ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගනයේ සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ සිනමා පටය ජුලි 13 වැනි ඉරුදින සවස 03ට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ රොට්රෙට් අංක 15හී පිහිටි මෙනිල්මොන්ටාන් රංගන ශාලාවේදි තිරගත වීමට නියමිතය.
එම සිනමා පටයේ 43 වැනි අන්තර් ජාතික ඉන්දීය සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය හිමිකර ගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපායි.
අපරාධය හා දඩුවම ලොවට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ රුසියා නව කතාකරු දොස්තොව්ස්කි සුප්‍රසිද්ධ නවකථා කරුගේ නිර්මාණයක්වූ ‘කීකරු යුවතිය ‘ නම් කථාවේ නිධානයෙන් නිර්මාණයවු මෙම කථා පුවතින් ස්ත්‍රියගේ ජීවන රටාව ප්‍රබලයා විසින් දුබලයා අක්‍රිය කිරීම , තේරුම් නොගැනීම ද පෙන්වයි.
ප්‍රංශයේ වෙසුල් අන්තර් ජාතික ආසියා සිනමා උළෙලේ හොඳම නිර්මානයට හිමි සික්ලො ඩෝර් සම්මානය හිමි මෙම කෘතිය ඊලඟ සති අන්තයේ පැරීසියේ රිදි තිරය ආලෝකමත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු දක්ෂයෙක් බව අවිවාදයෙන් පිළිගන්නවා. (නි)
ඔබ නැතුව ඔබත් එක්ක මටත් පොඩි ගනු දෙනුවක් තියෙනවා. මම නම් කිසිදාක නම්බුනාම, මුදල්, තත්වය වෙනුවෙන් මගේ රට නම් පාවා දෙන්නේ නැහැ. (නදී)
ප්‍රසන්න මහතාට සුභපැතුම් (දී)