිබඳව ශාලින්ද පැවැසුවේ මෙවැන්නකි, “අලුත් ගීතයට හොඳ ප්‍රතිචාර රසිකයන්ගෙන් ලැබෙනවා. වේදිකාවටත්, මාධ්‍යටත් දෙකටම ගැළපෙන විදිහට ගීතය නිර්මාණය වෙලා තියෙනවා. මේ වනවිට සියලුම මාධ්‍ය මේ ගීතය ප්‍රචාරය කරනවා. ඉදිරියේදී ප්‍රසංග වේදිකාවේත් මේ ගීතය අසන්නට ලැබේවි. හොඳ එකමුතුවකින් සිදුවුන නිර්මාණයක්. විශේෂයෙන් මගෙ (ශාලින්දගේ) වෙනස්ම ආකාරයේ රූපරචනයක්.”
“මේ ගීතයේ සංගීත නිර්මාණය කරන ලද දමිත, ලියපු මහේෂ්, වීඩියෝව කරපු කැලුම් හා මගේ සංගීත ගමනට ගොඩක් උදවු කරන රොෂාන් ප්‍රනාන්දු අයියාවත් මේ වෙලේ මතක් කරනවා. මගේ අලුත් ගීතය නරඹා ප්‍රතිචාරය ලබාදෙන ලෙස මගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.”




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd