ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජය සංවිධානය කරන 54 වැනි විවෘත ශ්‍රේණිගත කිරීමේ ටෙනිස් තරගාවලියට (‘බී’ ශ්‍රේණිය) සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (22) අවසන්වේ. තරගාවලිය මෙම මස 25 වැනිදා සිට 5 වැනිදා දක්වා ඔටර්ස් ක‍්‍රීඩා සමාජයීය ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. තරගාවලියට විවෘත පිරිමි හා කාන්තා කේවළ, යුගළ හා මිශ‍්‍ර යුගළ ඉසව් ද, වයස 7 න් පහළ, 8 න් පහළ, 10 න් පහළ, 12 න් පහළ, 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ (බාලක/බාලිකා) කේවළ ඉසව් ඇතුළත්වේ. 14 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ දෙකෙන් පමණක් යුගළ ඉසව්ව පැවැත්වේ. වයස 45 ට වැඩි ප‍්‍රවීණයන්ගේ යුගළ ඉසව්වක් ද තරගාවලියට ඇතුළත්ය. තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර සෙසු ඉසව් සඳහා කුසලාන හා සහතිකපත් පිරිනැමේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර සහ අයැදුම්පත් නො: 380/1, කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔටර්ස් ජල ක‍්‍රීඩා සමාජයෙන් හා කොළඹ ටෙනිස් සංගම් මුලස්ථානයෙන් ලබා ගත හැකිය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd