මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා රජයේ වෙනත් ආයතනවලින් සිදුවෙතියි කියන අසාධාරණ ක්‍රියා ගැන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අද (31) සංදේශයක් බාර දුන්හ.
ඒකාබද්ධ විපක්ෂ සංවිධායක ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරු එම තිදෙනාය. බදාදා ස්විට්සර්ලන්තයට ගිය එම තිදෙනා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාටින් චුන්ගොන් හමුවීම සඳහා පිටත්ව ගියේය.
ඔවුහු අද මහ ලේකම් හමුවී එෆ්සීඅයිඩිය ඇතුළු ආයතන පිළිබඳ මූලික කරුණු 7ක් සම්බන්ධයෙන් පැමිණිලි කළහ. ඔවුන් කියා සිටියේ අපරාධ විධි විධාන සංග්‍රහය හා පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් එෆ්සීඅයිඩිය පිහිටුවා ඇති බවයි.
එය ඉතා සියුම් ලෙස ක්‍රියාකරන දේශපාලන උපකරණයක් බවත් එය අගමැතිගේ අනුබලය යටතේ ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමට යොදා ගන්නා බවත් ඔවුන්ගේ සංදේශයේ දැක්වේ.
‘‘එෆ්සීඅයිඩිය දැනට මන්ත්‍රීවරුන් 29 දෙනකුගෙන් ප්‍රශ්න කර ඇත. එෆ්සීඅයිඩියේ එක් අරමුණක් වනුයේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් ආණ්ඩුවට බඳවා ගැනීම සඳහා බිය වැද්දීමයි. පාර්ලිමේන්තු සංගමයට බාරදුන් ලිපියේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනකුගේ අත්සන් ඇත. ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීන්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද අහිමි කරතියි ද විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් කිරීමේදී ඔවුන් නොසලකා හැර ඇත. පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් නියෝජනයක් ලබාදෙන්නේ නැහැ. රජය වැදගත් ප්‍රශ්න වලදී මන්ත්‍රීන් හෑල්ලුවට පත් කරමින් උත්තර දෙනවා. කඩිනම් පිළිතුරු දීමට නියමිත ප්‍රශ්නවලට මාස ගණන් ගන්නවා. මෙම කරුණු කාරණා නිසා ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අගයට හා සම්ප්‍රදායට හානි සිදුවනවා. අපගේ අදහස වනුයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කාලය දීමේදී හා කමිටුවලට මන්ත්‍රීන් තෝරා ගැනීමේදී අදාළ දේශපාලන පක්ෂවල මන්ත්‍රී ප්‍රමාණය සැලකිල්ලට ගත යුතු බවයි. ඒ අනුව ක්‍රියා කළ යුතු බවයි. මෙම නින්දා සහගත තත්ත්වය වහා නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා බලධරයනට බලපෑම් කරන්නැයි අප ඉල්ලා සිටිනවා.‘‘
පිටු හතරකින් යුත් මෙම ලිපියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, සී.බී.රත්නායක, මහින්ද යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, වීරකුමාර දිසානායක, උදය ගම්මන්පිල යන අය අත්සන් තබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මහත්වරුනේ දේශපාලකයන්ව හඳුනාගන්න. වීරවංසත් ඔතන ඉන්නවා හැබැයි හැංගිලා. (කෞ)
දැන් මෙයාලගේ සංදේශය කියවලා ජිනීවා කට්ටිය ලංකාවට විරුද්ධව තහංචි පනවයි .සම්බාධක පනවයි .නියෝග පනවයි . මහින්ද ගැන ජිනීවා වල ඉන්න අය හොඳට දන්නවා .මෙයාලා මිනිසුන්ට විහිළු සපයනවා .ජිනීවා ට්‍රිප් එකක් ආවා කියලා හිතා ගන්නකො .(කෞ)
බලය නැති උනාම සීනිගම යනවා. කතරගම යනවා.ජිනීවා යනවා. මාර බයිස්කෝප් (කෞ)
ඒකාලේ රටේ දේවල් රටේම විසඳගමු කියපු, රට පාවා දෙනවා කියපු කට්ටිය (බ)
විපක්ෂයේ ඉන්නේ ඔච්චරද (බ)
හොරු 43 ක් ගියාට වැඩක් නැහැ. මෙයාලා තමයි අපේ රට නැතිකලේ(කෞ)
මෙහෙ අාපහු නෑවිත් ජිනීවාවලම නවතිනවා නම් හොඳයි නේද...? (ම)
