හදිසි අවස්ථාවකදී අදාල සියලු පාර්ශවකරුවන්ගේ සන්නිවේදන ගලායාම සහ වේගය ඇගයීමට ලක් කිරීම සඳහා ඕමාන් ගුවන්සේවය අද (18) උදේ 11ට හදිසි ප්‍රතිචාර නිවේදන අභ්‍යාසයක් දුරකථන මාර්ග ඔස්සේ ක්‍රියාත්මක කළේය.
මෙම ක්‍රියාවලිය ගුවන් සේවා කර්මාන්තයේ සාමාන්‍ය ඇබෑසියක් වන අතර මෙය ක්‍රියාත්මක කරනුයේ සියලු සන්නිවේදන නාළිකා ඵලදායී බව සහතික කිරීම සඳහා බවත් මෙම පුහුණුව හදිසි ප්‍රතිචාර සැලසුම් ක්‍රියාවලියක අනුකලන කොටසක් වන අතර අවශ්‍ය පියවර ගැනීම උදෙසා අදාල පුද්ගලයන් වහාම දැනුම්වත් කෙරෙන බව සහතික කරගැනීම පිණිස සිදුකරන ලද්දක් බවත් එම ගුවන් සේවය කියයි.
කිසිදු ආකාරයක සැබෑ හදිසි තත්ත්වයක් උද්ගත නොවූ බවත් මෙය සම්මත හදිසි ප්‍රතිචාර ආදර්ශනයකට අනුව දුරකථන මාර්ග ඔස්සේ සිදුකරන ලද නිවේදන අභ්‍යාසයක් බවත් එම ගුවන් සේවය අවධාරණය කරයි.
ඕමාන් යානයක් පෙරහුරු ඇබැසීයක: 'කටුනායක සියල්ල සීරුවෙන්' 12.18
ඕමාන් ගුවන් සේවයේ යානයක් මගීන් ද සමග අද (18) පෙරවරු 11.12ට කටුනායක ගුවන්තොටුපළට හදිසියේ ගොඩබෑමත් සමග අවට පොලිසි ගුවන් හමුදා හා රෝහල් හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානමින් තබා ඇත.
ඕමාන් යානය නිරුපද්‍රිතව ගොඩබා ඇතැයි ද එසේ කළේ වාර්ෂික පෙරහුරු අභ්‍යාසයක් ලෙසැයි ද ඕමාන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගීන් එකකත් සෙල්ලම් කරනවද පෙරහුරු වලදී ? (අ)
අපි මේ ගංවතුරෙන් හෙම්බත් වෙලා ඉන්න වෙලාවේ මෙයාල පෙරහුරු කරන්න එනවා. (අ)
පෙර දෙනුම්දීමක් නොදීම බරපතල වරදක්. (ර)
රැව්ල පත්තු වෙලා තියන වෙලාවෙ ඔයාල සුරුට්ටු පත්තු කරන්න ආවද? (ර)
මෙය ශ්‍රීලන්කන් ගුවන් සේවය සමග එක්වීමට කරපු පෙරහුරු ඇබැසීයක් වෙන්නත් බැරි නැහැ.(ර)
ඔය ඇබෑසි වලට සුදුසු වෙලාවක් නෙමේ මේ වෙලාව (අ)
මෙහෙම වෙලාවක ඔහොම දෙයකේ කරන එක වැරදි(අ)
ඉතා හොඳ දෙයක්. (අ)
මේ වගේ වෙලාවට තමා කරන්න ඕනේ. එතකොට තමා අපේ සුදානම පෙන්වන්න පුළුවන්. කරදර එනකොට දැනුම් දීල එන්නේ නැ. (බ)
හදිසි අවස්ථාවකදී අදාල සියලු පාර්ශවකරුවන්ගේ සන්නිවේදන ගලායාම (Call Tree) . මෙය සාමාන්‍ය ආපදා කළමණාකරණ ඇබෑසියක්. (ර)
ඕමාන් එයාර් දිනෙන් දින දියුණුවන ගුවන් සේවයක්. අපේ ශ්‍රී ලන්කන් එක එය සමග තරඟ නොකර මස්කට්- කොළඹ සේවයෙන් ඉවත්වීම අපරාධයක්. 'හිමින් ලංකා' එකට එය සමඟ තරඟ කරන්න බැහැ. (නි)
ගුවනින් යන ඔවුන්ගේ මෙම කාර්යය මම ඉතාමත් අගය කරමි. සතුටුවෙමි (නි)
ඇබෑසිය සාර්ථක වීමට සන්නිවේදනය විනාඩි විස්සකින් සියලුම පාර්ශවකරුවන් වෙත ගලායායුතුය. පාර්ශවකරුවන් ගණන දහයක් හෝ දහසක් විය හැකිය. Call Tree cascade structure සැදීම තුලින් විනාඩි විස්සේ පරාසය ළඟාකර ගත හැක. අප ආයතනයේ (ලංකාවේ) නම් මෙය සාමාන්‍ය දෙයකි. ආපදා කළමණාකරණ සිද්දාන්ත කියවන්න. (ර)