(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත ( ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46 කින් පාර්ලිමේන්තුවේදී අද (24) සංශෝධන සහිතව සම්මතවිය.
පනතට පක්ෂව ඡන්ද 108ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 46ක් පමණි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමග ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති.
රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. අලි සබ්‍රි රහීම්,වඩිවෙල් සුරේෂ්, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා මෙම පනතෙන් විධිවිධාන සැලසේ. පනත් කෙටුම්පත අද(24) සහ ඊයේ (23) දින දෙකක් විවාදයට ගැනිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතැනින් එහාට...?
පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන්ගේ පිහිටෙන් ඔන්ලයින් පනත කොහොමටත් සම්මත වෙනවා. මුලුමහත් ජනතාවම දූෂිත ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා හමාරයි. ජනතාව නිහඬ කරන්න මොන පණත් ගෙනාවත් බැරිවෙයි...
8 පාස්වත් නැති, ලෝකය තියෙන්නේ ශ්‍රී ලංකාව ඇතුලේ කියලා හිතන, තමන් ගැන මහාලොකුවට හිතන, එහෙත් මොලයේ කිසිවක් නැති, ශ්‍රී ලංකාව කියන දුපත බලෙන් පාලනය කරන, බලයට පත්වන්න පෙර රෑට රෑට කුකුල් හොරකමේ ගිය..., හොරපොල් කඩන්න ගස්බඩගාපු මිනීමරු හොර රංචුවක් විසින් සම්මත කරගත් මේ පනත... අනිවාර්යයෙන්ම ඔවුන් කරාම පාරාවළල්ලක් වගේ කැරකිලා එන්න අපි වැඩ සලස්සනවා... අනිවාර්යයෙන්ම... ඔය පනතට අත උස්සපු 108 දෙනාගේම ටෙලිෆෝන් වලට එන ඔක්කෝම ෆයිල්ස් අපි හැක් කරනවා. පුළුවන්නම් අල්ලා ගනිල්ලා. ඒ වගේම ගූගල්, මෙටා.. පමණක් නොවෙයි ඉන්ටර්නෙට් පවා ලංකාවට නොලැබී යන්නත් ඉඩතියෙනවා. (සිංගප්පුරුවේ ඉන්ටර්නෙට් කොන්සොර්ටියම් එකත් මේ පනතට සම්පුර්ණයෙන්ම විරුද්ධයි) ඒ වගේමයි.. ඡන්දෙන් පස්සේ පත්වන නව රජයට යෝජනාකර බළකොට සිටිනවා... මේ පනතට අත් ඔසවපු අමන මිනීමරු හොරු 108 දෙනා වෙනුවෙන් පමණක් මෙම පනත සම්පුර්ණයෙන්ම බල පවත්වන්න" කියලා...
පට්ට හොරුන් 108 විසින් සම්මත කරගත් පනතක්. ඔය පනත ඕකුන් කරාම එනවා ස්ථිරයි.
ජාත්‍යනතර ප්‍රමිතීන්ට අනුව ඔන්ලයින් පනත සකස්විය යුතුවේ සහ සමජමද්‍ය වෙත FB අදහස් දක්වන හෝ වෙත යොමුකරනාවූ අන්තර්ගතයේ වගකීම දැරීමට නොහැකි පුද්ගලයන් ඔන්ලයින් පනතට විරුද්දව අදහස් ප්‍රකාශ කලද ජාත්‍යනතර ප්‍රමිතීන්ට අනුව සකස්කළ ඔන්ලයින් පනතක් රටකට තිබිය යුතුවේ.
බයියලාට මොන ඕනලයින්ද
මෙවැනි පනත් වලට පක්ෂව හැම චන්දයක්ම මුන් දෙන්නේ පනත දේශයට ,ජනතාවට යහපත්ද නැද්ද මත නෙමෙයි.තම තමන්ගේ ,පැවැත්ම උදෙසා
පක්ෂව ඡන්දය දුන්නු එකෙක්ට ආයේ මගේ ඡන්දය නෑ
ඔය පනතට අත උස්සපු උන් 108 දෙනාටත් උන්ගේ පවුල්වල උන්ටත් නැති ලෙඩ ඇතිවී ,නොවිඳිනා දුක්විද අවසානයේදී කුණුවී, පනුවෝ ගසා මැරේවා !!!
මහා බැංකුව සුද්ද කරපු එකා නායකත්වය සපයන රටක මිනිස්සුන්ගේ කටවල් වහල තියාගන්න වෙනවා තමයි ඉතින්. නමුත් මොනවා කලත් මිනිස්සු මේ හොරුන්ට පස්සට පයින් ගහල එලවන එක නතර කරන්න බැහැ පුතේ
මේකත් අර සනත් නිශාන්තගේ වැඩේ වගේ තමයි.දැල්ල නිමෙන්න යනකොට සෙල්ලම් වැඩී.ටිකක් ඉවසලා ඉන්න තව මාස කීපයකින් මේ ඔක්කොම ඉවරයි