ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගොස් සිටිය දී හාම්පුතුගේ කෙළෙසීමට ලක්වීයැයි කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක බලහත්කාරයෙන් ගබ්සාවට ලක්කිරීමෙන් සිදුවූ හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා එම ගෘහ සේවිකාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර තුන් වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
අම්පාර මහ ඔය පදිංචි 29 හැවිරිදි විවාහක කාන්තාවක ගොනු කළ මෙම පෙත්සම චන්දා ඒකනායක, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් හමුවේ කැඳැවිණි.
විදේශ සේවා නියුක්ති කාර්යංශය, එහි සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තෙවැනි ලේකම් නිලෝමි කන්නන්ගර, එම තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ පාලිකා ෂමීරා නිලක්ෂණී, ළමා හා කාන්තා කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරිනී ලංකා රාජිනී සහ නීතිපති ඇතුළු 11 දෙනෙක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.
වගඋත්තරකරුවන් විසින් තමන්ට ජීවත්වීමේ අයිතිය සහ නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකිලි ලැබීමේ අයිතිය කඩ කර ඇති නිසා පෙත්සම විභාගයට ගන්නා ලෙස ද, අදාළ තානාපති නිලධාරීන්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වීමට නියෝග කරන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දවස් වල අපි දැක්කනේ තිබුනු දේශපාලන හයියත් අරගෙන මේ නිලධාරින් මාධ්‍ය සංදර්ශන වල රඟපාපු හැටි අර කාන්තාවට ගරහමින්. බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා. (නදී)
වන්දිය ගෙවන්න තමයි බැරි. නමුත් පත්තරවල පළවුණානේ මේ කියන ආයතන වල විවෘත කිරීම් වගේ දේවල් වලටත් ලක්ෂ ගණන් වැයවුණ හැටි. (නි)
ඇමතිතුමියනි, ඔබත් කාන්තාවක් නිසා මේ ගැන වඩාත් සංවේදීව බලන්න. ඔබ ආයතනයේ මෙයට සම්බන්ධ හා වගකිවයුතු අය වගකීම් පැහැරහැර ඇද්ද, හාම්පුතුන්ට උදව් කර ඇද්ද යන්න සොයාබලන්න. නැවත මෙවැනි දේ වීමට ඇති ඉඩකඩ වසාලන්න. (නි)
වැඩේ හොඳයි ඇයි දන්නේ නැ ඡන්දෙ කිට්ටු වෙනකන් තියාගත්තේ.? (ර)
වෙලාවට දඬුවම ලබෙයි. බලාගෙන ඉන්න තියෙන්නේ. (ර)
උනුත් එකයි, මුනුත් එකයි දැන්වත් ගෑනු ගෘහ සේවිකාවන් වශයෙන් මැද පෙරදිග යැවීම නවත්තපල්ලා (නදී)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මේ හෙළිදරව් වූ එක සිද්ධියක් විතරයි. මැද පෙරදිග කාන්තා ඛේදවාචකය හරිම සෝචනීයයි. මේවා බලන අය තේරුම් ගතයුතු වැදගත් දෙයක් තියෙනවා. එනම් ඔවුන් හම්බකරන විදේශ විනිමය තමන්ගේ ලේ වලටත් වඩා පරිස්සමින් ආරක්ෂා කළ යුතු බවයි. (බ)
ඉස්සර මේ ගැන කතා කරන්න රන්ජන් රාමනායක හිටියා. දැන් එයාටත් වැඩ වැඩි ඇති. ඒක නිසා වෙන්න ඇති මේ දවස්වල එයත් නිහඬ (නි)
තමුන් ආදරය කරන ගැහැණිය හෝ පිරිමියා මැදපෙරදිග යවන්න එපා. තමුන් නොදන්නා ලෝකයක් මෙහෙ තියෙන්නේ. බදින්න පොරොන්න්දු වෙලා එන අය මෙහෙ ගැහැණු තියාගෙන ඉන්නවා. ඒ නිසා පාරේ හිඟාකෑවත් තමුන් ආදරය කරන අය රට යවන්න එපා (නි)
වෛද්‍ය වාර්තා වලට වැඩි දෙයක් තියෙනවද? සිද්දිය වෙලා ඇයි මේ ගැණු කෙනා නිහඩව ගොඩාක් කල් ඉඳල තියෙන්නේ? කව්රු මොනවා කිව්වත් සත්‍ය ජය ගන්නවාමයි. (නදී)