(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවේ පුපුරා යාමක් සිදුවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටින පැත්තේ සිට ගත යුතු බවටත් සිරිසේන මහතාට සහය පළ කළ යුතු බවටත් තමන් යෝජනා කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ආණ්ඩුව පුපුරායාමකට සුදානම් බව ආණ්ඩුවේ උපදේශකවරුම පවසන්නේ යැයි ද නානායක්කාර මහතා කියයි. බොරැල්ල ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.
රනිල් වික‍්‍රමසිංහ මහතා හා මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්ව හැදු ආණ්ඩුව පුපුරා යමින් පවතින්නේ නම් එය පුපුරා යාමට ද සහය දිය යුතු බව නානායකක්කාර මහතා පවසයි.
‘‘මේ වන විට විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාගේ තත්ත්වය බරපතලයි. ආණ්ඩු විරෝධී ක්‍රියා මෙහෙයවන්න බැරි නිසයි ඔහු උපවාස කරන්නේ. ඔහුට ඇප ලබා දීම ආණ්ඩුවේ වගකීමක්‘‘
‘‘චම්පික රණවක ඇමතිවරයාත් හම්බන්තොට කමිටුවෙන් අස්වෙලා. හම්බන්තොට වරායේ ඇති වියවුල් එයින් පෙනෙනවා. අනාගත පරපුරේ හිමිකම් අහිමි කරමින් පාවාදීමි වැඩිවෙලා තිබෙනවා. ඒවා බලා ඉන්න බැරි තැනයි විජේදාස රාජපක්ෂ මහතා කථා කළේ. මුතුහෙට්ටිගම මහතා ඇතුළු පිරිස් කථාකළේ ඒ නිසයි. “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව කොහොමද මෝඩයෝ ඇප ලබාදෙන්නේ?
අනික් දෙන්නට ඇප ලබාදී විමල්ට ඇප ලබා නොදෙන්නේ කොහොමද මෝඩයෝ
වාසුදේව කියන පරිදි තුන්මුල්ලේ විමලේ පටන් අරන් තියෙන්නේ "උපවාසයක් " නොවෙයි, "උපහාසයක් " පමණයි. සිය පවුලේ අයගේ කිඹුල් කඳුළු මාධ්‍ය කැමරා ඉදිරියේ සලමින්, එයාගේ හෙන්චයියලා රොත්තක් එකතු කරගෙන මුළු රටටම ඇහෙන්න සද්දේ දම්මවල, විමලේ පටන් ගත්තේ "සිය දිවි නසා ගැනීමේ " ප්‍රයත්නයක් පමණයි. මිනිහෙක් විදියට තිබෙන චෝදනාවලට එඩිතරව මුහුණ දීමට බැරිව, නිවට නියාලව මෙයා නටන්නේ කෝළමක් විතරක් බව නොදන්නේ ඔහුගේ ගජයන් වන වාසුදේව, ගම්මන්පිල්ලේ වගේ අය පමණයි. පරණ කතාවක් අනුව, එළුවාගේ මොකද්ද වැටෙනකම් දිව ඇදගෙන පස්සෙන් යන නරියා වගේ ඒකාබද්ද රංචුවත් යහපාලන රජය පුපුරා යනකම්, මේ වයෝවුර්ද වාසුදේව කල්ලිය කල්මරණ බව ඔහුගේ මේ කථාවෙන් පැහැදිලිවම පේනවා.....
මම පත්තරෙන් දැක්ක සමකයට කිට්ටු රටවල මිනිස්සුන්ගෙ මොළය වැඩන්නේ හිමින්ලු
වාසුගේ මතය හරි.
නීතීඥයෙක් වෙන වාසුදේව දන්නැත්ද අධිකරනයට මිස ආන්ඩුවලට ඇප දෙන්න බැරි විත්තිය...
නාමල් ... ඔවුන්ගේ දුෂණ දශකයේ ඔවුන්ගේ හිතවතුන්ට ආණ්ඩුව මගින් ඇප ලබා දීල තිබෙනවා කියන දෙය නේද මේ උගත් නීති විශාරදයා එලියට දැමුවේ ?
උගතෙක් පිළිගත් පවුල් පසුබිමක් ඉස්සර දේශපාලනය කලේ රට ගැන හිතල වාමවාදී අදහස්වලින්..දැන් තනිකර පිස්සු රට අරාජික කරන්න පුළුවන් මොන ක්‍රමයෙන්ද එතන වාසු දිනේෂ් විමල්..
ආණ්ඩුව පිපිරයාමක්නම් තවම පෙනෙන්නට නැහැ, මේ ආණ්ඩුවට තවම අවුරුදු දෙකනේ, ඉදිරියට තවත් රටට යහපත් වේවි නමුත් . හොරුන්ට සහ දුෂිතයන්ට නම් කිසිම සමාවක් ලැබෙන එකක් නම් නැහැ .
මෝඩයන්ට ගිය රට. අනේ කාලේ වනේ වාසේ . විමලයාගේ කපටිකම් වලට අහුවෙන උදවිය හිටියේ ඉස්සර. තමුන්නන්සේත් දෙවියනේ කියල පෙන්සන් යනවද තවත් පව් නොදී.
මට මහළු වයසේ, බැරිය වෙන ගායනා පෙරසේ..
හැම දෙනෙක්ම කියන්නේ ආණ්ඩුව කොහොමද ඇප ලබාදෙන්නේ කියල නේද ? එතකොට ආණ්ඩුව කොහොමද ආණ්ඩු විරෝදී පුද්ගලයන් පමණක් සිරගත කරන්නේ ? ආණ්ඩුවට ඕන විදියට නේද නීතිය මෙහෙයවන්නේ කියන එක අද මොන්ටිසෝරි ළමයෙක් වුනත් දන්නවා. කොලේ වහල ගහනවා කියන්නේ ඔකට.
ඔබතුමා ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ.. තරුණයෙක් පැහැරගත්තු මන්ත්‍රිතුමියට පැය බාගෙන් ඇප ලැබෙද්දී තරුණයෙක් හැප්පුවහම CCTV මැකෙන රටක නීතිය නවනවා කියන පොලිස්පති කෙනෙක්ගෙන්ද සාධාරනයක් බලාපොරොත්තු වෙන්නේ..