ඕමානයේ රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක ඕමාන් හාම්පුතා අතින් අතවරයකට ලක්වීමෙන් පසු ඇයට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පත් කළ කමිටුව හමුවට ඕමානයේ හිටපු තානාපති අශෝක ගිරිහාගම මහතා අද (15) කැඳවා තිබුණත් ඔහු එහි නොපැමිණි බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ ආරංචි කියයි.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ නිලධාරියකු, විදේශ අමාත්‍යංශයේ නිලධාරිනියක සහ සහකාර පොලිස් අධිකාරීවරියක එම කමිටුවේ සාමාජිකයන් ලෙස පත් කර ඇත.
එම කමිටුව සති දෙකකට පමණ පෙර ඒ ගැන විමර්ශනයට ඕමානයට ද ගියේය.
ඕමානයේ දූෂණ හා ගබ්සා සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන් ද එම කමිටුව හමුවට කැඳවා තිබුණත් කිසිම මාධ්‍යවේදියකු සහභාගී වී තිබුණේ නැත.
ඕමානයේ හිටපු තානාපති අශෝක ගිරිහාගම මහතාට ද අද (15) උදේ එම කමිටුව හමුවේ ප්‍රකාශ දෙන ලෙස දන්වා තිබුණ ද ඒ මහතා සහභාගී වී නොතිබිණි.
විදේශ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසුවේ තානාපතිවරයකු එවන් කමිටුවක් හමුවට කැඳවීම වැරදි පූර්වාදර්ශයක් බවයි.
මේ අතර එම කමිටුවේ සාමාජිකයකු ප්‍රශ්නයට මැදිවී සිටින කාන්තාවගේ සැමියා කැඳවා ඔහුට ලියුම් දුන්නේ කවුරුන්ද යන්නත්, සිද්ධිය ගැන පැමිණිලි කිරීමට මානව හිමිකම් කොමිසමට යෑමට පාර කිව්වේ කවුරුන්ද යන්නත් විමසූ බව සැමියා කියයි.
විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිශ්ශංඛ එන් විජේරත්න මහතාගෙන් මේ ගැන විමසූ විට තවම පරීක්ෂණය අවසන්ව නැති නිසා තොරතුරු කිව නොහැකියැයි කියා දුරකතනය විසන්ධි කළේය.
මේ ගැන විමසීමට විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ක්ෂෙණුකා සෙනවිරත්න මහත්මිය සම්බන්ධ කර ගැනීමට කිහිපවිටක්ම උත්සාහ කළත් නොහැකි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයෙක් උඩින්ම ඇති ප්‍රශ්නය යටපත් කරගෙන. ඇත්ත ඒක තමයි. (නදී)
සුරක්ෂා නිවසට ආරක්ෂාව පතා ආ මෙම කාන්තාව එහි ආ විගසම ඕමාන හාම්පුතාගෙන් වු අතවරය ගැන එහි නිලධාරීන්ට කියා ඇතත් ඔවුන් පොලිසියට පැමිණිලි නොකොට වෛද්‍ය පරික්ෂන සදහා ගෙන ගොස් තිබුනා. ඒ නිලධාරීන් එදා ඒ කරපු වැරද්ද නිසා තමයි මේ ප්‍රශ්නය දුර දිග ගියේ. ඇයි එහි නිලධාරීන්ට විරුද්ධව විනය පරික්ෂණ නොතියා තානාපතිවරයා පමණක් මාරු කළේ? (නදී)
සහකාර පොලිස් අධිකාරීවරියක් අරගෙන ගියේ පොලිස් පරික්ෂණයක් කරන්නද එහෙම නැත්නම් ඇගේ නම විකුණා මේ සිද්ධිය වහන්නද? මේ සිද්ධිය දන්නා අය ලංකාවට ඇවිත් ඇති නිසා කවදා හෝ මෙම කාන්තාව මෙරටට පැමිණි දාට ඇගේ සැමියාට ඇත්ත කියාවි. සුරක්ෂා නිවසේ ඉන්න තාක් ඇය ඇත්ත නොකියනු ඇත. පොලිස් තුමා ඕමානයට යාමට සහකාරපොලිස් අධිකාරීවරියට අවසර දුන්නේ මොන පදනමක් යටතේ දැයි මට ප්‍රශ්ණයක් ඇත. (නදී)
