මහින්ද රාජපක්ෂ ජනපති හෝ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ කිසිවකු ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට ගෙන යාමට ඉඩ නොදෙන බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
දෙමළ ඩයස්පෝරාව මොනවා කිව්වත් එවැනි දේකට ඉඩ නොතබන බවත් ඔහු කීවේය.
‘ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්,සීගීරි ගලෙත්,සමනල කන්දෙත්, සිංහරාජෙත්,බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට් මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.එතෙක් ඕනෑ තැනක පෝස්ටර් කටවුට් ගහගන්න.මා දැක්කා බෝක්කුවකත් කටවුට් ගහලා තියෙනවා.හැබැයි ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි.‘





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරන/බන්දුල පෙරේරා එක කියල රටම එක පවුලකට හුරාගෙනම කන්න බාර දෙන්නද කියන්නේ? (අ)
අපොයි ඔව් බණ්ඩාර මේ ගෙන යන බුද්ධිමත් ක්‍රමයට මල් තියල අපි වඳින්න ඕනා. කියන්නකෝ පරිපාලක බුද්ධිමතුන් කී දෙනෙක් ඉන්නවද කියලා. අට පාස් බෙලෙක් කටවල් ටිකක් හරිම බුද්ධිමත් වැකි කියවනවා අපිට ඇහෙනවා. (නදී)
චීන විසාල නැව් 35 කින් අපේ කොඩිය ගහගෙන ඇවිත් අපේ රටේ දරුවන්ට කන්න තියෙන මාළු ටික සුද්ද කරගෙනම චීනෙට අරන් යනවා.(අ).
4 වෙනි ෆොටෝ එකේ අතුරලියේ රතන හාමුදුරුවෝ අතේ තියන් ඉන්න පුවත් පතේ තිබෙන ප්‍රතිපලයට වඩා හොද ප්‍රතිපලයක් ලැබෙනවා.ඉර හද වගේ විස්වාසයි. (අ)
බණ්ඩාර අර දන්සල වැඳලා වෙන්න ඇති සභාවට ආවේ. ඒ නිසා අපි කෑවත් නොකෑවත් ඔබතුමාට ප්‍රශ්නයක් නැහැ. (ස)
ඇත්තටම මේක "මානුෂිය මෙහෙයුමක්" කිව්වොත් නිවැරදියි. (අ)
මටනම් මහින්ද දිනනවා කියලා හොදටම විශ්වාසයි.....මට උවමනා ඔය පැනපු අයට ඡන්දෙන් පස්සෙ මොනවාද වෙන්නේ කියල දැනගන්න (අ)
රට කන හොරුන්ට අපෙන් සමාවක් නැත ඉදිරියේදී වෙනසක් වෙනවාමයි.(හේ)
රටේ මිනිසුන්ට කන්න අදින්න සල්ලි නැහැ.හෙට දවසේකොහොමද දරුවන්ට කන්න දෙන්නේ කියල අපි කල්පනා කරනවා.රටේ අස්සක් මුල්ලක් නෑර කටවුට් ගහන්නම කෝටි ප්‍රකෝටි ගණනින් වියදම් කරනවා.ඒකම ඇති මොලේතිබෙන ඕනෑම මෝඩයකුට වුනත් තේරුම් ගන්න. (අ)
කටෙවුට් නොවෙයි මොනවා හරි බඩු වල ගාන එහෙම අඩු වෙන්නේ නැද්ද ? (අ)
දේශපාලන පොරපිටියේ අද තත්ත්වය ගැන ඔය පින්තුරේ තියෙන රාවය පත්තරෙන්ම පෙන්නෙ..සත්‍යය ජය ගනු ඇත. (අ)
කෙලෙහිගුණ නොදත් මින්සා ඉක්මනටම බිම වැටේ (ස)
පුළුවන් නම් පත්ත්රිප්පුවෙත් කටවුට් ගහවි. ඒ තරම් බල තණ්හාවක් ඇවිල්ල තියෙන්නේ. (ස)
මහින්ද මෙවරත් ඉහලින්ම ජයගන්නවා .මෙයා හදන්නේ බංකොලොත් විපක්ෂයට හුලන් ගහන්ට.ඇඟිල්ලේ තරමට ඉදිමෙන්නට ඕන (අ)
රතන හාමදුරුවන්ට පිවිතුරු හෙටක් දකින්න පුළුවන් වේවි යන විදියටනම් අපායේදී මේ කට්ටියත් එක්ක. 9 වෙනිදායින් පස්සේ ඔය ඔක්කොටොම දේශපාලන කටුගෙට තමයි යන්න වෙන්නේ නනන්ත්තාර දේශපාලනේට උරුම වෙන..එකේ සිරිසේන මහත්තයාගේ පින්තුරේ යටින් තණ්හාය ජයතී සෝකෝ කියල ලියවිලා තියේවි..රතන හාමදුරුවන්ගේ පින්තුරේ යටින් අහෝ දෙව්දත් නොදුටි මොක්පුර කියල ලියවිලා තියේවි..(ස)
වසන්ත කරුණාකර ඔබේ වචන සැලකිල්ලෙන් පාවිච්චි කරන්න. ඔබ කාවද මේ බුදු හාමුදුරුවන්ට සමාන කරන්න යන්නේ. ? මෝඩ උපමා ගෙනැල්ල මෙතන සංවාදය වන කරන්න එපා. බලනකොට බන්දුල පෙරේරාට ඔබට වැඩිය මොලය තියනව. (ස)
අනේ අප්පේ සමහරුන්ට එක පවුලකට කඹුරන්න තියන ආසාව ! (අ)
රට යන මේ ගමන ආපස්සට හරවන්න දෙන්න බෑ. මහින්ද අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවිය යුතුයි. නැතිනම් ලොකු මෝඩකමක් වේවි. (අ)
බංකොලොත් විපක්ෂය නෙවෙයි කුමාර , නෑයින්ගේ පක්ෂයට අඩ තියන තමුන්නැහේ ලා ! (අ)
දිනයි පවුල් සංස්ථාව ! ඔය වටේට කැරකෙන නිලමස්සන්ට ඉතින් වෙන්නේ ඉඳුල් වලඳන්න තමයි. (අ)
මහින්ද ජනාධිපතිතුමා ඉතා හොඳ පුද්ගයෙක්. ඒත් ඔබතුමා සිංගප්පූරුවේ ලී ක්වාං යූ ගෙන් සහ මලයාසියාවේ මහතීර් මොහොමඩ් ගෙන් වෙනස් වෙන්නේ දූෂණයත්, බලයත් කරපින්නා ගත්තු සඟයන් නිසා. රට දියුණු කරන්නනම් ඡන්ද මොකට ද ? ඥාති සංග්‍රහය හා දූෂණය නවත්වා අවුරුදු 30ක් වුවත් රට පාලනය කරන්න. (ස)
අනේ බන්දුල තණ්හාව වැඩිය පිහිටන්නේ දෙපාරක් බලයට පත් වෙලාත් මදි වුන කෙනාට නෙවෙයි ද ? මේ ගිය උදවිය නෙවෙයි අඩු ගානේ පක්ෂයේ වෙනත් කෙනෙකුට වත් ඉඩ දුන්නද ? අපෙන් මොනවත් තණ්හාව ගැන අහ ගන්න එපා. (ස)
කුමාරන එතකොට දුටුගැමුණු රජ්ජුරුවෝ අපේ ඉතිහාසයේ නැද්ද දැන් ? කවුද මේ සදාකාලික වීරයා ? (නදී)
මම දාන කමෙන්ට් වාරණය කරන්නේ ඇයි? (ස)
