IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඔස්කාර් සම්මාන උළෙලින්

(විමුක්ති එස් රුද්‍රිගු)

95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ(12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි.

මෙවර  ඔස්කා සම්මාන උළෙල මෙහෙයවීමේ කටයුතු ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහන් නිවේදකයකු වන ජිමී කිමෙල් වෙත භාර විය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි හොලිවුඩ් නළු බ්‍රෙන්ඩන් ෆ්‍රේසර් සමත් විය.ඒ "ද වේල්" චිත්‍රපටය සඳහාය.

එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය කළ රංගනය වෙනුවෙන් මිෂෙල් යෝ  මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තාය.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය, හොඳම චිත්‍රපට ගීතය ලෙස ආර්ආර්ආර් චිත්‍රපටයේ "නාටු නාටු" ගීතය, හොඳම සහාය නළුවා ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ කළ රඟපෑම වෙනුවෙන් කී හේ ක්වාන්, හොඳම සහාය නිළිය ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටයේ කළ රඟපෑම වෙනුවෙන් ජෙමී ලී කර්ටිස්, හොඳම අධ්‍යක්ෂකවරුන් ලෙස එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ශයිනර්ට්, හොඳම සජීවිකරණ චිත්‍රපටය ලෙස ගිලිමෝර් ඩෙල් ටොරෝස්ගේ පිනෝකියෝ චිත්‍රපටය සම්මාන දිනාගත්හ.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ඉන්දියානු චිත්‍රපට ගීතයක් හොඳම චිත්‍රපට ගීතයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වූවේය. එව්රිතින්ග් එව්රිවෙයාර් ඕල් ඇට් වන්ස් චිත්‍රපටය වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනාගත් චිත්‍රපටය විය.

 

 



අදහස් (2)

ඔස්කාර් සම්මාන උළෙලින්

Mr Don Monday, 13 March 2023 01:20 PM

අපිට සම්මාන කීයක් ලැබුනද?

:       18       5

රසිකයාMonday, 13 March 2023 02:04 PM

නැගිට්ටා නම්... දැන් එළිවෙලා.

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site