‘බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති විදියට මට ගමේ කොල්ලෙකුට කෙල්ලෙකුට රැකියාවක් දෙන්න මට බැරි වුණා.හැබැයි ඕනෑ තරම් මහණ කරන්න නම් තිබුණා‘ යැයි හිටපු බුද්ධ ශාසන නියෝජ ඇමැති එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා කන්තලේදී පැවසීය.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡන්ද මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් ඔහු එසේ කීවේය.
‘ලංකාවේ සිටි හොඳම ආර්ථික විශේෂඥයා ආචාර්ය ඇන් ඇම් පෙරේරා .ඒත් අද රටේ ආර්ථික විශේෂඥයා බැසිල් . මේ ආණ්ඩුව කෑ පුද්ගලයාත් රජයේ ඉන්නවා. අටමස්ථානය වඳින ගාථාව පවා මේ රජය වෙනස් කරලා.අද අටමස්ථානයට තවත් එකක් එකතු කරන්න යනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ ඔය බල්ලා මල්ලෙන් එලියට පැන්නේ. හැංගි හොරා වගේ ඉන්නේ නැතිව කියන්න එපැයි. (නදී)
සජිත් හරි නිර්මාණශීලිව හිතන්න විතරයි ඕනා (නදී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා කිවුවලුනේ (නි)
රස්සාවක් හොයා ගන්න ගිය මිනිහව මහන කර ගෙන හරියනවද මහත්තයෝ (දී)
අනේ මන්දා මහත්තයෝ (දී)
ඇමතිකමක් ගන්නේ රස්සා දෙන්න නෙමෙයිනේ! (නි)
මේ ඔබතුමා පව් පුරවාගන්නේ නැතුව කට වහගෙන ඉන්න?(දී)
කරන්න බැරිවුණ දේ ගැන අනුන්ට ඇඟිලි දික්වෙන විදියට කියන්නේ තමුන් බුද්ධිමත් සහ නිර්මාණාත්මක ලෙස කළ දේවල් මොකුත්ම නැති හින්දාද කියලත් හිතෙනවා. (නි)
දැන් ඔය හතර වටින් මෛත්‍රී සහගත පත්වීම් බෙදන්නේ . ! (දී)
ලංකාවේ දේශපාලනය ගැන නම් කතා කරන්න එපා මහත්ත්යෝ (දී)
එතකොට බුද්ධ ශාසන ඇමති කෙනෙක් නැද්ද? (නි)
රටක දාගැබක් හදන එකටත් මොනවා හරි කතන්දර හදන අයනේ ඉන්නේ ? (නදී)
මේ කතාවෙන් තේරෙන්නේ ලැබුන ඇමතිකම මදි කියන එක. පළාතේ මන්ත්‍රී හැටියට කරන්න තිබුන දේවල් කළා නම් මදැයි. (නදී)
වැඩකරන්න පුළුවන් මිනිසුන්ට වැඩකරන්න බැරි පත්වීම් දුන්නම දුකයි තමයි. ජයවේවා සිරිසේන මහත්තයා, ජය නියතයි! (නි)
බුද්ධසාසන අමාත්‍යාංශයේ වැඩ කරන්නෙත් ස්වාමින් වහන්සේලා ද? ඔබතුමාට තිබුණා අන්තර්ජාතික මට්ටමින් බුද්ධධර්මය ප්‍රචාරය කරන වැඩ පිලිවෙක් සකස් කරන්න. විශේෂයෙන් ම බටහිර රටවල ජාතිකයන් අභිධර්මය ගවේෂණාත්මකව හදාරන්න උන්නදු වෙනවා. තව දිස්ත්‍රික් මට්ටමින් අමාත්‍යාංශ ශාඛා පිහිටුවල ඒ හරහා බුදුදහමේ ප්‍රායෝගික පැත්ත ජනතාව අතරට රැගෙන යන්න කටයුතු කරන්න තිබුණා. අමාත්‍යාංශය යටතේ විදේශිකයන්ට මුදල් ගෙවා ඇතුළුවන විශේෂ භාවනා මධ්‍යස්ථාන සකස් කරන්න තිබුණා. ලංකාවේ එවැනි පුද්ගලික ආයතන තියෙනවා හොද ආදායමක් උපයන. එතකොට මහණ කරන්න ඕන නෑ. රට යවන්න වුනත් පුළුවන්. නිර්මාණශීලිව හිතන්න විතරයි ඕන, ගෙඩි කන්න ඕන නම් පැලය සරැවට වවන්න ඕන. ඔයාල නරන්නේ හිටවන්න තියෙන ඇට ටිකත් තම්බගෙන කන එක. (නදී)
අඩුම ගානේ එහෙම දෙයක්වත් කරලා නැහැනේ මෙයා (නදී)
2 න් එකක් වත් කරලා නැහැනේ. (නදී)
ජනවාරි 08 වෙනිදට පස්සේ අතපසු වෙච්ච වැඩ සියල්ල කිරීමට අවස්තාව ලැබේවි. කටවුට් වලින් නැතත් මහජන ඡන්දෙන් මෛත්‍රී දිනන එක සිකුරුයි. (නදී)
දැන් ඉතින් ජනවාරි 09ට පස්සේ ගොඩක් අයට මහණ වෙන්න තමයි වෙන්නෙ. (නි)
රස්සා දෙන එකද එකම අරමුණ? මම නම් මෙහෙම කෙනෙක් හිටියද කියලවත් දන්නේ නැහැ. (නි)
අනේ මන්දා මේ කතා මොනවද කියලා? (නි)
කොහොම කොරන්නද? (නදී)
දේශපාලන සුදුසුකම් නැතුව රක්ෂාවකට යන්න තියන පාර අහුරන්න නම් හදන්න එපා (නි)
නටන්න බැරි ඒකාට පොලව අැදයිලු.(හේ)
බය වෙන්න එපා ..නියම බලතල සහිත ඇමති පදවියක් මෛත්‍රී ජනපති තුමාගේ යු අැන් පි රජය යටතේ ඔබ තුමාට ලැබේවි මදි නොකියන්න කොල්ලන්ට රස්සාවල් දෙන්න. (අ)
අපරාදේ මෛත්‍රී මහත්තය මේ වගේ අය ගැන තීරණයක් නොගත්තේ (නි)
ඩනිස් මහත්තයෝ..දෙකවත් එකවත් තිබිල නැහැ කියල පේන්නේ නැද්ද කරන කතාවලින්.(අ)
ඔබ තුමා කියන්නේ මොකක් ද කියල මට වැටහෙන්නේ නෑ. බුද්ධ ශාසන ඇමති කෙනෙක් විදියට අඩු ගානේ පන්සල් කීයකට ප්‍රතිපාදන දුන්න ද? ශාසනය ආරක්ෂා කරන්න. අඩු ගානේ හාමුරුවොන්ට ඉගනගන්න ශිෂ්‍යතත්වයක් වත් දුන්නද? ඔබ තුමා දන්නවද දැන් ත්‍රිකුණාමලේ පන්සල් කීයක් තියනවද කියලවත්.(අ)
ඒ කියන්නේ මන්ත්‍රී "චිට්" ක්‍රමය තියෙන්නම ඕන කියන එකද? ඔබතුමාලා නිෂේද වෙච්ච එකමයි හොඳ. (නදී)