නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ගේ හා ගුන්නෑපානේ පේ‍්‍රමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, යුරෝපයේ ප‍්‍රධාන සංඝ නායක ඔස්ටි‍්‍රයාවේ වියානා බෞද්ධ විහාරාධිපති හා වියානා විශ්ව විද්‍යාලයයේ බෞද්ධ දර්ශනය පිළිබද ආචාර්ය විජයරාජපුර ශීලවංශ හිමි, ස්කැන්ඩිනේවියා රටවල ප‍්‍රධාන සංඝ නායක කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන් ප‍්‍රමුඛ 11 නමක් වැඩම කළහ. ඔස්ලෝ නුවර පදිංචි ක‍්‍රිශාන්ත සහ අශානි බොරළුගොඩගේ පවුල විසින් තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ සහ විහාරස්ථ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් කඨින පිංකම සිදුවිය. ස්කැන්ඩිනේවියා රටවල ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පිංකමට සහභාගි වුහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඔස්ලෝ පන්සලේ කඨින පිංකම
රෝහිත ඔස්ලෝ නුවර Monday, 27 October 2014 02:44 PM
මෙම පිංකමට අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ගුරු උපදේශක ගම්පහ නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ද වැඩම කළේය .ඊ ලඟ ඉරිදා උන්වහන්සේ පැරිසියේ සමාදී විහාරයේ කටින පිංකමට සහභාගීවේ. (අ)
සාරධා Monday, 27 October 2014 12:01 PM
මෙවන් පිංකම් අසන්නට ලැබීමත් වාසනාවක්. (අ)