අපිට නම් වැදගත් රටේ අනාගතය මිසක් එක එක්කෙනාට පුද්ගලික මට්ටමෙන් වුණ ද්‍රෝහිකම් නෙමෙයි. (නි)
නිකම් මෝඩ කතා කියන්න එපා කුමාරන. ආත්මය කිලිටි කරගන්න මොකෝ එතන දේවාලයක් ද ? (නදී)
කව්රු උඩ පැන්නත් දිනන්නේ මහින්ද මහත්තයා. (නදී)
කරුනාජිව මහත්තයට ලියන්න වෙන්නේ කාලගුණ දත්ත අවංකව තමන් උපන් බිමට තමන්ගේ ජාතියට ආගමට ආදරය කරපු මනුස්සයෙකුගේ පැතුම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොදින් ඉෂ්ට වුනා කියල තමයි..කෝ කරුනාජිව මහත්තයෝ ..නිකන් සෝඩා බෝතලේ කැඩුව වගේනේ..තාම අර ආපු හය හත් දෙනා විතරයිනේ.. (ස)
ඇත්තටම ජනතා සේවය කරන්න ඔයතරම් මුදල් නාස්ති කරන්න ඕනෑද? (නි)
කුමාරන, හොරකමට, දූෂනයට, භීෂනයට, මැරකමට විරුද්ධ වීම යනු අසහාය නයෙකයකුට ද්‍රෝහිවීමක් වන්නේ කෙසේද? (නදී)
අනුන්ට මඩ පෝස්ටර් වලටත් සෑහෙන ගානක් වියදම් කරනවා වගේ. (නදී)
බන්දුල පෙරේරා, එතකොට 9 වෙනිදායින් පස්සේ එසැණහි ඔහේගේ නම යටින් අපි මොකද්ද ලියන්නේ ? (ස)
කුමාරණට හොඳ සිහිය එනකොට බොහොම පරක්කු වැඩියි. (නදී)
ඔය පෝස්ටේර් ගහන පාන්පිටි ටික ජනතාවට කෑමට ලබා දෙන්න. (නදී)
අපි මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙනවා .... කවුරු මොනවා දෙඩුවත් (ස)
පොදු අපේක්ෂකයාට ඉතා පහත විදියේ මඩ පෝස්ටරයක් උතුරේ අලවලා කියල අපිට ආරංචියි. (නදී)
දුටුගැමුණු රජතුමා අපි දැකල නැති උනත් එයා අපේ හදවතේ තවම ඉන්නවා. ඒ මොකද සොලීන්ගෙන් රට බේරාගත්තු හින්දා. ඒ වගේම මහින්ද (තනිවම යුද්දේ දින්නේ නැති උනත්) ඉතිහාසයට එකතු වෙයි. ඕනනම් අපි පිලිමයකුත් හදමු. හැබැයි රට බේරගත්ත කියල තමන්ට ඕන විදියට රට පාලනය කරන්න යනවා නම් අපි ඔහුව ප්‍රතික්ෂේප කරන්න ඕනේ. හැබැයි යුධ ජයග්‍රහණය හැමදාම විකුණගෙන කන්න බැහැ. රට බේරගත්තට මදි යහ පාලනයකට ගේන්න ඕනා. ඔහුව විනාශ කරන්නේ පාප මිත්‍රයින් ලෙස සිටිනා ඇමතිවරුන් කිහිප දෙනෙකු විසිනි. (නදී)
අපිට මේ රටේ ජීවත් වීමට වාසනාව අරගෙන දීපු නායකයට විරුද්ධව යන සියලු දෙනාට සොභාදහම දඩුවම් කරයි. (අ)
ගසා කෑමට, නාස්තියට අසාධාරණයට විරුද්ධ වුනා නම් එයා ද්‍රෝහියා. මේක රටකට පොදු කාරනාවක් ගැනද එහෙම නැතිනම් පුද්ගලයෙකුට තිබෙන පක්ෂපාති භාවය ගැන ප්‍රශ්නයක්ද ? (නදී)
කටවුට් වලට වඩා මේ පාර වියදම මඩ පෝස්ටර් වලට බව පේනවා. (නදී)
කුමාරනගේ ප්‍රකාශයට මාගේ ප්‍රණාමය (නදී)
හැම එකටම එහෙයි කියන ගෝලයෝ ද කොහෙද කුමාරන කඩේ යන තැන සොයන්නේ. අසාධාරණයට විරුද්ධව වීම තමයි ද්‍රෝහී කම (නදී)
මෙතැන් වෙලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා කියල කෙනෙක් හිටිය කියල සමහරුන්ට මතක නැති එක. (නදී)
පුද්ගලිකව කෙනකුට ඔව් එහෙයි කියමින් ජීවිතාන්තය දක්වා කඹුරන්න ඕන කියල කොහෙද කියල තියෙන්නේ කුමාරන ? (නදී)
ගිය පාරත් ඔහොම ලොකු කතා කියපු අය හිටියා (නදී)
ප්‍රසාද් ගේ කුලියට කැහීම ගැන මගේ විමතිය (නදී)
දුටුගැමුණු රජතුමා සාලිය කුමාරයා රජ කමට එනකන් අල්ලන් හිටියේ නැහැනේ (නදී)
ඔබ විධායක ජනාධිපති ක්‍රමය නැතිකරලා විධායක අගමැතිකමක් ඇතිකරනවා කියන්නේ ඇත්තද? ඔබතුමා ඡන්දෙන් පස්සේ කරන්න යන්නේ ඔය විධායක කප්පාදුව විතරමද? වෙන මොකුත් සංවර්ධන වැඩ පිළිවෙලක් නැතිද? එතකොට දින සීයක්ම රටේ කිසිම සංවර්ධනයක් නැතිද? දින සීයෙන් පසුව ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය මොකක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කරන්න ලාම්පු කලගෙඩි වර්ගයේ ජනමත විචාරණයක් පවත්වනවාද? නැතිනම් ඔබ ඇතුළු මුළු පාර්ලිමේන්තුවම ඉවත් වෙලා මහමැතිවරණයක් පවත්වනවාද? ඔබතුමා ජනතා ඡන්දය ඉල්ලන්නේ ඔබ සතු සංවර්ධන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නද? නැතිනම් රනිල් රජයේ සංවර්ධන වැඩ පිලිවෙලකටද? උතුරට ස්වයන් පාලනයක් දෙනවද? ඒ පළාත් සභාවලට දෙන්නේ මොන වර්ගයේ බලතලද? දැනට මහල් නිවාස ඉඳිකරන විදේශික සමාගම් වලට දෙන වර්ගයේ සහන සහ කුලී පනත් දේශීය කුලී නිවාස හිමියන්ටත් ලබා දෙමින් කුලී නිවාස පනත් සංසෝධනය කරනවද? විදේශීය සමාගම් වලට දෙන බදු සහන දේශීය ව්‍යාපාරිකයින්ටත් ලබා දෙනවද? රටේ රාජ්‍ය දේපොළ විදේශීය සමාගම් වලට විකුණනවද? නිකන්ම රූප ස්වභාවයි මිහිරි කට හඬයි අහල රටේ සහ මුළුමහත් අනාගතයම භාර දෙන්න බැහැනේ නේද? (නදී)
මෙතන ප්‍රශ්නය හැටියට සමහරු දකින්නේ පුද්ගලික පක්ෂපාති බවයි. පක්ෂපාති විය යුත්තේ රටට මිසක් තනි පුද්ගල ප්‍රතිරූපයකට නෙවෙයි යන්නයි මගේ අදහස. (නදී)
ඕවා කියනවා ඇරෙන්න වෙන මොකුත් වැඩ පිළිවෙලක් නැද්ද රටේ මිනිසුනට කරන්න (නදී)
