මහාචාර්ය කාලෝ ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ මාමා කෙනෙකි. වැඩි දෙනකුගේ කතාබහට ලක්ව ඇති මූල්‍ය අපරාධ කොට්ඨාසය පිහිටුවීම ගැන රංජන් ඉන්නේ සතුටෙන් වුවත් කාලෝ ඉන්නේ එතරම් සතුටින් නොවේ. එය විසිරුවා හරින්නැයි ඉල්ලමින් ෆොන්සේකා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය.
කාලෝ මාමා ගැන රංජන් කඩවත පැත්තේ ජනහමුවකදී කීවේය. රංජන් කාලෝ මාමාට කියාදුන් පාඩම මාල කඩාගෙන පැනපු බව කියන කොල්ලකු ගැන කියන කතාව පහත වීඩියෝවෙන්...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ දෙන්නා තරහාවෙයිද? (නි)
කාලෝ ඉස්සර රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව රට පුරා ගියා. අපිත් අහන්න ගියා. පස්සේ ඒක ආණ්ඩුවට ගත්තහම ඒකේ පළවැනි පීඨාධිපති (ඩීන්) වුණා. දැන් එයාම මහින්ද ආණ්ඩුව කාලේ දැම්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉන්නවා. ඔන්න ප්‍රතිපත්ති. (නි)
කාලෝ ෆොන්සේකාට මමත් ඉස්සර නම් ගරුකළා. ඒත් එතුමා දැන් කොහේ යනවද කියලා දෙයියෝ තමයි දන්නේ. (නි)
මීට වඩා නරකද පශු සම්පත් ඇමති විදිහට ඒ පැත්තට වැඩක් වෙන දෙයක් ගැන හොයලා බැලුවා නම්. (නි)
කාලෝ කවුද මෙයා කවුද කියල රටම දන්නවා. මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න එපා.(ම)
මාමාගේ නම බෑණා කයි වගේ... (නි)
නළුවෙකුගේ අනුන්ගේ දෙබස්. (ස)
මේ වගේ අය ඉන්දියාවේ ගොඩක් ඉන්නවා... ඒ අයට කියන්නේ ........ ගොඩක් අය පිළිතුර දන්නවා...(ම)
එඩිතර කතාවක් .ජයවේවා ! (බ)
ලංකාවේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ කියලා එයා විතරයි දන්නේ. මිනිස්සුන්ට 2005ට කලින් දේවලුත් මතකයි පුතේ (බ)
ඇත්ත වශයෙන් අපේ කාර්ලෝ මාමා දැන් අසූව පැනල කරන පිස්සු දැක්කම නෑයෝ හැටියට මාවත් ඔල්මොරොන්දම් වෙනවා. හොරු අල්ලන යාන්ත්‍රණේ එපා කියන එකා පිස්සෙක්. මාමාව අංගොඩ දාන්නත් බෑ. එතන එවුන්ට පිස්සු ඩබල් වෙන නිසා. රන්ජන් මල්ලි මාමා කියන පිස්සු කතා ගනන්ගන්න එපා. (ස)
මා දන්නා විදිහට නම් අනිත් අය කියපු නිසා පැමිණිලි දාන්න යන නුල් වලින් ගැට ගැසූ රුකඩ චරිතයක් තියෙන කෙනෙක් නොවෙයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ. (ම)
මෙතුමාගේ බුද්ධිය ගැන පැහැදුනා.. වගකිව යුත්තෝ.. වගකිව යුතු අමාත්‍යාංශයක් මෙතුමාට භාරදීලා තියනවා.(හේ)
පව් අප්පා, (හේ)
ලබන පාර නළු බට්ටන්ට. නිළියනට. ක්‍රීඩකයන්ට. කුඩ්ඩන්ට තැබෑරුම්කරයන්ට ඡන්දේ දෙන්න එපෝ. (හේ)
මෙයාගේ ෆිල්ම් බැලුවම මට නම් හිතෙන්නේ ඇයි මෙයා යුද්දෙට ගියේ නැත්තේ හරි අපරාදයක්නේ කියල..වන් ෂොට් (බ)
ගණන් ගන්න එපා නිදාගෙ ඉදල ඇහැරුනා ගමන් චිත්‍රපටි වල දෙබස් කියනවා. (ම)
ඇමති තුමෝ කේප්ප වස්සෝ වස්සියෝ ටික එලියට බැහැල ඇමතිතුමාව හොයනවා දවස් 150 ට අපිට මොනවද කළේ කියල අහල...අහු උනොත් වැඩ හමාරයි..වන් ෂොට් ම තමයි. (බ)
ඇමතිතුමෝ එන ආත්මෙවත් හොද මොලයක් ලැබෙන්න කියා පැතුවොත් නරකද ? (බ)
" පැත්ත ගියත් ඇත්ත කියන " ගරු රන්ජන් රාමනායක ඇමතිතුමාට ජයවේවා! අපේ පිවිතුරු යහපාල මහතාට සුදුසුම තනතුර කුමක්ද යන්න කියන්න පුළුවන් කාටද? (ම)
මෙයා නම් සුපිරිම නළුවෙක්. (නි)
මාමත් එක්ක රණ්ඩුවට යනවා එහෙම නෙමෙයි හොඳේ! (නි)
මොනවා වුනත් රනිල් මහත්තය සුදුස්සාට සුදුසු අමාත්යංශය දීල තියෙනවා.(බ)
නළුවෙක් වුණත් තම ජීවිතය ගැන නොසිතා පසුගිය කාලයේ ඔබතුමා කුඩු කාරයන්ට හොරුන්ට පාර්ලිමේන්තුව තුළ බව දුන් හැටි නිසා තමා මේ ආණ්ඩුව බලයට ආවේ නැතුව ඔය දැන් ඉන්න කැබිනට් ඇමතිලා වගේ මහින්ද පසුපස ගිය අය නිසා නොවේ (ම)
ආ... රන්ජන් අයියේ, ඉතින් කොහොමද? (නි)
යහපාල, හොඳට අහන්න මොනවද රන්ජන් මේ කියන්නේ කියලා.යහපාලට බුද්ධිය පහළවෙනවා නම් මේ කතාවම ඇති.(නි)
"පාර්ලිමන්ට් ජෝක්ස්" (නි)
වයසට යනකොට මිනිසුන්ගේ මානසික මට්ටම අඩුවෙනවා. සිහිය විකල් වෙනවා. අපේ රටේ ඒ වගේ තුන්දෙනෙක් ඉන්නවා. (නි)
අනේ අනේ මෙහෙමත් දේවල්? (නි)