වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලැ අලි ඇතුන් සම්බන්ධයෙන් පවත්වාගෙන යන ලේඛන වෙනස් කිරීම හා ව්‍යාජ දත්ත එම ලිපි ලේඛන වලට ඇතුළත් කළැයි වැඩ තහනමට ලක්ව සිටි වනජීවී දෙපාර්තුමේන්තු හිටපු සහකාර වනජීවී නිලධාරීවරයෙක් රහස් පොලිසියේ අත් අඩංගුවට ගනු ලැබීය.
කැලේ සිටින අලි පැටවුන් අල්ලා විකුණන ජාවරමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි අලි රොෂාන් නම් සැකකරුවෙක් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හීලැ අලි ඇතුන්ගේ විස්තර ඇතුළත් ලිපි ලේඛන භාරව සිටි ලිපිකාරිනයද සිකුරාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
ව්‍යාජ ලෙස ලියාපදිංචි කර ඇති අලින් 20 ට අධික සංඛ්‍යාවක් ඇතත් එම අලින් සිටින ස්ථාන වලට වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලීම් ඒකකය එම අලින් වනජීවී දෙපාර්තුමේන්තු භාරයට නොගන්නේ කුමන හේතුවක් නිසාදැයි ගැටලුවක් බව පාරිසරික සංවිධාන ප්‍රශ්න කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම අත අලි ප්‍රශ්න. (ර)
ඒ කියන්නේ තාමත් අදිසි හස්තයක් වැඩ කරනවා කියලද? (නි)