ඔබතුම ඒ කාලේ ආණ්ඩුවේ හිටන් විපක්ෂෙට පැනපු හැටි අපි බලන් හිටියේ (නදී)
කුමරන මේ ගැන පොඩ්ඩක් හිතන්න. යුද්දය දිනුවේ ඔහු නිසාම නොවේ. ඔහු බලයට ගෙනා බලවේග. හමුදාපතිවරයා (ලෝකෙන්ම දක්ෂ යයි කියූ), ඉන්දියානු සාදකය වෙනස්වී තිබීම යන බොහෝ කාරනා එමෙන්ම ඔහුගේ දේශපාලන නායකත්වය බලපෑවා තමයි. එදා වදමාරච්චි මෙහෙයුමේදීත් යුද්දය දිනන ආසන්නයට ආවත් ඉන්දියානු සාදකය ක්‍රියාත්මක වීම නිසා නවත්වන්න වුනා. එහෙම නම් වීරයා විය යුතුව තිබුනේ කොබ්බැකඩුව ඇතුළු එදා හිටපු දේශපාලන නායකත්වයයි. අනිත් වැදගත්ම කාරණය නම් ජනතා හදේ තියනවා නම් ඔච්චර මුදල් වියදම් කරලා පාරේ කටවුට් මොකටද වදේ? (නදී)
වැඩි කතා අවශ්‍ය නැහැ..ලක්ෂ විස්සක් තියෙනවා ස්ථිර තැන්පතුවක මම විදේශගත රැකියාවෙන් උපාය ගත්තු.ඒ විස්සම ඔට්ටු අල්ලනවා මහින්ද මහත්තය වැඩි චන්ද ලක්ෂ 15 කට වැඩ බහුතරයකින් දිනනවා කියල..කවුද එන්නේ.? (ස)
ඔබතුමාට පොරොන්දුවක් දෙන්න පුළුවන් කමක් නෑනේ ඔබ දිනුවත් රට පාලනය කරන්නේ වෙන කෙනෙක්නේ නේද?(දිල්)
වැඩක් කරපු අය හොරු වෙලා වගේ නේද දැන් (දිල්)
කටොඋට් නෙමෙයි නොටොඋට් නොවී ඉන්න බලන්න. (ම)
ඕනාවට වඩා දකිද්දී, එපා වෙනවා.ඒ අදහස හරි. ඇස්දෙකෙන් කොච්චර දේවල් දැක්කත් ඡන්දෙ දෙන්න ඕන ඔලුව පාවිච්චි කරලා.(ම)
මම දේශපාන වශයෙන් මධ්‍යස්ථ මතධාරියෙක් වශයෙන් කටයුතු කරන්නේ (පාවෙන ඡන්දයක්) ඒ අවස්ථාවේ රටේ යහපත වෙනුවෙන් ඡන්දය දෙන්නේ ************************** සිදුවු සියළු සිදුවීම් අනුව රට හොද දිශාවකට යන බව පේනවා , මහින්ද , මෛයිත්‍රි යන දෙනන්ම වැදගත් පුද්ගලයෝ යුද්ධය අවසන් කිරීම සංවර්ධනය කිරීම එක්කෙනෙකුගේ උවමනාවට සිදුවු දේවල් නොවේ රටේ බදු ගෙවන සියලු දෙනාගේම මුදල් ඒ ඒ කාර්යේ දී ගෞරවය හිමිවිය යුතුයි මහින්ද දිනුවොත් ඔහුගේ ඒකාධිපති භාවය හා සහෝදර පාලනය ගැන සිතා අනෙක් මැති ඇමති වරුත් සිටිය යුතු බව අවබෝධ කරගනිමින් වැඩකටයුතු සිදු කරයි. මහින්ද හිතාගෙන හිටියේ මම තමා පොර කියලා නමුත් දැන් අනෙක් සියලු දෙනාටම වටිනාකමක් මේ සිදුවීමෙන් ලැබුනා ඒක සාධනීය පියවරක් ඒ අවස්ථාව ලබා දුන්නේ මෛත්‍රී එකට එතුමාට ගෞරවය හිමිවිය යුතුයි. ************************ මෛත්‍රි දියුවොත් රටේ යහපාලනයක් වෙනසක් සිදුවෙයි රටේ අනාගත නායකයන්ට ආදර්ශයක් ලැබේවී පාර්ලීමේන්තුව ශක්තිමත් වේවි මැති ඇමතිවරුන්ට මන්ත්‍රිවරුන්ට වටිනාකමක් ඇති වේවී කුඩු කාරයෝ අරක්කු කාරයෝ පාර්ලිමෙන්තුවෙන් තුරන් වේවී. ඔයාලා පාට කන්නාඩි ගලවලා යතාර්ථවාදීව හිතන්න අපිට වඩා සංඝරත්නයට හොදට අපේ රටේ ව්‍යවසනයන් අවබෝධ වෙනවා දැනුත් ඒකතමා වෙලා තියෙන්නේ (අ)
මේකට අදහසක් දමනවද? නැහැ ඕන නැහැ? පෝස්ටර් ගහන එක හොඳයි? කි දෙනෙක් නම් ඔය පෝස්ටර් වලින් ජිවත් වෙනවා ඇද්ද?(දිල්)
මෙහෙම ගියොත් ළලනාවන්ගේ තනියට එයාගෙ රූපයත් අන්ඳවයි. (ම)
පාප් වහන්සේත් කටවුට් වලට යොදාගත්තු එකේ, සීගිරි ගලේ නොකෙටුවොත් ඇති. (ම)
අපරාදේ කටවුට් වලට වියදම. අපිට කොහොමත් මහින්ද නිතරම මතක්වෙනවනේ. (නි)
පාලිත " පක්ෂපාති විය යුත්තේ රටට මිසක් තනි පුද්ගල ප්‍රතිරූපයකට නෙවෙයි ". අපි තරයේ විරුද්දයි ගඩාෆි කෙනෙක් බිහි වෙනවට. (ස)
මෙහෙමත් වැඩ ! (නි)
වැඩිපුර යමක් හිතන්න අවශ්‍ය නැත. ඔබ වඩා කැමති ඒකාධිපති වාදයටද? ප්‍රජාතන්ත්‍ර වාදයටද? පිළිතුර සරලයි. ඔබේ පිළිතුර අනුව අදාල පුද්ගලයට ඡන්දය ප්‍රකාශ කරන්න.(දිල්)
සීගිරි ගලටත් දෙවියන්ගේ පිහිටයි! (නි)
අදහස් වලට බන්දුල ජරාව දෙනවද (නදී)
සීගිරි ගලේ කටවුට් නම් ගහන එකක් නැහැ. නමුත් කළුගල් වලට කඩලා විකුණයි කියලා නම් සැකයක් තියනවා. (නි)
අමාරුයි තමයි. ඒ උනාට සත්‍යට මූන දෙන්න වෙනවා. දැන් වෙලාව හරි. හිත හදාගන්න බලන්න.(ම)
මට තියෙනව ප්‍රශ්නයක්, පවතින ව්‍යවස්තාව අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නම්, පාර්ලිමේන්තුවේ 2/3 ක්, ජනමත විචාරනයක් සහ සුප්‍රීම් අධිකරණයේ අනුමැතිය ලබා ගත යුතුයි. දැනට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන පක්ෂයට තමයි අගමැති කම හිමිවෙන්නේ. ජනවාරි 8 තියෙන්නේ ජනාධිපතිවරණය. පාර්ලිමේන්තුවේ වෙනසක් වෙන්නේ නැහැ. දින 100 ක් ඇතුලත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මෛත්‍රී ට පාර්ලිමේන්තුවෙ 2/3 ලබාගන්න වෙන්නේ මේ තියෙන පාර්ලිමේන්තුව ඇතුලෙන්මයි. එතකොට එයාට මේ පාර්ලිමේන්තුවේ 2/3 කැමැත්ත ගන්න පුළුවන් ද? (දැනට රනිල්ට තියෙන්නේ ආසන 43යි.) එහෙම පුළුවන් නම් එ් හැකියාවක් තියෙනව නම් ඇයි එයා පොදු අපේක්ෂක වුණේ. එයාට තිබුණා විශ්වාස භංගයක් ගෙනල්ල විධායක ජනාධිපති ඉවත් කරන්න. හරි කොහොම වුනත් දැන් වෙලා තියෙන විදියට දින 100 ක් ඇතුලත මහ මැතිවරණයකටත් ගියා කියමුකෝ (එහෙම කරන්න බැරි වුනත්) එතකොට පත්වෙන නව පාර්ලිමේන්තුවේ මෛත්‍රීට 2/3 ක බලය ලැබෙයි කියල හිතන්න පුළුවන් ස්ථාවරයකුත් නැහැ. එතකොට කොහොමද දින 100 කින් පාර්ලිමේන්තුවේ බහුතර ආසන ගනනක් යූන්පී එකට ලබා දීලා, රනිල් අගමැතිත් කරල, පාර්ලිමේන්තුවේ 2/3 කුත් ලබාගෙන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නනේ. මට නම් දැනෙන්නේ සුරංගනා කථාවක් වගෙයි. (ස)