අශෝක ගිරිහාගම මහතාගේ ස්ථාවරය හරි. මේ කමිටුව කුමක් උවත් ඔහු රට නියෝජනය කළ තානාපතිවරයෙක්. තනතුර හැර දා ගියත් එය හෑල්ලුවට ලක් නොකළ යුතුය. රාජ්‍ය සේවය ගරුත්වය නොකෙලසා ඔබ ගත් තීරණය අප අගය කරමි. ඔය ස්ථාවරයේම ඔබ රැදී සිටින්න. අප ඔබ සමගයි. ඔබට කළ වරදට ඔවුන්ට දෙවියන් දඩුවම් දෙනු ඇත. (නදී)
ඔය සිද්දිය සත්‍ය සිද්දියක් නිසා තමයි පරික්ෂණය ආරම්භ කරපු තානාපති තුමාව ලංකාවට ගෙන්නුවේ. හරියට කරන්න ගිය පරික්ෂණය නතර කරන්නයි ඔහුව ගෙන්නුවේ. දැන් කෝ ඒ වාර්ථා? දැන් තානාපති තුමාට නොයෙකුත් දේවල් කියල මඩගහනවා. (නදී)
මොනවා වෙන්නද සිද්දිය යටගහන්න උත්සහ කරනවා මිසක්. (නදී)
සුරක්ෂා නිවාසයේ උන සිදුවීම වැරදියි කාන්තාව ගැබ් අරගෙන කිවම ඉස්සෙල්ලම කරන්න තිබුනේ පොලිසියේ අැන්ට්‍රියක් දාන එකනේ. පොලිසියෙන් නේ වෛද්‍ය වාර්තාවක් ගන්න හොස්පිටල් යවන්නේ. එම්බසිය කලේ පොලිසියට නොගොස් වෛද්‍ය වාර්තාව ගන්න යැවීම. ඇතුලේ හිතන්න දේවල් බොහොමයි. එහෙම කරපු නිලධාරීන්ට විරුද්ධව කමිටු පත් නොකර මොනවද මේ කරන විකාර. (නදී)
කමිටු පත්කළේ ඩි.එන්.ඒ පරික්ෂනයකටද ? කමිටු වලින් වැඩක් තියනවද ? (නදී)
ලඟදි තීන්ත නාපු ඇමති තුමා ගෙන් ඇහුවා නම් ඕකේ ඇත්ත දැනගන්න පුළුවන් වේවි. මොනවා නමුත් විදේශ සේවා නියුක්තියේ වැඩ ගැන ජනාදිපති තුමා බැලුවොත් හොඳයි. උෟව ඡන්දෙ කියල බලන් හිටියොත් ඔබ තුමාගේ නම තමයි වැනසෙන්නේ. විදේශ සේවයේ ඉන්න සනුහරේ ගැනත් පොඩ්ඩක් බලන්න මොකද ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික විශ්වාසයත් බල්ලට ගිහින්. දේශපාලන අතකොලු නිසා ලංකාව ගණන් ගන්නේ නැහැ (නදී) i
නියම කමිටුවක්... මානව හිමිකම් කොමිසමට යන පාර කී කෙනාද දැන් වරදකරු? ඒ නිසාද කමිටුවට පාර කී කෙනා ගැන සොයන්නේ? (නි)
ඔහු ආවේ නැත්තේ මොකද කියන දේ හොඳට පැහැදිලි වන්නේ කාන්තාවගේ ස්වාමියා කෙළින්ම මානව හිමිකම් සංවිධානය හරහා පරීක්ෂණයක් කිරීමේ හේතුවෙනි. එහි වරදක් තිබේද? ඔහු දන්නවා අපේ නිලධාරීන්ට මේවා කිවුවට වැඩක් නොවන බව. (නි)
අසෝක ගිරිහාගම මහතා රාජ්‍යය සේවය හරියට කළ තානාපති කෙනෙක් වශයෙන් මනා පළපුරුද්දක් ඇති බුද්ධිමත් රාජ්‍යය සේවකයෙක්. කණගාටුයි සිදුවුණ සිද්ධියට (නි)
මැද පෙරදිග අපේ කාන්තාවන්ට අපායක්. මේකෙන් මුදල් හම්බ කරන අයට ඒක රන් ආකරයක්. (නි)
හැමතැනම වංචාව, බොරුව, දුෂණය රජකරනවා. අපිට ගිය කලක්. (නි)
අසෝක ගිරිහාගම තානාපතිතුමා ,අසරණ මිනිසුන්ට තමන්ගේ ප්‍රශ්න කරුණාවෙන් විසදලා දෙන්න අහිංසක උත්සාහයක් ගත් කෙනෙක්. මහත්මා ගතිය තියලා වැඩ කළා. අපිට හරි දුකයි එතුමා මෙහෙන් ගිය එකට. (නි)
මොනවා වුණත් අන්තිමේදී අසාධාරණයක් වුණේ අර අහිංසක කාන්තාවට (නි)
ඔය මොනදේටත් වැඩිය හොඳ නැද්ද ඉහළ වගකිවයුත්තන් දැනුවත් කර එම කාන්තාව ලංකාවට ගෙන්වාගන්න එක? (නි)
ඇමතිතුමා තවම නිදාගෙන ඉන්නවා වෙන්නැති වංක නිලදාරීන් රජ කරන්නේ (නදී)
කොහොමත් ඕව යට ගහනවා. (දී)
මට පිස්සු වගේ මේ දේවල් ඇහෙනකොට (දී)
තානාපති පත්කරන්නෙ රජයෙන් එහෙනම් ඔහු නියෝජනය කරන්නෙ රජයේ කල්කිරියාව කකුලුව යන්නේ හරහට නම් කකුල් පැටව් කෙලින්යාද (නදී)
මෙතන මොකක් නමුත් සිද්ධ වෙනවා වගේ. (නදී)