නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ කඨින පිංකම විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ගේ හා ගුන්නෑපානේ පේ‍්‍රමානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. පිංකමට ඩෙන්මාක් හී කොපන්හේගන් විහාරස්ථානයේ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, යුරෝපයේ ප‍්‍රධාන සංඝ නායක ඔස්ටි‍්‍රයාවේ වියානා බෞද්ධ විහාරාධිපති හා වියානා විශ්ව විද්‍යාලයයේ බෞද්ධ දර්ශනය පිළිබද ආචාර්ය විජයරාජපුර ශීලවංශ හිමි, ස්කැන්ඩිනේවියා රටවල ප‍්‍රධාන සංඝ නායක කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන් ප‍්‍රමුඛ 11 නමක් වැඩම කළහ. ඔස්ලෝ නුවර පදිංචි ක‍්‍රිශාන්ත සහ අශානි බොරළුගොඩගේ පවුල විසින් තිසරණ ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ සහ විහාරස්ථ දායක දායිකාවන්ගේ සහයෝගයෙන් කඨින පිංකම සිදුවිය. ස්කැන්ඩිනේවියා රටවල ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් පිංකමට සහභාගි වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පිංකමට අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ගුරු උපදේශක ගම්පහ නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ද වැඩම කළේය .ඊ ලඟ ඉරිදා උන්වහන්සේ පැරිසියේ සමාදී විහාරයේ කටින පිංකමට සහභාගීවේ. (අ)
මෙවන් පිංකම් අසන්නට ලැබීමත් වාසනාවක්. (අ)