(නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (23) ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයට දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්රීවරුන් නොපැමිණි නිසා ඔවුන්ට එරෙහිව නිකුත් කළ නොතීසි භාරදීමට නොහැකි වූ බව බොරැල්ල පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්රාත් අධිකරණයට දන්වා සිටියේය.
කොළඹ අතිරේක මහේස්ත්රාත් රංග දිසානායක මහතා හමුවේ බොරැල්ල පොලිසිය මේ බව දන්වා සිටි අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් නව දෙනකුට එරෙහිව අධිකරණය නොතීසි නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මන්ත්රීවරු යනු රටේ පොදු නීතිය සමච්චලයට ලක්කරන පිරිසක් කියල මේ වැඩවලින් ලෝකෙටම ඔප්පු කරනවා.
"මානව හිමිකම් මහකොමසාරිස්ගෙන් ශ්රී ලංකාවට චෝදනා"-ලෝකයේ හැම රටකම අධිකරණ පද්ධතියක් තියනවා. මෙහෙ අය මේ චෝදනා ඔප්පු කරනවා. රණවිරුවනි ! මේ ගොල්ලන්ද ඔබලා ආරක්ෂා කරනවා කියල කියන්නේ.
මේ පොදු සරණාගතයන් බලන්නේ කාවහරි බ්ල්ලට දීල බලයට රින්ගන්නයි .කවුරුන් අමතක කරන්න හොඳ නැහැ නැවත බලයට එන්න දගලන මේ සරණාගතයෝ රටේ සම්පත් හොරාගෙන කාල ජනවාරි 8 වෙනිදා ජනතාව විසින් ගෙදරට එළවලා දමපු පිරිස බව.
අධිකරණය කරන්නේ පාර්ලිමේන්තුවෙන් හදන නීති අනුව යුක්තිය පසිඳලීම. නීති හදන එවුන් මෙහෙම හැසිරෙන කොට අධිකරණයත් හැල්ලුවට ලක් වෙනවා කියන එක අහන්නත් දෙයක්ද? ඒකනේ පෙළපාලිකාරයෝවත්, මුදලාලිලවත් අධිකරණ නියෝග තුට්ටුවකට මායිම් කරන්නේ නැත්තේ.