රතන හාමදුරුවන්ට පිවිතුරු හෙටක් දකින්න පුළුවන් වේවි යන විදියටනම් අපායේදී මේ කට්ටියත් එක්ක. 9 වෙනිදායින් පස්සේ ඔය ඔක්කොටොම දේශපාලන කටුගෙට තමයි යන්න වෙන්නේ නන්නත්තාර දේශපාලනේට උරුම වෙන..එකේ සිරිසේන මහත්තයාගේ පින්තුරේ යටින් තණ්හාය ජයතෝ සෝකෝ කියල ලියවිලා තියේවි..රතන හාමදුරුවන්ගේ පින්තුරේ යටින් අහෝ දෙව්දත් නොදුටි මොක්පුර කියල ලියවිලා තියේවි. (ස)
මෙන්න නියම නායකයෝ! අනේ වාසනාවන්! (නි)
ඔයා එන්න සර් මේ පැත්තේ හැම දාම තල තෙල් කොට්ට කෙලන්ගන් දීල අපි ඔයාව බලා ගන්නම්. (ස)
"ලංකාවේ ඉතිරි ලයිට් කණුවලත්, සීගීරි ගලෙත්,සමනල කන්දෙත්, සිංහරාජෙත්,බෝක්කුවලත් ඕනෑ තරම් කටවුට් ගහ ගන්නා ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කියන්න කැමැතියි. අට වැනිදා වෙනතුරු ඕනෑ තරම් ගහගන්න.හැබැයි අට වැනිදායින් පසු ඒ කටවුට් මැතිවරණ කොමසාරිස් හා පොලීසිය ලවා ඉවත් කරනවා.එතෙක් ඕනෑ තැනක පෝස්ටර් කටවුට් ගහගන්න.මා දැක්කා බෝක්කුවකත් කටවුට් ගහලා තියෙනවා.හැබැයි ලංකාව පුරාම කටවුට් ගහන්න මට සල්ලි නෑ.අපේ රැස්වීමක් පවත්වන තැනක පෝස්ටර් හා කටවුට් කිහිපයක් ප්‍රදර්ශනය කරනවා පමණයි."-දවසෙ කතාව..මෛත්‍රීපාලට ජයවෙවා.. (ස)
යුද්දේ දිනවන්න තමයි ජනතාව නායකයන් පත්කරන්නේ. යුද්දේ දිනුවා කියලා හැමදාම බලයේ ඉඳගෙන රට පරිහානියට පත්කරනවානම් ඇති වැඩක් නෑ.යුද්දේ දිනුව එක රට ගසාකන එකකද ?(ම)
එක හොඳ දෙයක්.(අ)
මහින්ද මහත්තයා අවශ්‍යම තැන (ජනතා හදවතේ ) කටුට් එක ගැහුව්වේ මිනීමරු කොටි රැල සුන්නද් ධුලි කරපු දවසේ බව ඔබ දන්නේ නැතුව ඇති. එනිසා එතුමාට අභියෝග කරන්න ඔබ කව්ද? බල තන්නහවෙන් ඔබ පාලි ගන්න අවසථාවක් එනතුරු සිටිය මිසක් ,කිසියම් දශනයක්,සැලැස්මක්,ඇතිව මෙම තරගෙට ආව කෙනෙක් නොවෙන බව මුළු රටම දන්නවා.ඉක්මනට කොරස් කටෙවත් අත දාගන්න බැරි බව දන්නේ නැද්ද? අසහාය නයෙකයකුට ද්‍රෝහිවී ඔබේ ආත්මය කිලිටි කරගත් එක පමණි කරගත්තේ . (අ)
රෝහිත බබාගෙ ඊලග චන්ද්‍රිකාව යවන්නත්, නාමල් බබාගේ රේස් බලන්නත්, යෝෂිත බබාගෙ කැඩිච්ච චැනල්එක පැහැදිලි කරගන්නත්, මහින්ද මාමිට තුන දෙන්න හොඳේ. (ස)
මේකට තවමත් ප්‍රතිචාරයක් නැත්තේ මොකද. (අ)
පවතින ව්‍යවස්ථාධායක රාමුව තුල දින 100 යෙන් ඔය කියන විධායක බලතල ඉවත් කරන්න පුළුවන්ද ? 2/3 ක පාර්ලිමේන්තුවේ බලයත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියත්, මහජන ඡන්දයකින් ලබාගන්නට තිබෙන අනුමැතියත්, ලබා ගන්නා ක්‍රමවේදය ඇයි පහදන්නේ නැත්තේ ? ඔබ ජනාධිපති ලෙස පත්වුණත්, දැනට සිටින ජනාධිපතිට තවත් වසර දෙකක පැහැදිළි කාලයක් නීතියෙන් තිබෙනවා යන්න මාගේ දැනීමයි. මේ බැව් දැනගෙනද කටයුතු කරන්නේ ? ඒ වසර දෙක ඔබ ඉන්නේ කොහිද ? රට වෙනුයෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මොනවාද ? විසි - තිස් වාරයක් පැරදුණු, ජනතාව ප්‍රතික්ෂේප කල අයෙක් බලහත්කාරයෙන් ඔසවා තබන්නට ඔබ වෙහෙසෙන්නේ මන්ද ? ඡන්දයෙන් ඔබ ජයගත් පසු හිටපු ජනාධිපතිණිය වෙනුයෙන් ඔබ ඇයට දෙන්නට පොරොන්දු වී ඇත්තේ මොනවාද ? නව රජයේ ඇයගේ අසුන කුමක්ද ? කටවුට් ඇලවිලි, ගැලවිලි වාගේ බොළඳ කථා වලට නොගොස් තාර්කීක, බුද්ධිමය සංවාදයක් රටේ දැවෙන ප්‍රශ්ණ මූලික කොටගෙන ගොඩ නගා ගත්තොත් නේද සුදුසු ? ඔලු ගොඩවල් කීයක් මේ පැත්තට ගෙනෙනවාද - කීයක් අනෙක් පැත්තට පනිනවාද කියනා කරුණු නොවෙයි වැදගත්. ඒ ඔලු අතර රටට වැදගත් සාදක කීයක් ඉන්නවාද යන්නයි. මොවුන් 1. රට 2. දැය 3. සමය වෙනුයෙන් ගෙනෙන, තාවකාලික පැලැස්තර නොවන, දීර්ග කාළීන, රටේ සෑම ජන කොට්ටාසයකටම සැලකිය යුතු සාධාරණයක් සිදුවන අන්දමේ කරුණු කාරණා ඉදිරිපත් කරනවාද, ඒ ඔස්සේ කටයුතු කරනවාද, යන්නයි අපි බැලිය යුත්තේ. නැතිනම් අපට වන්නේ කබලෙන් ළිපට පැනීමටත් - ඉඟුරු ඉවත් කොට සැර මිරිස් කෑමටත් පමණයි. දුර නොබැලුවහොත් අතිශය සාමාන්‍ය රට වැසියන් වන අපටත්, අනාගත පර පුරටත් වන යහපතක් නැති වේවි.
