කොළඹදී ව්‍යාජ ස්වයංක්‍රීය ටේලර් කාඩ් මගින් ඒ ටී එම් ගිණුම් වලින් හොරට මුදල් ගත්තැයි කියන තුර්කි ජාතිකයෝ දෙදෙනෙක් හා යුක්රේන ගැහැණියක ලබන බදාදා (16) තෙක් කොළඹ කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබුහ.
කුරුදුවත්තේ ටේලර් යන්ත්‍රයකින් මුදල් ගනිද්දී තුර්කියේ ෂන්බර්කන් හාකන් හා අහමඩ් අක්ඩෙමිට් ද යුක්රේනයේ මාරියන් ලෙව්චන්කෝ චුම්බක කාඩ්පත්, දත්ත සහිත උපකරණ සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය එන්නේ සංචාරක වීසා වලින්. අපි ගණන් හදන්නේ සංචාරයන් විදියට. මේ දිනවල මහරගම, කොට්ටාව අවට මාල (බෙලෙක් මාල) මේසයක තබා විකුණන කට්ටියකුත් දැකගන්න පුලුවන් (නි)
අනේ මෙහෙමත් හොරු! (නි)
මේ යුක්රේන් ජාතිකයින් තමයි, ටේලර් මැෂින් වලින් අනුන්ගේ සල්ලි අදින හොරුන්ගෙන් ලෝකයේ අංක එකට ඉන්නේ.හොඳම ආරක්‍ෂිත ක්‍රමය තමයි හැම වෙලාවකම තමුන්ගේ එක අතකින් අංක පුවරුව ආවරණය කරගෙන රහස් අංකය සටහන් කිරීම.අනිත් කාරණය තමයි, තමන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර අන්තර්ජාලයට මුදාහැරීමේදී, මේ හොරුන්ට ඔබගේ බැංකු ගිණුම් පිළිබද දත්ත පැහැර ගැනීමට ඇති හැකියාවද ඉතා ඉහළ මට්ටමක පැවතීමයි. (නි)
යුක්රේන් ඇතුළු රුසියා රටවල් වලිනුයි ලයිබීරියා ඇතුළු බටහිර අප්‍රිකානු රටවලිනුයි එන සංචාරකයන් ගැන ගොඩක් විමසිලිමත් වෙන්න. (ස)