
(ගයාන් සූරියආරච්චි)
ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන මූල්‍ය වංචා පරිගණක අපරාධ ගණයට වැටෙන අතර එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා සිදුකරමින් මූල්‍ය වංචා කළ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම ඉන්දියානු ජාතිකයන් සංචාරක වීසා මගින් මෙරට රැඳී සිටි ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉන්දියාවේ තහනම් කරන ලද සූදු වෙබ් පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඒ ඔස්සේ ඉන්දියානු ජාතිකයන් සම්බන්ධ කර ගනිමින් කෝටි ගණනින් සූදු ක්‍රීඩා කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම ඉන්දියානු ජාතිකයන් මාස කීපයක සිට මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ වන විට අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකරන ජාවාරම්කරුවන් ජාලයක් සිටින බවට අනාවරණය වී ඇති අතර එම ජාවාරම්කරුවන් හෙළිදරව් කර ගැනීමට විමර්ශන සිදුකරන බවද නිහාල් තල්දුව මහතා පැවසීය.
යම් පුද්ගලයෙක් සතු නිවසක් කුලියට දුන්නද එම නිවස කුලියට ගත් පිරිස කුමන කාර් යයක නියැලෙන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීමට අයිතිකරුට වගකීමක් ඇති බව පැවසූ තල්දුව මහතා එම කුලියට ගත් නිවස කිසියම් අපරාධයක් සඳහා භාවිතා කර ඇති බවට අනාවරණය වුවහොත් රාජසන්තක කිරීමට පවා හැකියාව ඇති බව පැවසුවේය.
අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි නඩු පැවරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකු වංචාවෙන් එහෙම බලපෑමක් නෑ...
ඉන්දියානුවන් එහෙමයි. අධික ජනගහනයක් ඇති රටක් නිසා ලෝකෙ පුරාම ඔවුන් දැඩි සේ ව්‍යාප්තව ඒ ඒ රටවලට බලපෑම් ඇති කරනවා. රනිල් ලොක්කා ගොඩබිමිනුත් පාරක් හදන්න හදනවා. එහෙම ස්වයං වින්දනයක් යෙදුනට ඒවා සමස්ථ ජාතියටම අනාගත ගැටලු .
ඔන්ලයින් සහ උන්ඩියල් ජාවාරම් වල නිරතවෙන බොහෝමයක් අර පක්ෂේ උදවිය තමයි. ඒ සල්ලි තමයි පක්ෂේ වියදමට එවන්නේ. ඒ නිසයි ඒ පක්ෂයේ නායකයෝ පක්ෂ අරමුදල විගණනය කරනවට විරුද්ධ
මහබැංකු හොරු, සුනාමි හොරු ආදී නොයෙක් හොරුත් තාම ලංකාවේ ඉන්නවනේ...!