
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් රැල්ලක් පැතිර ගියත් පවතින තත්වය යටතේ රට වසා දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර කොවිඩ් තෙවැනි මාත්‍රාව ලබා නොගතහොත් ඉදිරියේදී මරණ වැඩිවීමට ඉඩ ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
සුනාමියක් ආකාරයට වේගයෙන් පැතිර ගොස් එකපාරටම නතර වීම ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ මූලික ලක්ෂණය බව පැවසූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ඔමික්‍රෝන් මෙරටේද වැඩිකල් නොපවතිනු ඇතැයි ප්‍රකාශ කළේය.
ලෝකයේ බොහෝ රටවලද ඔමික්‍රෝන් පැතිර ගියේ ඒ ආකාරයට බවද ඔහු කීවේය.
එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වන හෙයින් රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් සිය නිවෙස්වලම නිරෝධායනයට ලක්විය හැකි බවත් හැකි ඉක්මනින්ම රෝහල්ගත විය යුත්තේ ඔක්සිජන් හිඟතාවයෙන් පෙළෙන, සංකූලතා ඇති, වයස වැඩි , එන්නත නොගත් පුද්ගලයන් පමණක් බවත් අර්ජුන ද සිල්වා මහතා පැවසුවේය.
කොවිඩ් තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු බව පැවසූ හෙතෙම ගෙන් ගෙට හෝ ගොස් එන්නත ලබා දීම ඉතා වැදගත් බවද ප්‍රකාශ කළේය.
තෙවෙනි මාත්‍රාව ලබා ගත් අයට ඔමික්‍රෝන් ඇති කරන්නේ සෙම්ප්‍රතික්ෂාව වැනි තත්වයක් පමණක් බවද ඔහු කීවේය.
පවතින තත්වය යටතේ පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම එන්නත් ලබා නොගත් පාසල් කෙරෙහි සෞඛ්‍ය අංශ වැඩි අවධානය යොමු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පැවසූවේය.
රටේ උත්සව, කානිවල්, සංගීත ප්‍රසංග සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීම වරදක් නැති බව සඳහන් කළ සිල්වා මහතා පවතින ආර්ථික තත්ත්ව යටතේ රට වසා දැමීමට හැකියාවක් නැති බවද සඳහන් කළේය.
" අද මේ සියලුම එන්නත් නිකන් දෙන නිසානේ ප්‍රශ්නේ. මේවා සල්ලිවලට දුන්නා නම් මිනිස්සු පොරකකා ගනීවි. මේ රටේ හැමදාම වෙන්නේ ඒ විදියටයි. එන්නත් ටික නොමිලේ දෙන එක කොච්චර නම් වැදගත් දෙයක්ද. අපි ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕන." යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මහාචාර්යතුමා කියන කොයි කාරණාවද අපි පිළිගන්න ඕනෑ. මෙච්චර දිග වැල් වටාරම් ගහලා කියන...
දොස්තර මහත්තයා මොකක්ද කිව්වේ...? නිකන්? පොඩ්ඩක් හොයලා බලන්න. ණය ආධාරවලින් නම් එන්නත් ගෙන්වන්නේ, එව්වා ගෙන්වන්නේ අපේ බදුමුදල්වලින් කියලා අද හරි දැනගන්න.
කොයි රටේද සල්ලි වලට එන්නත් කරන්නේ...? ඒකටත් එහෙනම් වැඩේ දෙන්නයි යන්නේ..!
බුද්ධිමතා එන්නත්වල වටිනාකම දන්නවා. සද්ද නැතිව ගිහිල්ලා විද ගන්නවා. මෝඩයා එන්නත් කරණය සමච්චලයකට ලක් කරකර ඉඳලා ලෙඩේ හැදිලා අමාරු වුණු ගමන් එන්නතේ පිහිට පතනවා. එතකොට ඉතින් ප්‍රමාද වැඩියි. පරලොව තමයි යන්න වෙන්නේ...!