මෙතුමා මාස තුනකින් යනවනේ, රනිල් වික්‍රමසිංහ මොකක්ද කරන්නෙ කියල ප්‍රකාශයක් කරලා නැහැනේ. (අ)
මේ අය දවල් හීන දකිනවා, අන්තිමට ජනවාරියේදී මෙයාලට ජනතාවගේ හොඳ උත්තරයක් ලැබිලා තමයි අකුලාගෙන යන්න වෙන්නේ. (ම)
අයියෝ දෙවියනේ (නදී)
බන්දුල පෙරේරා, එතකොට 9 වෙනිදායින් පස්සේ එසැණෙහි ඔහේගේ නම යටින් අපි මොකද්ද ලියන්නේ? (නි)
ශ්රී ලංකාවේ ඔටුන්න මහසෙන්, පරාක්‍රමබාහු, කාශ්‍යප, ධාතුසේන නම් අතරට යා යුතුයි නොවේද ? (ස)
හොඳයි (ස)
" සුරංගනා කතා තවත් නොකියනු මැන මට , කවුද හලෝ තවත් දෙන්නේ රනිල්ට මේ රට?" (ස)
රට කන හොරුන්ට අපෙන් සමාවක් නැත (නි)
කමෙන්ට්ස් දාන හැමෝම හිතන්න ඕනේ එක දෙයක් තියෙනවා. මහින්ද මහත්තයවත් මෛත්‍රීපාල මහත්තයවත්, වෙන කිසිවෙක් වත් මේ රටේ අයිතිකාරයෝ නොවෙයි. ඒ අය ජනතා බලයෙන් කෙටි කාලීනව රට භාර දෙන ලද ජනතා නියෝජිතයින්. මේ රට මහින්ද මහත්තයට හෝ මෛත්‍රී මහත්තයට කියල කියන අය, "යහපත් පාලනයකට" අමතරව පුද්ගලික වාසි බලාපොරොත්තු වෙන අය කියල හිතෙනවා. ජනතාවට එම නියෝජිතයන් පත් කර ගැනීම නිවැරදිව කර ගැනීමට තිබෙන එකම "උදව්ව" / "ඉඟිය" ඒ අයගේ පසුගිය කල්ක්රියාවන් හෝ ඉතිහාසයයි. ඉතිහාසය දිහා බලල ඔබට නිවැරදියි කියල හිතෙන විදියට තීරණය කරන්න. (ස)
පාල තුමෝ ඔයා රනිල් තුමාට විරුද්ද ඒ දිනවල කියුම් කෙරුම් අපි පටි ගත කරගෙන තියෙන්නේ,ඒවා එලියට ඇදෙයි වෙලාවට . දැන් රනිල් තුමා ගලේ පැහැරූ බලල වගේ . පව් කියලත් හිතෙනවා. චන්ද්‍රික නෝනගේ උගුලට පාල සහ රනිල් තුමා අසුවුනා (ස)
අන්තිමට පුළුවන් නම් ඒකත් කරයි තමයි (නි)
දිනන්නේ මහින්ද (ස)
සැමට සාධාරන යුක්තිගරුක සමාජයක් බිහිකිරීමට ඔබට ධෛර්ය ලැබේවා! (නි)
අනේ අපේ රටට ගිය කලක්! (නි)
මහින්ද ජනාධිපති කියන්නේ අපේ නායකයා. ඉස්සර රජවරු අපේ රටේ ඒගොල්ලන්ට ඕනේ විදිහට සැප සම්පත් වින්දා. (නදී)
කරලම පෙන්නුවොත් නේද හොඳ? (නි)
මමනම් කියන්නේ මහින්ද මහත්තය හොදයි අපිට පාරවල් හැදුව අපේ යුද්දේ ඉවර කල ඒ උනාට අවංකවම ඒවා අමතක කරන්නනම් අපි මැරිලා උපදින්න ඕනනේ නේද ඒ උනාට ඔය කොමෙන්ට් දන හැමෝම හොදට මොලෙන් හිතන්න කවදාවත් ඔයාල කියන විදියට මහින්ද මහත්තය අර වෙන කෙනෙක් ජනාධිපති උනා කියල කවදාවත් රට පවා දෙන්නෑ මහත්තයෝ අපි හැදෙන්න නම් රට හදන්නම් විරුද්ධ ආකල්ප තියන මිනිස්සු මේ රටේ අවුරුදු හයෙන් හයට තවත් නායකයෝ වෙලා පත් කරන්න මේ මෝඩ මිනිස්සු දැන ගන්න ඕන නැත්තම මෙය ාමහරජ මෙයා ලංකාවේ හැමදාම නායකයා මෙයාට අපි හැමදාම කරන්න දෙන්න ඕන කියල හිතුවොත් හැමදාමත් වෙන්නේ එකම කෙනෙක්ගේ රජ කරන දේශයක් වෙලා මේ රටවල් නැතිවෙනවා මහත්තයෝ ඔයාලගේ ඔය හදවත් වලින් අහන්න අපි යුද්දේ දිනුව මහින්ද මහත්තයට පින් සිද්ද වෙන්න විතරක නෙවේ අපේ අයියලා තාත්තල සහෝදරයෝ යුද හමුදාපති තුමා ඒ හැමෝම එකතුවෙලා නේද එත් ඒ යුද්ද කරපු යුද හමුදාපතිතුමා හිරේ දානකොට කරුණා අම්මාන්ලා පිල්ලෙයාන් මහත්තයල ගෙනත් පාර්ලිමේන්තුවේ වැඩි වෙනකොට ලජ්ජා හිතුනේ නැද්ද ඔයාලට රනිල මහත්තයත් හොඳයි හැබැයි වැඩේ කපටිකම් කරන්න දන්නා කතා ගොතන්න දන්නා මහත්තයෝ අපි කුරු උනත් බලේට කැමති ඒ නිසා අපි වෙනසක කරලා බලමු ඡන්දෙ දෙන්නේ අපිනම් පොදු අපේක්සක තුමා රනිල් මහත්තය අපේ ඡන්දෙන්නම් දිනන්නේ මේ රට පවා දෙන්න ගියොත් අපි එලියට බහිමු ඇයි කොන්දක් පන නැද්ද මහත්තයෝ පත් කරන්නේ අපිනම් එලියට දාන්නත් අපට පුළුවන් මේක අපි කාගේත් රට උපන් රට මැරෙනකන් ඉන්න රට මේක කාගෙවත් බුදලයක් නෙවේ එක මතක තියා ගන්න හදවතට එකගව වැඩ කරන්න පක්ස පට අපි අරන් යන්න මැරෙන දවසට අපිටත් ලෝකය ඉදිරියේ කියන්න පුළුවන් මේක අපේ ලංකාව අපි ලෝකෙටම ණය නෑ අපි හොද ආර්ථිකයක් එක්ක කොන්ද පන තියන රටක් හදමු හැමෝම එකතු වෙලා එකට කුරුත් එකතු වෙන්න ඔයලට් සදා ජය හා සතුට (ස)
මේවා අහනකොට දකිනකොට ප්‍රහතිශීලි නිහතමානි ධාර්මික සත්ගුණවත් වැනි වචන මොකට අපේ භාෂාවට එකතු කළාදැයි හිතෙනවා. (නි)
ගහපු පෝස්ටර් කටවුට් ගළවන්න හිතෙනවා (නි)
නියමයි. ඔය වචන ටිකම ඇති වැරදි වැඩ කරන අයට ලැජ්ජා හිතෙන්න (නි)
දැන් මට තියෙන ප්‍රශ්නේ මෙයා පැරදුණාම මේ පාරවත් රනිල් මහත්තය නායකකමින් අස්වෙනවද ? එතකොට කියයි මම නෙමේනේ පැරදුනේ පොදු අපේක්ෂකයනේ කියල ....... මෙයා පැරදුනම කරුණාකර රනිල්වත් නායක කමින් එලවන්න ඕන ... සජිත් ට එ්ක දීල ලබන ජනාධිපතිවරණයෙන් වත් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් දන්නා ඕන ..........මෙයට කිසිම වැඩ පිළිවෙලක් නැහැ. නිකන් බලයට කෑදර වීමක් මෙතන තියෙන්නේ බව පේනවා .... (ස)
