මේ දවස්වල කොණ්ඩෙ වැවෙනකම් බලන් ඉන්නවා. මොකද සී රජ නාට්‍ය නිසා සම්පූර්ණයෙන්ම කොණ්ඩෙ කැපුවා. දැන් ටික ටික කොණ්ඩෙ වැවෙනවා. ඉතිං ඔහොම තමා.
කොණ්ඩෙ වැවෙනකම් නිර්මාණ බාරගන්නෙ නැද්ද?
නිර්මාණ කියන්නේ මේ තට්ටෙ පොඩ්ඩක් නැතිවෙලා කොණ්ඩෙ වැවෙනකම් ඉන්නවා. ඒ අතරතුර දෙරණ සහ ස්වර්ණවාහිනියෙ වැඩ කටයුතු කරගෙන යනවා. රයිගම් ටෙලි සම්මාන උළෙලේ වැඩවලට සම්බන්ධවෙලා ඉන්නවා. එහෙම වැඩ තමා විශේෂ වැඩ කටයුත්තක් නෑ.
ටිකක් ප්‍රමාද වෙලා කලාවට එන්නෙ ඇයි?
ඇත්තටම මම පුංචි කාලෙ ඉඳන්ම කලාවට කැමැත්තක් දැක්වූවේ නැහැ. මගේ අම්මා අප්පච්චි අපිට නිදහස දුන්නා අපි කැමති දේ කරන්න. මම ගෙදර හිටිය නිහඬ ළමයෙක්.
අප්පච්චිගෙ කලාව හොඳයි. ඒත් මම ව්‍යාපාර දියුණුව මුදල් වියදම ඒවාට තමා කැමති වුණේ. මම පොඩි කාලේ ඉඳන්ම ගණන්කාරයෙක්. මම ගණන්වලට හරි දක්ෂයි. ආසයි. මම පුංචි කාලෙ ඉඳන්ම ව්‍යාපාර කටයුතු කළා. මට මතකයි 7 වසරේදී සුරතල් මාලු විකුණන ව්‍යාපාරයක් කළා. කොච්චර ලොකුවට කළාද කියනවා නම් 7 වසරේ ඉඳන් 10 වසර වෙද්දි මම ජීවිකාව හැටියට මාලු විකුණපු අයටත් සුරතල් මසුන් විකුණුවා. ඒවට අම්ම අප්පච්චි සතුටු වුණා. ඒ නිදහස මට දුන්නා. කලාවට එන්න පරක්කු වුණේ ඒක වෙන්න ඇති. මම හිටපු ක්ෂේත්‍රයත් එක්ක මට කලාව ගැටුණෙම නෑ.
ඔබ මුලින්ම කලාවට එන්නේ?
මාව මුලින්ම දකින්නේ දිගු දෑස Music Visual එකෙන්. එතනදි මම ජැක්සන්ගෙ පුතා කියලා ගොඩ දෙනෙක් දැනගන්නෙ නෑ. මාව හරියටම දැනගත්තේ සිරි පැරකුම් චිත්‍රපටයෙන් පස්සෙ. එතනින් එහාට කතාව වෙනස් වෙනවා. මම කලාවට එන්න හිතන්නෙ අම්මා අප්පච්චි හොඳ කාලාකාරයො. දැන් මෙහෙම කිව්වොත් හරි. වඩුවගෙ පුතා ඉංජිනේරු කෙනෙක් වුණත් ගෙදර ඇවිල්ලා පුටුවක් හදනවා දැක්කොත් මගේ එකා මගේ දේ කරනවනෙ කියලා සතුටු වෙනවනේ. ඉතිං මමත් දන්නවා. මගේ අම්මා අප්පච්චිත් මම කලාවට එද්දි ඒ වගේ සතුටු වුණා. එයාලගේ සතුට ප්‍රේක්ෂක ආදරය ඒ දේ එක්ක මම රඟපෑවා.
දැන් ව්‍යාපාර කටයුතු කරන්නෙ නැද්ද?
කරනවා... කරනවා... අනිවාර්යයෙන්ම. ව්‍යාපාර අත්හරින්නේ නෑ.
මොනවගේ ව්‍යාපාරයක්ද?
කලාවට සම්බන්ධ ව්‍යාපාරයක්. මොකද කලාවෙත් කැමති ව්‍යාපාර පැත්තට.
කොහොමද අක්කා සහ මල්ලී අතර තියෙන බැඳීම?
