ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම වෙනම තරග වැදීම ස්ථීර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හලාවත - ආරච්චිකට්ටුවේදී අද (01 වැනිදා) සවස පාක්ෂිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා එලෙස කීවේය.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේසේද පැවසීය.
“අද උතුරේ ආරක්ෂාව ගැටළුවක් වෙලා තියනවා. මේ බව අපි මුලින්ම කිව්වා. බුද්ධි අංශ වහලා දාලා. ඒ අයව හිර කරලා. කඳවුරු වහලා. අද උතුරේ ඇති වන දේවල් දිහා බැලුවම මේ වාගේ දේවල් ඇති වනවා. ඒක ඇත්ත. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී අපි තරග කරන්නේ ඒකාබද්ධ විපක්ෂයෙන්. ඒ සදහා අපි සුදානම්. ගැටළුවක් නැහැ.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජතුමා සමූපකාරයක සභාපති වෙලාම විශ්‍රාම යාවි වගේ (නි)
දැන් මෙයා කතා කොරන්නේ පස්සෙන්ද ? මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂික්යෙක්ද නැත්නම් අපිව ගොනාට අන්දවනවද ,? (බ)
කට්ටියට ගොඩාක් රිදිලා වගේ. කොහෙද මහත්තයෝ දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් තියෙන්නෙ? මහින්ද මහත්තයා දැන් හදන්නෙ රට ආරක්ෂා කරගැනීමටයි (නි)
දැන් තියෙන්නේ එක්සත් ශ්‍රී ලංකා ජාතික නිදහස් පක්ෂයනෙ...! එනිසා විකල්පයක් අවශ්‍යයි. (නි)
බලන්නකෝ ඔහොම ගිහින් වෙන්නෙ මොකක්ද කියලා. (නි)
බිමල්, ඒකද එක දිගට හිරිකිතයක් නැතුව යහපාලනයට කඩේ යන්නේ? අයර්ලන්ත චෝදනාවත් එක්කම දැන් රතු තොප්පි හොයාගන්නත් නැහැ නේද ? මහින්ද මහතාට ජය වේවා! කළගුණදත් ජනතාව ඔබතුමා සමඟයි...!!! (නි)
මෙතන ප්‍රතිචාර ලියන අයගෙන් මම මේ ඉල්ලීම කරන්නේ. මම මෙහෙම ඉල්ලීමක් කවදාවත් කවුරු වෙනුවෙන්වත් කරලා නැහැ. අපේ රටේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 ක් වෙනවා. මෙච්චර රට ණය වුණේ රටේ බිහිවෙච්ච හොර දේශපාලුවො නිසයි. අපේ රට දියුණු කරන්න පුළුවන් එකම කෙනා හොරකමට එරෙහිව සටනක් දියහැකි කෙනෙක් පමණයි. (නි)
අපෝ තිලක්, ඔයා තාම යහපාලනයට කඩේ යනවද? (නි)
සාස්තරයක් අහලා, පොල් ටිකක් ගහලා එහෙම පටන්ගත්තොත් නරකද? (නි)
නියමයි. ඔහොම යමුකෝ! (නි)
මෙයාලා දඟලන්නේ ළඟ ළඟම එන දඬුවම් වලින් ගැළවෙන්න. කොච්චර දැඟලුවත්, කළ කළ දේ පළ පළ දෙන්න එපාය. එතකොටනේ, අගතියටපත් පාර්ශ්වය විඳපු වේදනා, මේ අයටත් දැනෙන්නේ. මොන ජාතියක ආගමක හිටියත්, ලෝක සාධාරණයක් කියා දෙයක් තියෙනවා නේද..? (නි)
ඔබතුමාගේ වසර 10 කාලය තුළ මැතිවරණ ජයගැනීමට සමහරු ඔබට සහය දුන් හැටි අපට හොඳින් මතකයි. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඔබ දෙන සහයද මේ? (නි)
හොඳ ආරංචියක් (නි)
දේශපාලකයන්ට මුඛයට අමතරව වෙනත් තැනකිනුත් කතාකිරීමට හැකි බව අපිට දැන් සනාථ වෙනවා. (නි)
ඔව් ධම්ම බලා ඉන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා. රට බේරාගත් නායකතුමාට ජයවේවා! (නි)
ජයවේවා! රට ගොඩගත හැක්කේ ඔබට පමණි (නි)
ඔය කිවුවට ඡන්දෙ කිට්ටු වෙනකොට හැමෝම හදන්නේ අතේ එල්ලිලා ගොඩයන්න. ඕනෑනම් වෙනම ඉල්ලුවොත් මේගොල්ලෝ පුංචි ඡන්දෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය දිනාවී (නි)
අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)
