මොරටුව, උයන, පීරිස්වත්ත පාරේ අංක 118/36 ලිපිනයේ පදිංචි දිනූෂා ප්‍රනාන්දු (28) මහත්මිය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සුජිත් සොමයියා මහතා නිර්දේශ කරයි.
ඇයට අවශ්‍ය වී ඕ පොසිටිව් වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙක් වේ නම් ඒ බව 077-2614109 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ඇගේ සැමියා වන එස් ඒ චාමර නවීන්ද්‍ර මහතා ඉල්ලීමක් කරයි.
තම බිරිඳගේ ප්‍රතිකාර හා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට ද විශාල මුදලක් අවශ්‍ය බැවින් ඒ සඳහා අවශ්‍ය ආධාර කළ හැකි නම් එම ආධාර එස් ඒ චාමර නවීන්ද්‍ර නමින් සම්පත් බැංකුව - රත්මලාන ශාඛාවේ විවෘත කර ඇති 001850018789 දරණ ගිණුමට බැර කරන ලෙස ද ඔහු ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිහඬ බෝනොවන වසංගත රෝගයක් (බ)
නාවින්නේ දේශීය වෛද්‍ය රෝහල වකුගඩු රෝගය සුව කරන වාර්තා පළවුනා .. එතනට ගිහින් බලන්න .. (ස)
මැදවච්චිය දේශීය වකුගඩු සායනය භාරව කටයුතු කළේ දේශීය වෛද්‍ය උත්පලා පෙරේරා මහත්මිය. එතුමිය තමයි වකුගඩු රෝගය සුවකරන ඖෂධ සොයාගෙන තිබුණේ. දේශීය වෛද්‍ය ගමගේ සහ තවත් දේශීය වෛද්‍යවරු දෙදෙනෙක් මේ වකුගඩු වෙදකමට සම්බන්ධ කරගෙන තමයි එතුමිය සායනය පවත්වාගෙන ගියේ. (නි)
amitha526@gmail .com මට මේල් එකක් එවන්නකෝ විස්තර ටික බලමු අපි (අ)
මට උදවු කරන්න නොහැකිවීම ගැන කණගාටුයි (නි)
ඇත්තටම හරිම ඛේදනීය තත්වයක් ..දැන් අපේ රටේ බෝවෙන රෝගයක් තරමටම මේ රෝගය පැතිරිලා.. අවංකවම මම බෞද්ධයකු වශයෙන් මේ සොහොයුරියට ඉක්මනින් නීරෝගී සුවය පතනවා..එමෙන් මේ පිළිබදව එළබෙන වෙසක් පොහොය දිනයේදී මම අපේ දායක උපාසක උපාසිකාවන්ව මේ පිළිබඳ දැනුවත් කරනවා. එමෙන් තව දෙයක් මතක් කරන්න කැමති මේ සොහොයුරියගේ පියාණන් මීට මාස 7 පෙර ඔහු ගේ මුහුණු පොතේ මෙහෙම ප්‍රකාශකයක් කරලා තිබ්බා..ඔහු මිට පෙර බෞද්ධයකු බවත් එහෙත් මීට 10 වසරකට පෙර ක්‍රිස්තියානි භක්තිකයෙක් වූ බවත් ..බෞද්ධයකු වීමෙන් ජීවිතේ කිසිම ප්‍රතිලාබයක් නොමැති බවත් (දීර්ග ලිපියෙහි හරය ) ඔහු දැන් ක්‍රිස්තියානි අාගම පතුරුවාලන නියෝජිතයකු බවත් (පාස්ටෙර් ) ඉතින් අපට මේ සොහොයුරියව කටුව් ඇවිත් බෝධි පූජාවකින් හෝ සෙත් සන්තියක් කර අපේ බෞද්ධ පිරිසගේ සහයෝගය ලබා ගැනීමට පියාණන් හරස්වේද යන්න ප්‍රශ්නේ ...එහෙත් අපේ ආගමේ දර්ශනය අනුව යමින් අපි මේ සොහොයුරියට පුළුවන් හැම උදව්වක්ම කරන්නට සැදී පැහැදී සිටිනවා.(බ)