ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක ශ්‍රී ලාංකික තානාපති පුරප්පාඩු මාස කිහිපයක සිට පවතින බව එරටවල ශ්‍රී ලාංකිකයෝ පවසති. ගිය රජයේ දේශපාලන පත්වීම් ලබා තානාපතිවරුන් වශයෙන් සිටි බොහෝ දෙනා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇතත් නව තානාපතිවරුන් මේ වනවිටත් පත්කොට නොමැත. තානාපති කාර්යාලවල සිටි අමාත්‍ය උපදේශකයින්ද නව ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇත. යුරෝපය ඇතුළු බොහෝ රටවල පවතින ශ්‍රී ලංකා තානාපති පුරප්පාඩු පිලිබදව විමසීමේදී විදේශ අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සත්‍යා රුද්‍රිගෝ මහතා කියා සිටියේ පුරප්පාඩු පිරවීම දවසින් දෙකින් කළ නොහැකි බවයි. නව තානාපති වරුන් පත් නොකොට හිටපු තානාපතිවරුන් හදිසියේ ගෙන්වා ගත්තේ මන්දැයි එසැණ කළ විමසුමට ඒ මහතා මෙසේ පැවසිය.
‘මම ඒවා ගැන දන්නේ නැහැ. තානාපති වරුන් පත්කොට අපට දැනුම් දුන්නට පසු මාධ්‍යට කියන්න අපිට පුළුවන්. එච්චරයි අපි දන්නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයට තානාපතිවරුන් එවනවිට විදේශ අමාත්‍යංශයේ සේවය කර පළපුරුදු නිලධාරීන් තානාපති කර එවන්න.නැත්නම් වන්නේ කිසිදෙයක් නොදන්නා ඇමති පවුලේ හෝ හිත මිතුරුකමට එවන නිලධාරීන් රටේ මුදල් වියදම් කරමින් සැපසහිත ජීවිතයක් ගෙවීමත් සහ එම රටවල සිටිනා අය සංවිධාන වලට ගොස් බොරු සංදර්ශන දැමීමත් පමණය (නි)
හිටපු තානාපති හේමන්ත වර්ණකුලසූරිය මහත්තයාගේ කාලයේ නියමෙට වැඩ තිබුනා. එතුමා වීඩියෝ කැමරා එතුමාගේ කාර්යාල කාමරයේ සවිකරගෙන බලාගෙන හිටියා වැඩකරන විදිය.අනේ මන්දා! කොහොම වුණත් උගත් බුද්ධිමත් මහත්මයෙක් එවන්න. (නි)
ඔන්න පසුගිය ආණ්ඩුවේ නුසුදුස්සන්ට තනතුරු දුන් අපේ තානාපති සේවයේ ඇත්ත තත්ත්වය! (නි)
එංගලන්තයේ තානාපති කාර්යාලයට මටත් යන්න වුණා පහුගිය රජය කාලේ. අනේ ඇත්තට! එතන වැඩකරන අය දැක්කහම දුක හිතෙනවා. මගේ ගනුදෙනුවක් තවම පියවා නැහැ. ලිපිවලට උත්තරයක්වත් එවන්නේ නැහැ. (නි)
දයා ඔච්චර ආවේගශීලි වෙන්න එපා. (දිල්)
හැමදේම ඉතින් එකපාර කරන්න බැහැනේ. ටික ටික හරියයි (නි)
දේශපාලන පත්වීම් දෙනවට අපිත් කැමති නැහැ. තානාපතිකම් දෙන්න ඕනේ මව් රටට ආදරය කරන උගත් බුද්ධිමතුන්ට. (ස)
ආණ්ඩුවක් ආ හැටියේ තානාපතිවරු මාරුකරන එක සිරිතක්නේ. යවන්නම ඕනෑ අයත් හිටියා. එහෙත් සමහරු ලංකාවට කැඳවලා නැවත වෙන රටකට යන්නත් සුදානම්ලු. සමහරුන්ට පත්වීම් ලැබී මාස කිහිපයකින් යන්න සිදුවුණා. පත්වීම ලබන්නා දේශපාලනද අමාත්‍යංශද හෝ උගත්ද නැද්ද යන්නට වඩා ලංකාවට හා මිනිසුන්ට සේවයක් කරන්නට කැමති අයෙකු වීමයි වැදගත්. චක්‍රලේඛන වලට මුවාවී මිනිසෙකුට යම් සේවයක් නොකෙරෙන තැනට කරුණු හොයන එක තමයි බොහෝ නිලධාරීන් කරන්නේ. (නි)
තානාපතිවරු ඔය තරමටම හිඟනම් , ඔන්න ඔහේ මට එකක් දෙන්න. හැබැයි ඉතාලිය නැතුව හොඳේ ! (නි)
සුදුසුකම් ඇති අය නැතිව නොවේ -පක්ෂ-පාතකම්-අඩු-පාඩුවේ. (ස)
ඒ තමයි යහ පාලනයේ වෛර පාලන කටයුතු , අනේ මෙහෙම ආණ්ඩුවක් ! මකබෑවිලා යන්නේ නැතුව. (ස)
සියලුම රටවල් වලට වගේ පත්වුණේ දේශපාලන පත්වීම්. සුදුස්සන් පත්කළේ නැහැ. (නි)
අසිත පෙරේරා මහත්තයා ගියාට පස්සේ බෙනට් කුරේ මහත්තයා එන්න මාස හතරක් විතර ගියා. ඒ කාල සිමාවටම තානාපති පුරප්පාඩුව තිබුණා. බෙනට් කුරේ මහතා ගිහිල්ලත් දැන් මාසයකට වැඩියි. තව මාස කීයක් තානාපති කෙනෙක් නොමැතිව ඉතාලි අපේ තානාපති කාර්යාලය දුවයිද? (නි)
අද රෝමයේ තානාපති කාර්යාලට ගිහින් බලනකොට අපිටම ලැජ්ජා හිතෙනවා (නි)
ලාල්ගේ කතාව ඇත්ත. වටේම තියෙන තානාපති කාර්යාල දිහා බැලුවම අපි සොමාලියාවටත් වඩා අන්තයි. අතහැරලා දාපු මානසික රෝහලකටයි අපි අපේ තානාපති කාර්යාලය කියන්නේ. එකට ගියාම අපිටත් පිස්සු හැදෙනවා.ඉන්න සමහර නිලධාරීන්ට පිස්සු කියලා මම කියන්නේ නැහැ. යහපාලන ආණ්ඩුවට මම එක ඔත්තුවක් දෙන්නම් හොයන්න මෙතන එදා ඉදලම සිදුවුණු වංචා දුෂණ. කරොත් ඔන්න වැඩේ,නමුත් කරන්න බැහැ.ඒකට හේතුව කියන්න ගියොත් ආණ්ඩුවටත් පුංචිම හෝ කැළලක් එනවා.(බ)