ඒකාබද්ධ විපක්ෂය යන ශුද්ධ වචනය හොරුන්ට මංකොල්ලකාරයනට භාවිත කිරීමට ඉඩ ලබා දිය නොහැකි බවත්, ඒ වෙනුවෙන් විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමට තමා මැදිහත් වී ඒකාබද්ධ විපක්ෂයක් පිහිටුවා ගන්නා බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (16) කොළඹ මහජන පුස්තකාලයේ මාධ්‍ය හමුවකදී කීවේය.
‘එදා සියලු දේ සිදු වූයේ රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මතයි. ඔවුන්ගේ බොහෝ අවශ්‍යතාව වෙනුවෙන් මට පෙනී සිටීමට සිදු වුණා. අද සිට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මම. ඉදිරියේදී බොහෝ අය මා වටා එකතු වේවි. බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලා පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් ආණ්ඩු කරන විට ඒකෙම තවත් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටීමට කිසිදු හැකියාවක් නැහැ.‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා මේ වැඩවලට දක්ෂයා. (ර)
ඔහොම යන්.... (ර)
දැන් වටිනා කමක් නැති අවලංගු කාසියක්. පාර්ලිමේන්තුවට යන්න බැරි විපක්ෂයක් කොහෙද තියෙන්නේ. (ර)
හොද අදහසක්... ජයවේවා.! (ර)
මම ඉතා ආදරයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි පුද්ගලයන් එක හෙළාම ප්‍රතික්ශේප කරන්න කියා. (ර)
හැගීම් වලින් වැඩ කරන්න එපා. (ර)
මෙතුමා මාධ්‍ය සංදර්ශන වලට දක්ෂයා. (ර)
මේ ආණ්ඩුවේ නොහැකියාව කොච්චරද කියල පෙන්නනවා (බ)
රටේ මිනිස්සුන්ව මෝඩයන්ට අන්දන්න යාමෙන් සිදුවන්නේ ආණ්ඩුව ජනයා අතර කලකිරීමට පත්වීමි. (ර)
ඔබ තුමා නැතුව කැලණියේ ගං වතුර. (ර)
මටත් පක්ෂයක් හදාගන්න බැරිද දන්නේ නෑ. (ර)
රට්ටු හිනස්සවන්න එපා මහත්තයෝ. (ර)
යහපාලනයට ශක්තියක්. (ර)
මේක තමයි රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ. (ර)
රටේ මිනිස්සුන්ට මීට වඩා ප්‍රශ්න තියෙනවා. (ර)
එදා රාජපක්ෂලාගේ අවශ්‍යතාවය වෙනුවෙන්? මේද කගේ අවශ්‍යතාවය වෙනුවෙන්ද? මේ වගේ ගන්ධබ්බයෝ අයෙත් ෆෝම්කරන්නේ මොන කෙහෙල්මලකටද මන්ද?(අ)
මේ වගේ පාහරයෙක් කොහොමද ආයේ කට අරින්නේ? මෙයා කරපු ව අපට මතකයි මධ්‍යයට කඩා පැනල ගුටිකෑව ,ග්‍රාමසේවක ගස්බැන්ද තව මොනවද කතා කරන්නේ(අ)
අනේ ජෝකර්ලා අයෙමත් එලියට එනවා (අ)
වැඩේට අඩු වශයෙන් අනුගාමිකයෝ 4 දෙනෙක් ඉන්න බව පේනවා. ඒ මදැයි. (ර)
මැරයෝ ටිකක් නම් ඉදිවී (හේ)
ඕන කෙනෙක්ට පක්ෂයක් හදන්න හැකිය. (ර)
මොනා කියන්නද මේවට. (ර)
මේ මොකද උනේ? (ර)
මෙයාව කවුද තෝර ගත්තේ.(හේ)
මෙවැනි විහිලු කරුවන් වෙනුවෙන් ඔබ කාලය වැය නොකරන්න. (ර)
රංජිත් ඕවා ගන්නන් ගන්න එපා. (ර)
මාධ්‍ය සංදර්ශන. (ර)
මර්වින්ගේ වුණනත් තර්කය හරි. ආණ්ඩු කරන එම පක්ෂයේ ටික දෙනෙක් කොහොමද විපක්ෂය ලෙස පෙනී ඉන්නේ? මේක නිදහස් සන්ධානේ කට්ටියම කතාකරගෙන කරන රඟපෑමක් වෙන්න බැරිද? (නි)
කිරුළපන කල්ලියේ වැඩවලට මුහුණ දෙන්න වෙන්නේ තවත් ඒ වගේම වැඩකින්ම තමයි. (නි)
මේ ආණ්ඩුව කොච්චර පහත වැටිලද කියල පේනවා. (ම)
මහින්දගේ, විමල්ගේ සහ දිනේශ්ලාගේ ජෝක් වලට මේවගේ ජෝක් එකකින් තමා උත්තර දෙන්න ඕනා.(හේ)
බළලුන් ලවා කොස් ඇට බාව ගන්න වැඩක් වෙනවා වාගේ මට පෙන්නේ (හේ)
විකාර වැඩ එපා මහත්තයෝ (නි)
දැන්නම් අර ගතිය හොඳටම වැඩිවෙලා වගේ (නි)
මර්වින් මහත්තයා වටා රොක්වෙන අය බලන්න ආසයි. (නි)
මම නම් මොහු ගැන කතාකරන්නවත් කැමති නැහැ (නි)
මෙන්න ඒගමන තවත් විහිළුවක් (නි)
මොහුට මේ මොනවා වේගෙන එනවද? (නි)
මර්වින් මහත්තයා දැන් අතරමංවෙලා. (නි)
කාගේ උවමනාවක්ද මේ ඉටුකරන්න යන්නේ? (නි)
වෙසක් පෝය ළංවෙනකොට මොනවද මේ කරන වැඩ? (නි)
මෙතුමාගේ වැඩ මෙහෙම තමයි. (ර)
අපේ දේශපාලකයෝ ඉඳලා හිටලා විකට චරිතත් කරනවා වගෙයි (නි)
ලංකාවේ මිනිස්සු හරි වෙනස්. ලංකාව ගැන හරිම ආඩම්බරයි. (ර)