අඟේ ඉඳන් කණ කන්නේ නැතුව එහෙම කරන එක තමා හොඳ. මෙන්න නියම වීරයෝ. මද්දුම බණ්ඩාරගේ වගේ ලේ තියන ඇත්තෝ. (නි)
අර බංකොලොත්වෙලා වැලේ වැල් නැතුව ඉන්න තුන් හතරදෙනා හින්දා මෙයත් හොඳ මඩක් කනවා. ජාත්‍යාලය වුණත් හැමදාමත් විකුණන්න අමාරුයි (නි)
ගම් මට්ටටමෙන් පටන්ගත යුතුයි. (නි)
තවමත් හදන්නේ මිනිස්සු අවුස්සන්න (නි)
මෙයා මොන පක්ෂෙද දැන්? නොදන්නාකමට අහන්නේ (නි)
ද සිල්වා ඉන්නේ වෙන රටක නිසා ලංකාවේ වෙන්නේ මොකක්දවත් දන්නේ නැතුව ඇති.. අඩුම ගානේ මේ ලිපියවත් හරියට කියෙව්වනම් තේරුම් ගනී ඡන්දයක් තියෙන්නේ නැතුව කල් දාන්නේ මොකටද කියල.. හම්බන්තොට විතරක් නෙමෙයි රටේ බහුතරයක් විපක්ෂය දිනනවා සිකුරුයි.. (ර)
ජයවේවා! නියමයිනේ (නි)
හොඳ ආරම්භයක් (නි)
අපි ඔබ සමඟයි. ජයවේවා! (නි)
ඉතාම හොඳ තීරණයක්. මේ තීරණය ගන්න තිබුනේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී. එහෙම කළා නම් පැරදුනු අප්ක්ෂකයෝ දමන්නත් බැහැ. ආණ්ඩුවට ඕනෑ විදියට පනත් සම්මත කරගන්නත් බැහැ. එහෙම වුණා නම් මේ වෙනකොට මේ ආණ්ඩුව ගැන කළකිරුණු කොටස් පවා එකතුවෙන්න තිබුනා. (නි)
කට්ටියට හුඟක් රිදිලා වගෙයි. මෙතුමා ගෙදරට වෙලා හිටියා නම් පක්ෂ දෙකටම එකතුවෙලා ඇතිතරම් රට කන්න තිබුණා. එ්ත් අද ශක්තිමත් විපක්ෂයක් තියෙන නිසා එ්ක කරගන්න බැහැ. (නි)
කෙළෙහිගුණ නොදන්නා මිනිස්සු කියන කතා කවුද ගණන් ගන්නේ. ඔවුන්ට රටක් ගැන හැඟීමක් නැහැ. බැසිල් නැතුව ඔය ගමන ගියොත් විතරයි ඕක සාර්ථක වෙන්නේ. (නි)
තිලින එහෙනම් මොකටද හැමදාම යනවා , යනවා කියමින් කේවල් කරමින් සන්ධානයේම එල්ලිලා ඉන්නේ , ඔච්චර බලයක් තිබෙනවා නම් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදීම බලය පෙන්නන්න තිබුනනේ ? (ර)
චන්ද්‍රිකා දෙපාරක් බලයේ ඉඳල ගෙදර ගියා. මෙතුමාත් දෙපාරක් බලයේ හිටියා. තවත් මේ මඩ නාගෙන දඟලන්නේ ජනතාවට සේවය කරන්නද නැත්නම් චෝදනා වලින් බේරෙන්න මගක් හැටියද කියල ජනතාව දන්නවා. (බ)
හොරු රකිමුද? දිනවමුද? (නි)
එන්නකෝ! මේ පාර දෙන්නේ අයේ නොයෙන්නම. (නි)
ජයවේවා! (නි)
මේක අපි බලාපොරොත්තු වූ දෙයක්. ජයවේ නිසැකවම..! (නි)
ද සිල්වා ජර්මනියට වෙලා ඉන්නේ මේ ඇවිත් මොනවා හරි කරගෙන ඉන්නකෝ, පසුගිය වතාවේ ජනාධිපතිවරයා හින් නුලෙන් එජාපෙ දිනෙව්වා . ඔච්චර බය නැත්නම් ඔයාල කියල හරි ඡන්දේ තියන්නකෝ (බ)
කිව්වෙ අත දාල යන්නේ නැහැ කියල නේද ? (බ)
මේ බෙදීම තුල ඇත්තේ බල තණ්හාව ,හැබැයි මතක තියාගන්න ,මේ බෙදීම තුලින් බලයට එන එක්සත් ජාතික පක්ෂය අතිවිශාල බලයක් හිමිකරගන්නා බව ,එය ජයවර්ධන ආණ්ඩුවට වඩා බලවත් බව එතකොට ඔය හැමෝටම සනීප වේවි ,එතකොට ඔය ඉන්න මහල්ලෝ ටික මැරිලා යාවි අනේ පවක මහත (බ)
බලමු ඒකාබද්ධ විපක්ෂය කොතෙක් දුරට ජනතාව පිළිගනීවිද කියලා. (බ)
මෙතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා උතුරේ නැවත ත්‍රස්තවාදය හිස ඔසවමින් තිබෙනවා එය දඩමීමා කරගෙන මෙතුමා බලයට අාවොත් පළමුව කරන්නේ පවුලේ අයට ඇති සියලුම චෝදනා වලින් නිදහස් කිරීමයි. (අ)
ඔය තරඟ අපේක්ෂකයින් වෙන-වෙනම පරදිනවානම් හොඳයි, ඒ අයට බහුබූත වැඩ කරනවට හොඳ පාඩමක් වෙන්නත් එක්ක. (බ)
මුසාවාදා සිල්පදය කියන්න නැතුව ඇති නේද? (බ)
මේ රට ගොඩගන්න පුළුවන් එකම පක්ෂය ජේවීපී එක පමණි. ඔවුන්ට සැබෑ ආදරයක් රට සහ ජනතාව ගැන ඇත (නි)