ජිනිවා කියලා, පසුගිය අවුරුදු 06 තුල, ජනතාව නොමග යවලා, අද ඔවුන්ට ජිනිවා හොද වෙලා, මගේ අදහස නම්, බුද්ද ධර්මය අනුව, දිට්ඨ ධම්ම වේදනීය කරුමය, මෙලෝ වසයෙන් පටිසන් දිලා, බුද්දිමත් ජනතාව තේරුම් ගත යුතුව ඇත , මොවුන්ගේ බොරු රග පෑම,(කෞ)
බලන් යද්දි කට්ටියම එකයි.(හේ)
ඔන්න මෙයාලගේ නිරුවත අපුරුවට පෙනේවනවා.. \(හේ)
මේ වසන්ත කාලයයි. ටිකක් පැහැයවත් ලස්සන කරගෙන ආපසු එන්න. (නි)
මේ කට්ටියගේ වැඩත්, කියුමනුත් අහපුවහම මට මතක් වෙන්නේ දොන්- සේතන් ,සිරිබිරිස්, ගජමන් වගේ ඉස්සර තිබුන කාටූන් චරිත (හේ)
දේශප්‍රේමි ඇඳුම් ඉවතලා අධිරාජ්‍යවාදී බටහිර ඇඳුමෙන් සැරසී ජිනීවාට ගොස් කේළම් කියා ලංකාව පාවාදෙන්න නම් එපා (නි)
තව කට්ටිය ඉන්නවා මෙහෙ එන්න! (නි)
කාගේ සල්ලි වලින්ද මේ කට්ටිය ගිහින් තියෙන්නේ ඔය? එයාලගෙම වියදමෙන්ද? ඇහුවට තරහ වෙන්න එපා ආයුබෝවන්. නිකමට ඇහුවේ. (නි)
දේශීය ගැටළු වලට අතපොවන්න කියලද දැන් ඉල්ලන්නේ? (නි)
මේ අර විදුලි පුටුවේ දුහුවිලි සුද්ද කරන්න වෙන්න ඇති ගිහින් තියෙන්නේ (නි)
කාලෙකින් කොහේවත් නොගිය නිසා යන්න ඇති. විදුලි පුටුව වෙනුවට වෙන මොකක්හරි ගෙනෙයිද දන්නෙ නැහැ (නි)
බලය නැති කාලයේ මෙයාලගේ ලොක්කොත් ගියේ ඔතනට. දැන් ගෝලයෝ ටික එතැනට යනවා. මෙයාලගේ මුහුණු වලින්ම පේනවා බොහෝ දේවල් (නි)
භද්‍රානිට මේ අය පෙනෙන්නේ සුද්දෝ වගේද? (නි)
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අගයට සහ සම්ප්‍රදායට සිදුවන හානිය කාට කාටත් දැනෙන්නේ බලය නැති කාලයටය. ජනතාව අන්ධයන්ව සිටින තාක්කල් මේ කාටත් තමන්ගේ බඩවියත රැක ගැනීමට හොඳින් රඟපෑමේ යෙදෙන්නට හැකිය. හෘදසාක්ෂිය ගෙදර තබා තමුන්ගේ වාසියට කාටහරි කඩේ යාම කවදත් දේශපාලකයන්ගෙන් අපි දකින්නෙමු. (නි)
බොරු දේශප්‍රේමී සළු පොරවාගත් අය ගැන අපි නම් හොඳට දන්නවා (නි)
මෙන්න රට පාවා දෙනවෝ....! අධිරාජ්‍යවාදීන්ට කේලම් කියනවෝ...! අපේ උතුම් මාතෘ භූමියට ආර්ථික සම්බාධක පනවන්න කියලා සුද්දට කියනවෝ...! දේශප්‍රේමී ප්‍රගතශීලි ජනතාවනි, මේවාට එරෙහිව පෙරට එන්න (නි)
කොටි හිතවාදීන් ජිනීවා යනවිට අපේ රටේ ප්‍රශ්න රට තුළ ප්‍රශ්න විසඳා ගැනීමට රටේ අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් බව අපි ජාත්‍යන්තරයට කිවුවෙමු. අපරාධ විධිවිධාන සංග්‍රහය හා පොලිස් ආඥා පනත උල්ලංඝනය වී ඇත්නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා ගත නොහැකිද? මින් අදහස් කරන්නේ අපේ අධිකරණය ගැන අපට විශ්වාසයක් නැති බව නොවේද? (නි)
අයියෝ! නියම කට්ටියක්නේ ගිහින් තියෙන්නේ... (නි)
අනේ මහත්තයෝ, ඔයාලාගෙන් මහජනතාවට වුණ අසාධාරණ වලට සාධාරණය ඉටුකරලා ඉන්නවද? (නි)
දැන් තමයි ඔවුන්ට ජිනීවා හොඳ වෙලා තිබෙන්නේ. මේ තුන්දෙනා ගැනම අපි දන්නවා (නි)
ඉස්සර මෙව්වා කලේ දේශද්‍රෝහියෝ.බටහිරට ගැති රට පාවාදෙන අය. දැන් මොකද මේ වෙලාතියෙන්නේ.(කෞ)
ඇයි මේගොල්ලෝ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කාරයන් ගාවට යන්නේ(කෞ)
මේකට කියන්නේ දිට්ට දම්මවෙදනිය කරුමේ කියල නැද්ද හා ? පහුගිය කාලේ එකාධිපති කාලේ මිනීමරන කොට , මාධ්‍යකරුවන් දඩයම් කොරනකොට , වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියනකොට , මිනිසුන් අතුරුදහන් කොරනකොට මේ මහත්තුරු හිටියේ සුවාසිලන්තේ වෙන්නැති නේද ?(කෞ)
සුද්දට ගිහින් කේලම් කියලා අපේ රටේ අයට සුද්දට කියලා දඬුවම් කරවන්න වෙන්න ඇති මේ හදන්නේ. අනේ! මෙහෙමත් පුහු දේශප්‍රේමියෝ?(කෞ)
මේගොල්ලෝ එකතුවෙලා රට කාපු හැටි කියන්නත් කට්ටියක් ගියොත් මොකද? (නි)
පසු ගිය කාලේ ජිනීවා යන්ඩ හොඳ නැහැ කිව්වම දේශප්‍රේමින්ම ජිනීවා ගිහිල්ලා (කෞ)