( මනෝප‍්‍රිය ගුණසේකර සහ නාලක සංජීව දහනායක )

නිවෙස්වල එක්රැස්වෙන කුණු එකතු නොකිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සඳහන් කරමින් ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් විසින් කොළඹ අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වු විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ඇති වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

නිවෙස්වල එක්රැස් වු කුණුද රැගෙන මහ පාරට පැමිණි ඔරුගොඩවත්ත ප‍්‍රදේශවාසීන් පැය දෙකකට අධික කාලයක් තිස්සේ පැවැත්වු විරොධතාවය මහා නගර සභාවේ කුණු ලොරි පැමිණ කුණු රැගෙන යෑමෙන් පසුව අවසන් වු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.