යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න
යම්කිසි ස්ත‍්‍රියක් ගැබ් ගෙන ඇති කාලයේ ස්තනය කාලය හෙවත් දරුවාට කිරිදෙන සමයේත් සාමාන්‍යයෙන් ඔසප් වීම සිදු නොවේ. එහෙත් නූතනයේ බොහෝ යෞවනියෝ නියමාකාරයෙන් ඔසප් නොවන්නාවු තත්ත්වයෙන් පිඩා විදීයි. මෙය ආර්ථවඝාතය හෙවත් කිලි නැතිවීම ලෙස දැක්විය හැකිය.
යම් ස්ත‍්‍රියක් යෝග්‍ය වයසේ මල්වරවිම හෙවත් ප‍්‍රථම ආර්ථවය සිදු නොවන විටත් දින විසි අටකට තිහකට වරක් ආර්ථවය සිදු නොවීමත් රෝග තත්ත්වයක් ලෙස සැලකිය යුතුය.
රක්තාර්ශස් රෝගයෙන් පීඩා විඳන විටද, රක්ත ගුල්මය නිසාද, රත් පිත් රෝග ඇතිවිටද, අක්මාවේ හා ප්ලීහා රෝග ඇතිවිටද, තෛරොක්සින් හෝමෝනයේ ඌනතා ඇති විටද, බියවීම මානසික ආතතිය, රක්ත හීනතාව, ගර්භාෂයේ පිළිකා හා ගර්භාෂයේ ගෙඩි ඇති වූ විටද, පවුල් සැලසුම් වලට යම් නික්ෂේපණය හා හෝමෝන පෙති ගන්නා විටද, තරබාරුව නිසාද, මැදි වයසට පැමිණ ආර්තවය නැතවී යන්නට කාලය එළඹී ඇති විටද ආර්ථවය නැතිවීම හෝ කල් යෑම සිදුවේ.
රක්තාර්ශස් රෝගය යනු ගුද මාර්ගයෙන් රුධිරය පිටවීමේ රෝගයයි. ගුද මාර්ගය අභ්‍යන්තරයේ පවතින අර්ශස් ගෙඩි පිපිරීම හා තුවාල වීමත් මළබද්ධතාව හේතු කොටගෙන මළ කොටස් ඝන වීමෙන් මළ මාර්ගය සීරීමකට ලක්වීම නිසාත් මළ මගින් රුධිරය පිටවේ. මෙසේ රුධිරය පිටවෙන රෝග කරන කොට ආර්ථව අභාවය සිදුවේ. එවිට ඒ සඳහා ප‍්‍රතිකාර කළ යුතුය. කළුතල කල්කය, හාතාවාරිය මුල් කල්කය, දෙළුම් යුෂ එළකිරි සමඟ සේවනය කිරිමෙන් රක්තාර්ශස් රෝගය සුව කර ගත හැකිය.
රක්තහීනතාව කරන කොට ආර්ථවය නැවතීම සිදුවූ බව වටහා ගත් විට රුධිර පරීෂණයක් කිරීමෙන් රුධිරයේ අඩංගු හිමෝග්ලොබින් ප‍්‍රතිශතය හඳුනාගෙන ඒ සඳහා ප‍්‍රතිකාර හා පෝෂ්‍යදායී ආහාර පාන ගැනීමෙන් රුධිරය වඩවා ගත හැකිය. බොහෝ විට රක්ත හීනතාවට හේතුවන කරුණු අතර පණු රෝග වලින් පීඩා විඳිම සුලභය. අද සමාජයේ වැඩිහිටියන් පණු රෝග පිළිබඳව දක්වන සැලකිල්ල ඉතා අල්පය. රෝගීන් හා සාකච්ඡා කරන විට මුළු ජීවිත කාලයේදීම පණු බෙහෙත් නොබී සිටි රෝගීන් පවා අපට හමුවී ඇත. සමහර විට ඒ පිළිබඳව දැනුවත් කිරීම් පවා ඔවුන් නොපිළිගන්නා අවස්ථාද ඇත. එහෙත් පණු රෝග පෝෂණ ඌනතා රෝග වලින් පෙළෙන විට ඉතා වුවමනාවෙන් ප‍්‍රතිකාර කළ යුතු රෝග අවස්ථාවකි. එවිට පණු බෙහෙත් නිසි ආකාර ගැනීමෙන් රෝග තත්ත්වය මැඩ පවත්වා ගත හැකිය.
තෛරොක්සීන් ඌනතාව ද රුධිර පරීක්‍ෂාවකින් දැනගෙන ඒ සඳහා හෝර්මොන ප‍්‍රතිකාර ලබා ගැනිම උගත් වෛදයවරයකු හමුවීමෙන් ලබා ගත යුතුය. බිය හා මානසික ආතතිය ඇතිවූ විට උගත් මනෝ උපදේශකයකු හමුවී ගැටලූවලට හොඳින් මුහුණදීමේ කලාව ඉගෙන ගැනීමෙන් එය නැතිකර ගෙන මානසික සුවය ලබා ගෙන සිත ශක්තිමත් කර ගත හැකිය. පවුල් සැලසුම් කිරීමට බෙහෙත් ලබා ගන්නා විට ආර්තවය නැවතීමකින් තොරව ලබා ගන්නා ක‍්‍රම හඳුනාගෙන ඒවා පිළිපැදීමට වග බලා ගැනීම සුදුසු වේ.