කටවුට්පෝස්ටර් ගැහුවට කමක් නැහැ මහජනයාට හිරිහැර නොවන ලෙස. (ර)
මෛත්‍රී මැතිතුමනි, බිය නොවන්න , අපි ඔබව රජ පුටුවේ හිදවන්නෙමු . එය 100% ස්ථිරය. ජනවාරි 09 අරුණ වටෙනවිට ඔබ අඩු වශයෙන් 62 % ජනවරමක් ලබා දිනනු ඇත. (ර)
රටට හොද කාලයක් එනවා වගේ දැනෙනවා. මේ වගේ දෙයක් තම අපි බලාපොරොතු උනේ . රනිල් කියන්නේ මහත්මා ගති ගුණ ඇති නායකයෙක්. ඔබ දෙපලට හොද ගමනක් යන්න පුළුවන්. (ර)
මීටරේ රජුට ජය වැව... (ස)
ඕනෑ තැනක කටවුට් පෝස්ටර් ගහගන්න අපේ පුද්ගලික දේපල අතහැරලා. එකපාරක් අපේ අලුතින් හුණු ගෑ තාප්පයේත් පෝස්ටර් අලවලා (නි)
කුමාරන, ලැජ්ජා නැතුව ඔබ ද්‍රෝහිකම් ගැන කතා කරනවා. මම දේශපාලනය ගැන බොහොම මධ්‍යස්ථ කෙනෙක්. මේ වගේ දේවල් වෙනත් කිසිම රටක වෙලා නැහැ. අපි හැමෝම යන්නම යන්න වෙන දවසක් වෙනවා. එතකොට තමන්ගේ හෘදය සාක්ෂිය කියන දේ තමයි සතුටින් මැරෙන්නවත් ඉඩ තියන්නේ. (නි)
රතන හාමුදුරුවන්ගේ උනන්දුව මූණෙන්ම පේනවා. කරු නිදි...බඩුම තමයි.... (අ)
අරලිය සහල් මිටියකවත් ගහමුද ...(අ)
මෙතන අදහස් දාන එක් කෙනෙක්වත් තේරුම්ගෙන නැහැ කළයුතු දේ (නි)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ (අ)
රාජ්‍ය සේවය කඩාවැටිලා. ඔය ඡන්දය ඉල්ලන කවුරුන් හෝ මෙය ඉක්මනින් යථා තත්වයට පත්කළ යුතුයි. රජයේ කන්තෝරු වල දේශපාලක පත්වීම් ලැබූ සේවකයන් මහා අතිරික්තයක් සිටිනවා. ඵලදායිතාවය අන්තිමයි. නිසි ක්‍රමවේදයකට වැඩක් කෙරෙන්නේ නැහැ.වැඩකරන සේවකයන්ගේ ගුණාත්මකභාවයක් නැතුව කොහොමද රටක් දියුණුවෙන්නේ? කරුණාකර කවුරුන් හෝ මේ තත්වය වෙනස් කරන්න. මම මේ පක්ෂ බේදයෙන් තොරව රට වෙනුවෙන් කතා කරන්නේ. (නි)
සීගිරි ගල, සමනල කන්ද වගේ තැන්වල කටවුට් ගහන එක අපි අනුමත කරන්නේ නැහැ (නි)
දැන් හොදටම ඇති.(හේ)
මෙයාලගේ මුහුණුවල කිසිම එළියක්, පින්පාටක්, සතුටක් ගෑවිලාවත් නැත්තේ දැන්මම බයවෙලාද (නි)
ඔබතුමාට අපි ජය පතනවා (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ , වෙලාවට කියාවි කරන දෙය මොකක්ද කියලා (නි)
රතන හිමිගේ පාත්‍රයයි, චන්ද්‍රිකාගේ සූත්තරයයි, සුමනදාසගේ සාත්තරයයි වැරදුනද මෙදා සැරෙයි (නි)
කවුරු උඩ පැන්නත් අන්තිමට දිනන්නේ මහින්ද මහත්තයාමයි! (නි)
නිහඩ මිනිසුන්ගේ ගැඹුරු බව නොදත් මිනිසුන් ලංකාවේ ඉන්නවා. ඔබ වැනි පරිසරයට ආදරය කරන කෙනෙකු බිහිවිය යුතුයි. ඔබට ජය..! (නි)
අපි යහපතක් වේවා කියා ප්‍රාර්ථනා කරමු! (නි)
කුමාරන, විරුද්ධ දේශපාලන මතයක් දරපු ගමන් කරදර විඳින්න වෙන්නේ මේ රටේ විතරයි. ඒ නිසා තමයි අපේ රට දැන් ඉන්දියන් සාගරයේ (අ) මුතු ඇටේ බවට පත්වෙලා තියෙන්නේ. (නි)
කුමාරන, බල තණ්හාව කා ළඟද? (නි)
තවත් සුන්දර පදවැලක් (නි)
කවුරු දිනුවත් පාලකයන් කුමන තීරණයක් ගත්තත් යුද අධිකරණයට ගෙනයන්න දෙන්න තරම් අපේ ශ්‍රී ලාංකික වීරයන්ගේ අඩුවක් වෙලා නැහැ තවම. ඒක නිසා මෙය දේශපාලන වාසියකට ගැනීමෙන් දෙන්නටම පලක් නැහැ. (නි)
ආත්මය කිළිටි කරගන්න වෙනත් පක්ෂයකට යාම විතරක් හේතුවෙන්නේ නැහැ කුමාරන. වෙනත් ආකාරයේ නොයෙකුත් හේතු ඊට හේතුවෙනවා මහත්තයෝ. (නි)
''සැරට දැනෙන පුවත් රසය'' (නි)
මාළුවා නහින්නේ කට නිසා කියනවනේ. ඒ වගේම ළංවෙලා ඉන්න අය ගැනත් ප්‍රවේශමෙන්! (නි)
කටවුට් මොනවාටද? අපේ කේන්දරෙත් බලලා මේ රටේ මිනිසුන්ට තුන් වේල කරදරයක් නැතුව කන්න ලැබෙන දවසත් ඔය එක්කම අනාවැකියකින් හරි කිවුවා නම් හොඳයි. (නි)
කුමාරන, මොකටද? මහින්ද කියන්නේ රටම දන්නා කෙනෙක් නම් ලංකාවේ තිබෙන දහස් ගණනක් ලයිට් කණුවල යෝධ පින්තූර එල්ලලා ලොකුවට නමත් ගහන්නේ ඇයි? (නි)
තුන් සිංහලයම එක්‌සේසත් කළ නායකයෙක් තමයි මගේ ජනාධිපතිතුමා. එතුමා හැමදාමත් ජනපතියි. අහස, පොළොව, හිරු, සඳු පවතිනතුරු මේ විශ්වයටම ජනපති වෙන්න මගේ රත්තරන් ජනපතිතුමන්ට හැකිවෙනවාමයි! ජයෙන් ජයම වේවා මගේ ජනපතිතුමනි! (නි)
පිටරටවල් දියුණුවෙලා තියෙන්නේ නාස්තිය අවම කරගන්න රටේ හැමෝම අඩු වශයෙන් උත්සාහයක්වත් දරන නිසයි. දියුණු රටවල් කිසිවක් මේ විදියට මැතිවරණ ප්‍රචාර සඳහා කටවුට් පෝස්ටර් බැනර් ආදියට සම්පත් නාස්ති කරන්නේ නැහැ. (නි)
අපී මහින්දට. ජනපති වන්න සුබපැතුම්.! (ර)
මේකේ ඇත්තටම තියෙන්නේ මහින්දද රනිල්ද කියල මොකද මෙතුමා දින 100 යනවනේ. (ර)