මුලින්ම අක්කයි මායි තමා එකතු වෙන්නේ. ඒ කාලේ අපි චූටි මල්ලිව බලාගන්නවා. අපි දෙන්නම චූටි මල්ලිව හදා වඩා ගත්තා කිව්වොත් හරි. චූටි මල්ලි කිව්වට හැබැයි එයා මට වඩා අවුරුද්දයි බාල. කාලය ගෙවෙනවා. අක්ක ඉතිං ගෑනු ළමයෙක් නිසා එයා ලොකු වෙද්දි ඒ විදියට හැඩ ගැහුණා. අක්කට තියෙන ආදරය බැඳීම ඒ විදියටම තියෙද්දි චූටි මල්ලිගෙයි මගෙයි තියෙන සහෝදරකම හොඳම හොඳ යාළුකමකට පෙරළෙනවා.
ළමා කාලය මතක් කළොත්?
මම උපරිමයෙන්ම නිදහස වින්දා. මොකද අක්කා පොඩි කාලෙ ඉඳන්ම හපන් පැදුරේ හිටපු නිසා කට්ටිය එයාව දැක්කම අඳුනනවා. චූටි මල්ලිත් එහෙමයි. එයා පොඩිකාලේ ඉඳන්ම නළුවනෙ. මම ඉතිං එහෙම නෑ. මම සාමාන්‍ය කෙනෙක්. එයාලා සමාජයේ විශේෂ චරිතනෙ. ඉතිං එයාලට බැරිදේවල් පවා මම කළා. එයාලට වගකීම් වැඩිවුණා. මම පවුලේ අයගෙ කලා වැඩ බලාගෙන නිදහසේ හිටියා. අන්තිමට එයාලගෙ වැඩ ඔක්කොම බලා හිටපු මමත් ඒවම කළා.
ජනප්‍රිය පවුලක ඉපදීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම වාසනාවක්. ඔය අහන ප්‍රශ්නය ගැන මම තනියම කල්පනා කරන අවස්ථා තියෙනවා. හේතුව මට එහෙම හිතන්න අවස්ථාවක් ලැබුණා. මොකද මම දැක්කා අම්මා අප්පච්චි ඒ වගේම අක්කා හා චූටි මල්ලි පාරේ යද්දි වුණත් මිනිස්සු උනන්දුවෙන් බැලුවා. හැබැයි මම පාරේ යද්දි කවුරුත් එහෙම බැලුවෙ නැහැ. මේ පෙනුමම තමා මට තිබ්බෙ. ඉතිං තරු ලකුණ කියන එක මට තේරුණේ ඒ අකිලම දිගු දෑස රඟපාලා ඊට පස්සේ බස් එකේ යද්දි. මට සති දෙකක් බස් එකේ යන්න ලැබුණේ නෑ. ඒත් ඊට පස්සෙත් මම දිගටම බස්වල ගියා.
මම කියන්නේ කලින් මම දිහා කවුරුත් බැලුවෙ නෑ. මට මතකයිනේ. මට හොඳට මතකයි මට නළු උණක් තිබ්බෙත් නෑ. කාටවත් මම දිහා බලන්න වුවමනාවක් තිබ්බේ නෑ. නමුත් ඒ වෙනස දැන් අවුරුදු තුනක ඉඳන් මට දැනෙනවා. මිනිස්සු මම දිහා බලනවා. හිනාවෙනවා. ආදරය දක්වනවා. ඒ දේවල මට දැනෙනවා. තරු ලකුණ නම් පුදුමාකාර දෙයක්.
අනාගත බලාපොරොත්තු?
පුංචි කාලේ ඉඳන්ම මගේ සිහිනය වුණේ හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒ සඳහා දිගටම වැඩ කරනව. ව්‍යාපාර කටයුතු පිළිබඳ අධ්‍යයනය කරනවා. ඒ එක්කම දෙමාපියන්ගෙන් ලැබූ බූදලය අත්හරින්නෙත් නෑ. කලාවන් තුළත් නියැලෙනවා.
පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරමු. පෙම්වතෙක්ද?
ඔව්.
කවදා විතර ද විවාහ වෙන්න බලාපොරොත්තුව?
මම නම් හෙට වුණත් කැමතියි. ඒත් එහෙම කරන්න බෑනේ. ඒකට නැකත එන්න ඕනෑ.
අනූෂා රණසිංහ
2025 දෙසැම්බර් මස 30
115
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඔබ පෙම්වතෙක්ද? ඔව්