IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ඔබ නැතුව ඔබත් එක්ක‘ පැරිසියේ

ශ්‍රී ලංකාවේ විශිෂ්ට ගනයේ සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබත් එක්ක‘ සිනමා පටය ජුලි  13 වැනි ඉරුදින සවස 03ට පැරිස් කලාප අංක 20හි රූ ඩෙ රොට්රෙට් අංක 15හී පිහිටි මෙනිල්මොන්ටාන් රංගන ශාලාවේදි තිරගත වීමට නියමිතය.

 එම සිනමා පටයේ 43 වැනි අන්තර් ජාතික ඉන්දීය සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය හිමිකර ගත් අන්ජලී පටිල් ඉන්දීය නිළිය හා ශ්‍යාම් ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපායි.

අපරාධය හා දඩුවම ලොවට හඳුන්වා දුන් ශ්‍රේෂ්ඨ රුසියා  නව කතාකරු දොස්තොව්ස්කි සුප්‍රසිද්ධ නවකථා කරුගේ නිර්මාණයක්වූ ‘කීකරු යුවතිය ‘ නම් කථාවේ නිධානයෙන් නිර්මාණයවු මෙම කථා පුවතින්   ස්ත්‍රියගේ ජීවන රටාව ප්‍රබලයා විසින් දුබලයා අක්‍රිය කිරීම , තේරුම් නොගැනීම  ද පෙන්වයි.

ප්‍රංශයේ වෙසුල් අන්තර් ජාතික ආසියා  සිනමා උළෙලේ හොඳම නිර්මානයට හිමි සික්ලො ඩෝර් සම්මානය හිමි මෙම කෘතිය ඊලඟ සති අන්තයේ පැරීසියේ රිදි තිරය ආලෝකමත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

‘ඔබ නැතුව ඔබත් එක්ක‘ පැරිසියේ

සලීත් Tuesday, 08 July 2014 05:47 AM

මොහු දක්ෂයෙක් බව අවිවාදයෙන් පිළිගන්නවා. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 09 July 2014 10:46 PM

ඔබ නැතුව ඔබත් එක්ක මටත් පොඩි ගනු දෙනුවක් තියෙනවා. මම නම් කිසිදාක නම්බුනාම, මුදල්, තත්වය වෙනුවෙන් මගේ රට නම් පාවා දෙන්නේ නැහැ. (නදී)

:       0       0

රන්ජිත් Tuesday, 08 July 2014 09:46 AM

ප්‍රසන්න මහතාට සුභපැතුම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site