අපේ රට බේරාදුන් නායකයාණෙනි,අපි තවමත් ඔබතුමා සමඟයි. ජයවේවා! (නි)
"උගත් පාඨකයන්ගෙන් මා ඉල්ලන්නේ කරුණාකර නව දේශපාලන ප්‍රවණතාවය තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න" හා හා අපි කරන්නම්කෝ. (නි)
අනේ අපි හැමදාම මේ එසැන පුවත් වල අදහස් බලනවා..මේකේ පලවෙන අදහස් වල හැටියට මෙලහකට සන්ධාන ආණ්ඩුව කටුගෙට ගිහින් තියෙන්න ඕන..මහින්ද මහත්තය ඉතිහාස පොත් වලට විතරක් සිමා වෙන්න ඕන..එහෙම වෙලත් නැහැ.. වෙන්නෙත් නැහැ.හේතුව මෙතන ප්‍රකාශ වෙන්නේ මේ රටේ බහුතර ජනමතය නොවන නිසා..මේ කාල බිලා තෙල් මන්ද මෝරපු කළු සුද්දන්ගේ මතවාද වලින් මේ රටේ වෙනසක් කරන්න හිතනවානම් ඉතින් හීනයක් පමණයි..ඇසිලින් නෝනෝ ,කුමාරන මහත්තයෝ මේවට වැඩිය දගලන්න අවශ්‍ය නැහැ..9 වෙනිදා වෙනකම් කට්ටියට හීන දකින්න දෙමු..අපිට එකෙන් පිනක් සිද්ධ වේවි.. (ස)
ලංකා තිලක් ඇතුළු හැමෝම කිසිම අදහසක් මෙතන ලියනවා තියා මළපොතේ අකුරුවත් දන්නේ නැති තරමට කැමති වේවි. එතකොට අර ඉස්සර රජ දවස රාජකාරි ක්‍රමයට එහෙයි කියාගෙන මිනිස්සු ඉඳීවි. (නි)
මහින්ද ජනපතිට රටේ ඕනෑම තැනක කටවුට් ගහන්න සුද්ද අයිතියක් තියෙනවා. (ර)
ලලිත්ගේ මෝඩ අදහසත් මම කියෙවුවා (නි)
ඇත්තටම මැතිවරණයට පෙර පොදු අපේක්ෂකයාගේ ඉදිරිදැක්ම සහ දිගුකාලින වැඩ පිලිවල ඉදිරිපත් කරන්න ඕනේ රනිල් මහතා. මොකද මෛත්‍රී මහතා ජනාධිපති වී මාස තුනෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර රනිල් විධායක ජනාධිපතිකරනවනේ. (ර)
එහෙමයි කියලා ඕනෑ දෙයක් නොදැක්කා වගේ හිටියාටත් කමක් නැහැ නේද සෙත්මි? (නි)
ඇයි චමිලා කාල බීල ඇඳලා අත්‍යවශ්‍ය වියදම් කරගෙන නෙමෙයිද ඉන්නේ . නැතිනම් කවුරු හරි අනුග්‍රහ දක්කලා ඒවා සපයනවද ? මෙතන ලියන්න අතින් වියදම් කරන්න ඕනමද චමිලා. ? ඇත්ත ලියවෙනකොට ඔයා වගේ සටන්කාමිනියන්ට නොයෙකුත් මෝඩ තර්ක මතක වෙන එක සාමාන්‍ය දෙයක්. (ස)
අනෙක් අයටත් ඉඩදීලා බලමු (නි)
මෛත්‍රිපාල සිරිසේන මහත්මය ගේ කටවුට්, පෝස්ටර් ඕන නැහැ. එතුමාගේ ප්‍රතිරූපය ජනතාවගේ හදවතේ ඇඳිලා ඉවරයි. (ර)
සම්පත්, ලන්ඩන් වල ඉඳලා ආවඩන්නේ නැතුව මෙහෙට ඇවිල්ලා බලන්න. යුද්ධයෙන් පසුව ඔය රටින් ස්ටර්ලින් පවුම් කීයක් මෙහෙ ගෙනවිත් මාස කීයක් දරු පවුලක් නඩත්තු කරවමින් ජීවත්වෙන්න පුළුවන්ද කියලා බලන්න. (නි)
කුමරන මහතාගේ බුද්ධියේ හැටියට ඔය වචන පේලි කිහිපය ලිය ගැනීමට ඇති දක්ෂතාවය ගැන අවංකම සතුටු වෙමි.(හේ)
සම්පත්ලා ලන්ඩන් ඉඳලා මාසෙක නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා ආකේඩ් එකෙන් කාලා, නිලාවැලියේ නාලා , නුවරඑළියේ සැප අරන් ඔඩෙල් එකෙන් ෂොපින් කරගෙන ආපහු යනවා. මෙහෙ මිනිසුන්ට යුද්ධයෙන් පසුව යුද්ධ කාලේවත් නොතිබුන වියදම් ඇවිල්ලා කියලා පෙනුනේ නැද්ද? ඔය අය ඉඳහිට පිටරට ඉඳලා ඇවිල්ලා නෑදෑයන්ට මුහුණ පෙන්නලා යන නිසා මෙතන අපි ඇතුළු රටේ මිනිස්සු හැමෝම එදිනෙදා ජීවත්වෙන්න කරන ආර්ථික අරගලය දන්නේ නැහැ. (නි)
රට බේරාගත්තා කියලා ඒ දේ සදාකාලික අයිතිවාසිකමක් කරගන්න එක හරි නැහැ නේද? (නි)
තමන්ට විරුද්ධ දේශපාලන මත දරන උදවිය වෙත අයුතු බලය යෙදවීම සදාකාලික නැත. (නි)
ඔය පිටරට සිට ජයඝෝෂා නඟන උදවිය අවුරුද්දකට පාරක් මෙහෙ ඇවිල්ලා ගෙනා සල්ලි වියදම් කරලා සිරි නරඹලා කාලා බීලා නෑදෑයන්ට මුහුණ පෙන්නලා යනවා. ඒ මිනිස්සු තමන්ට කටට රහට කෑම වේලක් දෙන්නෙත් මාස ගානක පඩි සල්ලි දාලා කියලා දන්නේ නැහැ. (නි)
එක එක්කෙනා දම්මලා කියවනවා දැන් මහින්ද මැතිතුමාට විරුද්ධව මැතිවරණයට ඉදිරිපත් වෙන එක වැරදියිලු. මේක හරි විහිළුවක් නේ. ප්‍රජාතාන්ත්‍රික රටක් ලු. හැබැයි රටේ විරුද්ධ පක්ෂයට විවේචන කරන්න බැහැ . ප්‍රතිවිරුද්ධ දේශපාලන මත තියෙන්න බැහැ. වෙනත් දේශපාලක පක්ෂ වලට ඡන්දය ඉල්ලන්න සුදුසු කමක් නැහැ. දැන් මොකද්ද මේ හරියි කියන ක්‍රමය එහෙනම් ? මයි කාර් මයි පෙට්‍රල් මයි කන්ට්‍රි !!! (ස)
ඔහු රට බේරාගත් කාරණාව අපිට හොඳින් මතකයි (නි)
රටේ නායකයා තාවකාලික භාරකාරයා මිසක් සදාකාලික අයිතිකාරයා නෙවෙයි.(හේ)
අනේ අපිට ආසයි ඔතන ඉන්න " අපේ රතන හාමුදුරුවෝ " කියපු කතාවක් අහන්න දෙන්නකෝ.(හේ)
මේ විදියට මැතිවරණ ප්‍රචාරයට සම්පත් නාස්ති කරන රටක් ලෝකයේ කොහෙවත් නැතුව ඇති. (නි)
මේක අභ්‍යන්තර කුමන්ත්‍රණයක්. නිකම් හිතන්න දැන් නියම යූ එන් පී කාරයන් කාටද ඡන්දෙ දෙන්නේ? මෛත්‍රී මහත්තය නළුවෙක් විතරයි. මේක චිත්‍රපටියක්. මේකේ අධ්‍යක්ෂවරු මහා මොළකරුවන් විය යුතුයි. (ස)
