ආජන්ටිනාවේ පැවති 53 වැනි ජාත්‍යන්තර ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියේදී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මෙවන් නිලුමින්ද විජේවර්ධන (16) සිසුවාට ලෝකඩ පදක්කමක් හිමිවිය. මෙම තරඟාවලියේදී තරඟකරුවකුට ලැබිය හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 42 කි. ලකුණු 28 ට වඩා ගතහොත් රන් පදක්කමත්, ලකුණු 21 ට වැඩිනම් රිදී පදක්කමත්, ලකුණු 14 ට වැඩිනම් ලෝකඩ පදක්කමත් හිමිවේ. මෙවන් නිලුමින්ද ලකුණු 16 ක් ලබාගනිමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තේ රටවල් 100 ක තරඟකරුවන් 544 ක් අතරින් 205 වැනි තැනට පත්වෙමිනි.
ලෝකඩ පදක්කම දිනා ලංකාවට පැමිණි මෙවන් නිලුමින්ද පිළිගැනීමට අධ්‍යාපන ආමාත්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාත් මුලින් රැවටුනා. ලෝකඩ පදක්කමක් හම්බවුනාට එයා ඒ තරඟයේ 205 වෙනියා. තරඟයේ තුන්වෙනියා වුනේ ඇමරිකාවෙ කෙනෙක්ලු. http://www.imo-official.org/year_individual_r.aspx?year=2012
සුභ පැතුම් ! ඉදිරියේදීත් ජයම ලැබේව .
අපේ ඉස්කෝලේ කොල්ලෙක්, ඉස්සරහට නම ගෙනියන්න මල්ලි.
දයාබර සොයුර,ඔබට ඉදිරියටත් මෙවැනි දස්කම් පෙන්වන්නට ඔක්තිය, ධෛර්‍යය ලැබේවා.!!
සුභ පැතුම් ඔබට !!!
ඔලිම්පියාඩ් තරඟාවලියක ලෝකඩ පදක්කම කියන්නේ තෙවැනි තැන නෙමෙයි. තරඟයට සහභාගී වන තරඟකරුවන්ගෙන් භාගයකට පදක්කම් හිමි වෙනවා. පදක්කම් හිමිවන තරඟකරුවන් අතරේ රන්, රිදී සහ ලෝකඩ පදක්කම් එකට දෙකට තුනට (1:2:3) යන අනුපාතයට බෙදී යනවා. මෙම ශිෂ්‍යයාට හිමිවෙලා තියෙන්නේ 205 වන තැන. පහත සඳහන් ඔලිම්පියාඩ් නිල වෙබ් අඩවි ලිපිනයෙන් ශ්‍රී ලාංකික තරඟකරුවන්ගේ ප්‍රතිඵල බලා ගන්න පුලුවන්. http://www.imo-official.org/country_individual_r.aspx?code=LKA
මම ඔබට සුභ පතනවා!
සුබපැතුම් !
අපේ කුරුණෑගල කොල්ලෙක්, ආඩම්බරයි අපිට. ඉදිරියටම යන්න මල්ලි .අප සියලු දෙනාගේම සුභ පැතුම් ඔබට.
තවත් මලියදේව පුත්‍රයෙක් ජයවේවා !!!
ඔය දැනුම හොද වැඩකට යොමුකරන්න. දෙසපලනයට එන්න එපා රට විනාසයි
පැහැබර හෙට දවසකට සුභාසිරි!
සුභ පැතුම් මල්ලි... ඔබට දෙවි පිහිටයි...!!
සුභ පැතුම් මල්ලියෝ.........
සුභ පැතුම් සහෝදරයා!
නිපුණ, මීට පෙර 96දී හරි 97දී හරි රාජකීය විද්‍යාලයේ මිස්සක වරුසවිතාණ ගණිත ඔලිමිපියාඩ් තරඟයෙන් රන් පදක්කම දිනුවා. ඒක තමයි අපේ රට ඔලිමිපියාඩ් එකෙන් දිනපු ඉහළම සම්මානය. මිස්සක වරුසවිතාණ ඊට පස්සෙ අවුරුද්දෙ A/L වලින් පළවෙනිය උනා
සුභ පැතුම්
නියමයි මල්ලි. ඉදිරියටත් රැකගන්න.
හසංග, ඔහුට තියෙන්නේ ලෝකඩ පදක්කමක් නේද?. (නි)
ඔබට අපේ ප්‍රණාමය..
රටවල් 100ක් අතරින් අපේ රටේ නම තියපු එකම අපිට වටිනවා මල්ලි වෙන මොනවා නැතත්.ඔබට ජයෙන් ජය!
සුභ අනාගතයකට ආසිරි....
ඇහුවත් ආසයි.
වාසනාවන්තයි මල්ලී....
නියමයි සනා...........
ආ නියමයි නියමයි. මං හිතන්නේ මේක තමයි අපි ගණිත ඔලිම්පියාඩ් වලින් ගත්ත ඉහලම ජයග්‍රහණය. මීට කලින් ලෝකඩ පදක්කම් කීපයක් ගත්ත මතකයි. මෙච්චර ඉහල ජයග්‍රහණයක් කවුරුවත් ගත්තෙ නෑ. මං උසස් පෙළ කරන කාලෙ නම් කාටවක්කත් පදක්කම් හම්බ වුනේ නෑ, ළඟදී තමයි පදක්කම් වත් එන්න ගත්තෙ. අපේ කාලෙ නම් කලාතුරකින් වත් ආපු ඉහලම සම්මානය වුනේ honorable mention සම්මානය විතරයි.
සුභ පැතුම්
දක්ෂ ලාංකික දරුවෙක්.සුභ අනාගතයක්!
සුභ පැතුම් සහෝදරයා!
සුභ පැතුම්!
සුභ අනාගතයක් මල්ලි ......දේශපාලනයෙන් පරිස්සම් වෙන්න හොදේ ...
සුභ අනාගතයක් මල්ලී....දේශපාලනයෙන් පරිස්සම් වෙලා වැඩකරන්න මල්ලී..
නියමයි මල්ලි දිගටම හොදට වැඩ කරගෙන යන්න
සුභපැතුම් ඔබට
රන් කොල්ලෙක්
ඉගනීමේ මුදුන්පෙත්තටම යාමට වාසනාව ලැබේවා .ඔබට ජයමවේවා .
ජය වේවා ,අපේ පැත්තේ කෙනෙක් තමයි මෙයා