රුපියල් සිය කෝටියක මහපොළ අරමුදල් අවභාවිත කළැයි ජාත්‍යන්තර වෙළඳ ඇමැති මලික් සමරවික්‍රමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද අල්ලස් කොමිසමේ පැමිණිල්ලක් ගොනු කළේය.
මීට පෙර විපක්ෂය මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිට හා මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහිව ද පැමිණිලි ගොනු කළේය.
මහපොළ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල හා පාසල් සංවර්ධන අරමුදල ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය කළැයි මලික් සමරවික්‍රමට එරෙහි පැමිණිල්ලේ සඳහන්වේ.
ඇසට් ට්‍රස්ට් මැනේජ්මන්ට් යනු නැෂනල් වෙල්ත් කෝපරේෂන්හි සභාපති ආචාර්ය වික්‍රම වීරසූරියට අයත් සේෆ් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධ ආයතනයකි.
වික්‍රම වීරසූරිය එහි සභාපතිත්වයට පත් වීම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමක් බව පැමිණිල්ලේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්තම් ඇති පොද වැස්සක් එන්නවගේ හැබැයි ගොරවන තරමට වරද දන්නේ නැහැ ආණ්ඩුව මහා හොරාගේ අතෙනේ. (බ)
දේශපාලකයෝ කවුද කියා ඔවුන්ම ඔප්පුකර පෙන්වනවා (නි)
ආයෝජනය කළා යැයි කියන්නේ ලාබයක් බලාපොරොත්තුවෙන් කරන ගනුදෙනුවක්නේ? එය නැවත ලබාගන්න පුළුවන්. නමුත් ඔය චෝදනා කරන අය කළේ ඒකද? (නි)