කුමරන බල තණ්හාව වැඩියෙන් තියෙන්නේ කවුද කියල අපි දන්නවා. අපිට මෙතන පුද්ගලික ද්‍රෝහී කම් අවශ්‍ය නැහැ. මෙතන ප්‍රශ්නය රට ගැන මිසක් පුදගලයෙකු සම්බන්ධයෙන් නෙවෙයි. එයාට මෙයාට අවනත වුනේ නැහැ මුල් තැන දුන්නේ නැහැ යනුවෙන් තර්ක වැඩක් නැහැ . මේක රට ගැන මිසක් තනතුර ගැන ප්‍රශ්නයක් නෙවෙයි. (හේ)
ඔයාලට පිස්සු ........මහින්ද ජනාධිපති යුද්ධය ඉවර කළා කියලා එයා කරන හැම වැඩේම හොදයි කියන්න බෑ.(හේ)
කවුරු උඩ පැන්නත් අන්තිමට දිනන්නේ මහින්ද මහත්තයාමයි! මොනවා කොරන්නද මෝඩ කමට බෙහෙත් නැහැනේ (ස)
මේ දේවල් කිසිම රටක නොවෙන අරුම පුදුම වැඩ !(හේ)
8 වෙනිදයෙන් පස්සේ ඔයාට යන්න වෙන්නේ කොහෙටද කියලත් අපිනම් දන් නෑ.(හේ)
ඔබලා මොනවා කීවත් මහින්ද දිනනෙක ඉර හඳ වගේයි. විසිපන්ලක්ෂයක වාර්තා ගත ජයග්‍රහණයක්.(හේ)
කුමාරන අසහාය නායකයන් අතීතයේත් හිටියා . හැබැයි සුදුසු කාලයේ තමන්ගේ භූමිකාවෙන් නම්බුකාර ලෙස ඉවත්ව ගියා. (හේ)
ඔබට නිසැක ජය මෛත්‍රී ජනපතිතුමනි! 60% එහා ජනවරමක් ඔබට ලැබේවි. බුදු සරණයි'(හේ)
අපේ නම් ආත්මය කිලිටි වන්නේ හර්දය සාක්ෂිය අනුව වැඩ නොකලොත් විතරයි. (හේ)
ඒ දේත් කරන්න.(හේ)
අනේ රතන හාමුදුරුවනේ පියවී සිහියෙන් බලන්න. රට ෆෙඩරල් කිරීමේ මහා සෙන්පතියන් වන අයගෙන් මොන දේශප්‍රේමිත්වයක්ද.(නදී)
ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ඇඟිල්ලෙන් කරන්න ඕනේ දේවලට ඇඟිල්ල ඉදිමෙන්නම ඕනේ නෑ.(හේ)
ඒකත් කරන්න පුළුවන් කට්ටිය තමයි මේ අය.(හේ)
අපි කාගේ කට්ටිය ගැනත් දන්නවා (නදී)
බුදුන් මරන්න බුද්ධ ශාසනෙම පැවිදිවෙලා ප්ලැන් කල අය ඒ කාලෙත් හිටිය ඒ පරපුරෙන් පැවත එන උන් තාමත් ඉන්නවා.බුදුන් මරල බුදු වෙන්නමයි ට්‍රයි කළේ එත් අන්තිමට මොකද උනේ.අනේ පවු. (ස)
වැරදි කරන්නාට දඩුවම් නොකීරම වැරදි නොකරන්නාට කරන අපහාසයක් කියලයි අපි නම් අහල තියෙන්නේ. (නදී)
ඒ කියන්නේ පෝස්ටරයේ තිබෙන මුහුණ දිහා බලල ජනතාව ඡන්දෙ පාවිච්චි කරනවා කියල තමයි අපේ දේශපාලකයෝ තවම හිතන්නේ. එක අතකට එහෙම ඡන්ද දායකයෝ මේ රටේ නැතෙයි කියන්නත් බැහැ. මේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනාම රටේ කවුරුත් දන්නා ප්‍රසිද්ධ මහත්වරු. ඉතින් මොකටද ඔය හැටි පෝස්ටර් වලට වියදම් කරන්නේ. (නදී)
අපේ රාජ නායක මහින්ද. (නදී)
මහින්ද දිනනවා. මහානාම, මේ මිනිසුන්ට බුද්දියක් නැහැ. කන්න දුන්නොත් ඇති. (නදී)
මෙතන සමහර අය කියනවා දරුවන්ට කන්න දෙන්නවත් සල්ලි නැහැ කියල . ඒ උනාට අන්තර්ජාලයේ හැම වෙලාවෙම . ඔය අන්තර්ජාලයේ සැරිසරන්න වියදම් කරන සල්ලි වලින් දරුවන්ට සතියක් කන්න දෙන්න පුළුවන් . (ස)
මහින්ද ව හෝ ඔහුගේ පවුලේ අය නොවේ අපට වැදගත් , අපගේ රටයි. කරුණාකර කොමෙන්ට්ස් දාන අය දැනට බොහොම සැලසුම් ගත ලෙස ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රනය තේරුම් ගන්න. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ගේ බලතල වැඩි බවද ඒවා අඩු කල යුතු බව පැහැදිලියි. නමුත් මේ යන විදිහට රට ගැන තිබෙන අදහස් අත් හැර ගන්න ඕනේ. මොකද මෙතුමා ඡන්දය දිනා ගන්න දැන් එල්.එල්.ආර්.සී ක්‍රියාත්මක කරන්න යනවාලු. උගත් පාටකයන් ගේ මා ඉල්ලන්නේ කරුණාකර නව දේශපාලන ප්‍රවනතාවය තේරුම් අරගෙන බුද්දිමත් ව කටයුතු කරන්න (නදී)
ඔබට ජය .(හේ)
සිංහලේ, කෙලෙහි ගුණ දන්නා නියම මිනිසුන්ට හිතට එකඟව මේ කතාවලට හුරේ දාන්න බැහැ. එ්කයි ප්‍රතිචාර නැත්තේ. රා මුට්ටියකට වැටුණු මීයෙක්ගේ කතාවලට කවුරුත් කලබල වෙන්න උවමනා නැහැ (නදී)
අපිට දුකයි ඔබතුමා ගැන (නදී)
අපිට දුකයි ඔබ තුමා ගැන (නදී)
බන්දුල සම්පත් පෙරේරා දිල්ලමුනි, ලන්ඩන් නුවරට මනසින් ගොස් විකාර කියවයි. (නදී)
මමත් අද,ජීවත්වෙන රටේ ඡන්දය පාවිච්චි කරලා ආවේ.එය මොන තරම් සාමකාමීද...? නිශ්ශබ්දද ..... (ස)
ඉතින් සම්පත් ඇයි රට ගිහින් ඉන්නේ ? අනාගතය ගැන ඔච්චර සුභ වාදීව හිතන එකේ මෙහෙ පදිංචි වෙලා කඩේ යන එක හොඳ නැද්ද ? (නදී)
වෙනසක් නොවුනොත් මේක ගසා කන්නන්ගේ දේශය බවට පත් වෙන එක සිකුරුයි. (නදී)
මම දැක්ක එක පොස්ටේර් එකක ගහල තියෙනවා "ඒ සල්ලිත් අපේ තමයි කියල".අපරාදේ මහජන මුදල්.(දිල්)
රටේම ගහන තිබෙන පොස්ටේර් කන්දරාවට ගිය වියදම කොච්චරද?ඒ මුදල් ලැබුනේ කොහින්ද ?අපිට අයිතියක් තිබෙනවා අහන්න.(දිල්)
මහින්ද ජනාධිපති තුමාට ජය වේවා. (දිල්)