(බී.ජී. චතුරංග)
රටේ සමස්ථ ඖෂධ හා වෛද්‍ය උපකරණ අවශ්‍යතාවයෙන් 42%ක් නිෂ්පාදනය කිරීමට නියමිත ඔයාමඩුව " සුව සිරි පුර "ඖෂධ නිෂ්පාදන පුරවරයේ පළමු කර්මාන්ත ශාලාව සදහා මුල් ගල තැබීම පසුගිය දා සිදු කෙරිණි.
සෞභාග්‍යයේ දැක්ම වැඩ පිළිවෙළ යටතේ සුවපත් දැයක් - පොහොසත් රටක් යන තේමාව යටතේ ඔයාමඩුව "සුව සිරි පුර" ඖෂධ නිෂ්පාදන කලාපයේ පළමු කර්මාන්ත ශාලාව සදහා මුල්ගල තැබීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතින් සිදු කෙරිණි .
මේ ව්‍යාපෘතිය මගින් ඖෂධ වර්ග 236 ක් හා ශල්‍ය උපකරණ 44 ක් රටේ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.
අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව රටේ නිෂ්පාදනය කළ හැකි සියලුම ඖෂධ ශ්‍රී ලංකාවේම නිෂ්පාදනය කර, තත්ත්වයෙන් උසස් ඖෂධ අඩු මිලට ජනතාවට ලබා දීම ඒ යටතේ අනුරාධපුර ඔයාමඩුව “දැයට කිරුළ” ප්‍රදර්ශනය පැවැති භූමියේ අක්කර 80ක භූමි ප්‍රමාණයක යෝජිත ඖෂධ නිෂ්පාදන කලාපය පිහිටුවීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඔයමඩුව ඖෂධ පුරයට මුල්ගල් තබයි
jayath Monday, 31 January 2022 08:23 AM
හරියට ඇත්තටම කෙරෙනවනම් - කරනවානම් මේක උතුම් වැඩක්( හැබැයි ඉතින් මෙයා ගේ වැඩ ගැන මගේ පුද්ගලිකව පැහැදීමක් නැහැ නමුත් එක පැත්තකින් තියල - දේශපාලනයෙන් වියුක්තව ) කුහක වෙන්නේ නැතුව කතාකරනවානම් ඉන්දියන් ජරාවල් පකිස්තානු සහ සමහර බංගලිදේශ ජරාවල් දීල මෙහෙ ලෙඩ්ඩු අමාරුවේ නොදම අඩුමගනමේ " අව් ශද නිෂ්පාදන නීතිගත සංස්ථාවෙ "( එස් පී සී එහෙමෙ නෙමි ගොඩක් අය මේ දෙක පටලව ගන්න ව ) ප්‍රමිතියට වත් හදන්න පුළුවන් නම් ඉතිහාසගතවෙන කර්තව්‍යයක් - ජයවේවා කියල පතනවා
fairoos Monday, 31 January 2022 02:14 PM
ඉතාම හොඳ වැඩක්.. ඒත් මේ ආණ්ඩුව කරයිද කියලා තමයි විශ්වාස නැත්තේ...!