1960 දී ලොව පුරා ප්‍රචලිත වූ "The Patty Duke Show" වැඩසටහන ඔස්සේ කවුරුත් දන්නා හඳුනන ඔස්කා සම්මානලාභී නිළි පැටී ඩියුක් පසුගිය අඟහරුවාදා දිනයේදී මියගොස් ඇති බව ප්‍රකාශයට පත්කොට ඇත. මිය යන විට 69 වැනි වියේ පසුවන ඇය මිය ගොස් ඇත්තේ බඩවැල් පිපිරීමකින් වහනය වූ ලේ පැසවීමකින් විෂබීජ පැතිරීමෙන් බව ප්‍රකාශයට පත්කොට ඇත.
මිය යන විට භාර්යාවක, මවක, මිත්තණියක, යෙහෙළියක, මානසික සෞඛ්‍ය අධිනීතීඥවරියක වූ ඇය 1946 දී නිව්යෝර්ක් නගරයේ උපත ලද්දෙකි. කුඩා අවධියේ සිටම රංගන ක්ෂේත්‍රයේ නියැලුණු ඩියුක් 1962 වර්ෂයේදී හොඳම සහය නිළියට හිමි ඔස්කා සම්මානයෙන් මෙන්ම ඇමරිකානු අග්‍රගණ්‍ය සම්මාන උලෙළ කිහිපයකම සම්මානයට පාත්‍ර වූවෙකි.
අනුෂි දන්තනාරායන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd