IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඕමාන් ගබ්සා සිද්ධිය සලකා බැලීම සැප්තැම්බරයේ

ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගොස් සිටිය දී හාම්පුතුගේ කෙළෙසීමට ලක්වීයැයි කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක බලහත්කාරයෙන් ගබ්සාවට ලක්කිරීමෙන් සිදුවූ හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා එම ගෘහ සේවිකාව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර තුන් වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අම්පාර මහ ඔය පදිංචි 29 හැවිරිදි විවාහක කාන්තාවක ගොනු කළ මෙම පෙත්සම චන්දා ඒකනායක, ප්‍රියන්ත ජයවර්ධන සහ උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන් හමුවේ කැඳැවිණි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය, එහි සභාපති, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ තෙවැනි ලේකම් නිලෝමි කන්නන්ගර, එම තානාපති කාර්යාලයයේ සුරක්ෂා නිවසේ පාලිකා ෂමීරා නිලක්ෂණී, ළමා හා කාන්තා කාර්යංශයේ සහකාර පොලිස් අධිකාරිනී ලංකා රාජිනී සහ නීතිපති ඇතුළු 11 දෙනෙක් වගඋත්තරකරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

වගඋත්තරකරුවන් විසින් තමන්ට ජීවත්වීමේ අයිතිය සහ නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකිලි ලැබීමේ අයිතිය කඩ කර ඇති නිසා පෙත්සම විභාගයට ගන්නා ලෙස ද, අදාළ තානාපති නිලධාරීන්ට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වීමට නියෝග කරන ලෙස ද ඇය අධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.



අදහස් (0)

ඕමාන් ගබ්සා සිද්ධිය සලකා බැලීම සැප්තැම්බරයේ

දේදුනු Wednesday, 24 June 2015 01:00 AM

ඒ දවස් වල අපි දැක්කනේ තිබුනු දේශපාලන හයියත් අරගෙන මේ නිලධාරින් මාධ්‍ය සංදර්ශන වල රඟපාපු හැටි අර කාන්තාවට ගරහමින්. බලන් ඉන්නේ මොකද වෙන්නේ කියලා. (නදී)

:       0       0

ලලිත් Wednesday, 24 June 2015 01:22 AM

වන්දිය ගෙවන්න තමයි බැරි. නමුත් පත්තරවල පළවුණානේ මේ කියන ආයතන වල විවෘත කිරීම් වගේ දේවල් වලටත් ලක්ෂ ගණන් වැයවුණ හැටි. (නි)

:       0       0

අචිනි Wednesday, 24 June 2015 01:28 AM

ඇමතිතුමියනි, ඔබත් කාන්තාවක් නිසා මේ ගැන වඩාත් සංවේදීව බලන්න. ඔබ ආයතනයේ මෙයට සම්බන්ධ හා වගකිවයුතු අය වගකීම් පැහැරහැර ඇද්ද, හාම්පුතුන්ට උදව් කර ඇද්ද යන්න සොයාබලන්න. නැවත මෙවැනි දේ වීමට ඇති ඉඩකඩ වසාලන්න. (නි)

:       0       0

විජයබාහු Tuesday, 23 June 2015 12:53 PM

වැඩේ හොඳයි ඇයි දන්නේ නැ ඡන්දෙ කිට්ටු වෙනකන් තියාගත්තේ.? (ර)

:       0       0

නිල්මිණී Wednesday, 24 June 2015 11:14 AM

වෙලාවට දඬුවම ලබෙයි. බලාගෙන ඉන්න තියෙන්නේ. (ර)

:       0       0

ද සිල්වා Tuesday, 23 June 2015 02:01 PM

උනුත් එකයි, මුනුත් එකයි දැන්වත් ගෑනු ගෘහ සේවිකාවන් වශයෙන් මැද පෙරදිග යැවීම නවත්තපල්ලා (නදී)

:       0       0

නිවන්තක Wednesday, 24 June 2015 04:29 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිමාෂා Tuesday, 23 June 2015 03:38 PM

මේ හෙළිදරව් වූ එක සිද්ධියක් විතරයි. මැද පෙරදිග කාන්තා ඛේදවාචකය හරිම සෝචනීයයි. මේවා බලන අය තේරුම් ගතයුතු වැදගත් දෙයක් තියෙනවා. එනම් ඔවුන් හම්බකරන විදේශ විනිමය තමන්ගේ ලේ වලටත් වඩා පරිස්සමින් ආරක්ෂා කළ යුතු බවයි. (බ)

:       0       0

ද සිල්වා Tuesday, 23 June 2015 08:06 PM

ඉස්සර මේ ගැන කතා කරන්න රන්ජන් රාමනායක හිටියා. දැන් එයාටත් වැඩ වැඩි ඇති. ඒක නිසා වෙන්න ඇති මේ දවස්වල එයත් නිහඬ (නි)

:       0       0

ප්‍රියා Tuesday, 23 June 2015 08:33 PM

තමුන් ආදරය කරන ගැහැණිය හෝ පිරිමියා මැදපෙරදිග යවන්න එපා. තමුන් නොදන්නා ලෝකයක් මෙහෙ තියෙන්නේ. බදින්න පොරොන්න්දු වෙලා එන අය මෙහෙ ගැහැණු තියාගෙන ඉන්නවා. ඒ නිසා පාරේ හිඟාකෑවත් තමුන් ආදරය කරන අය රට යවන්න එපා (නි)

:       0       0

සත්‍යා Wednesday, 24 June 2015 09:09 PM

වෛද්‍ය වාර්තා වලට වැඩි දෙයක් තියෙනවද? සිද්දිය වෙලා ඇයි මේ ගැණු කෙනා නිහඩව ගොඩාක් කල් ඉඳල තියෙන්නේ? කව්රු මොනවා කිව්වත් සත්‍ය ජය ගන්නවාමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site