තරබාරුව නිසා ඔසප් නැවතීම අද සමාජයේ බහුලව දක්නට ඇත. මේ නිසා දරුඵල අහිමි වීමත් දරුවන් ගණන සිමාවීමත් සිදුවන නිසා ආහාර පාලනය හා ව්‍යායාම් කිරීමෙන් බර අඩු කර ගෙන නිරෝගී භාවය ලබා ගත යුතුය.
මෙසේ ආර්තවය නැතිව යෑමෙන් ස්ත‍්‍රිය සුදුමැලි වීම, හිසරුදාව ඇතිවීම, කරකැවිල්ල, යටි බඩේ හා පිටේ ඇතිවෙන වේදනාව, උකුල් සන්ධියේ හා කලවාවල ඇතිවෙන වේදනාව, යෝනි මාර්ගයේ අනින්නාක් වැනි වේදනාව හා මානසික ව්‍යාකූලතාව ඇතිවේ.
මෙම අවස්ථාවේදී විරේක කිරීම් ආදී පංචකර්ම චිකිත්සා ක‍්‍රමද, සතකුප්ප කොල්ලු ඉගුරු, ගම්ම්රිස්, තිප්පිලි , සිරිතේක්කු , අරළු, නෙල්ලි හා තලදඬු එන කෂාය වර්ගද කුමාරි ආසව රජඃ ප‍්‍රවර්ධන වටිය යන ඖෂධ වර්ග යෙදිමෙන් ද තරබාරුවට පිළියම් යෙදීමෙන්ද අස්වැසීම් ආදී මානසික සහනය ලබාදෙන කටයුතු කිරීමෙන්ද මළ ශුද්ධිය ඇතිවීම පිණිස විරේක ඔසු හා අහාර පාන දීමෙන්ද යළි ආර්තවය ඇතිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අවුරුදු 25 ක අවිවාහක ගැහැණු ළමයෙක්. මම වැඩිවියට පැමිණියේ අවුරුදු 12දී. එදා සිටම දින 28ට වරක් නිවැරැදිව ක්‍රමානුකූලව මට ඔසප් විය. නමුත් මේ 2019 ජනවාරි සිට මගෙ ඔසප් අක්‍රමිකතා ඇතිවිය. මම කොලෙස්ටෙරෝල් සහ සෙම සඳහා බෙහෙත් ගන්න අයෙක්. මට යම්කිසි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
මේ නිසා හිත රිදවාගතයුතු නැත.
මම සීස කලේ. අධික වේදනවක් එනවා නියම දින වලට ඔපස් වෙන්නේ නෑ එකට කුමක්ද කල යුත්තේ.
මාගේ දියනියගේ වයස 14 අවුරුද්දක් වෙනවා. ඇය මල්වර වෙලා ඇයට ප්‍රතම වරට ඔසප් සිදු උනේ ඔක්තෝබර් 15. එය සාමාන්‍ය ය ආකරයට දින තුනක් පමන තිබිලා හොද උනා. නමුත් දැන් සුමානයක පමන ඉදන් නැවත අසනීප වෙලා එය අඩුනොවී තිබෙනව. ඇයට කිසිදු වේදනාවක් නැතැයි , ඇය කියනවා. එයට මොකක්ද කරයුතු ප්‍රතිකාරය ?
මට ඔසප් වීම කලින් වෙනවා ඒ සදහා හේතුව කුමක්ද මට වයස12
මට අවුරුදු 20යි .අවුරුදු 17දි ඉදන් මමට ඔසප් වෙන්නෙ අඅවුරුද්දකට දෙපාරක් තුන් පාරක් විතර ගොඩාක් විට තද ඔලුවෙ කැක්කුමක් තියෙනවා හිසකෙස් යනවා. මොකක්ද කල යුතු ප්‍රතිකාරය එය රෝගී තත්වයක් ද?
මට දැනගන්න පුළුවන්ද කොත්තමල්ලි පානය කොහොමද ගන්නේ කියලා? කොත්ත මල්ලි ඇට වතුරට දාලා ඒ වතුර හිස් බඩටද බොන්න ඕනෑ? මට දෙසැම්බර් මාසයේ මෙන්සස් හැදුන්නෑ. මෙන්සස් හැදෙන්න වගේ අමාරුව එනවා. යටිබඩයි, කොන්දයි රිදෙනවා. ඒත් හැදෙන්නේ නෑ. මොකක්ද කරන්න ඕනේ ඒකට. මේ මාසෙත් නෑ තාම...!