රහල් අල්විස් කියන්නේ මෑත කාලය තුළ බිහිවුණු ගීත ගොන්නට අලුත් යමක් කිරීමට වෙරදරපු තරුණ ගායකයෙක් කියලා කියන්න පුළුවන්. කාලයක් සංගීතයෙන් ඈත් වෙලත් හිටියේ මේ අද කාලයේ බිහිවෙලා ඇති රැල්ලට ගීත කරන්න බැහැයි කියලයි. කොහොම නමුත් රහල් විසින් එළිදක්වපු ගීතය ප්‍රතිචාර ගොඩක් ලැබෙමින් පවතින බව කිවයුතුයි. ‘හිත රිදුන හැමදාම’ ගීතයට ඒ තරමට ඔහුගේ ෆේස්බුක් පිටුවට ප්‍රතිචාර ගොඩක් ලැබිලා. මේ පිළිබඳ රහල් අපිත් එක්ක කිව්වේ මෙලෙසයි.
“ප්‍රතිචාර ගොඩයි. ගොඩක් අය Fb එකට මැසේජ් එවනවා. ගොඩක් අයට ශොක්, ආර්ට් ඇටෑක් කියලත් මැසේජ් දාලත් තියෙනවා. මේ සංකල්පයට, වීඩියෝවේ වර්ණ සංකල්පයට ගොඩක් අය කැමැත්තක් දක්වනවා. ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරුන්, පදරචකයන් ඔවුන් නිහතමානීව ඔවුන්ගේ අදහස් මගේ මේ මහන්සියට, මගේ මේ නිර්මාණයට මේ විදිහට දෙනවා. හැමෝම ඒකාකාරී රැල්ලට හෙම්බත් වෙලා ඉන්නේ. ඒ අස්සේ මේ ආපු සිංදුවට ගොඩක් දෙනා ආදරය කරනවා. මේදේ තවත් ඉදිරියට යයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනේ, කුෂාන් මලින්ද්‍ර, දැනට ලංකාවේ ඉන්න හොඳම ගීත රචකයෙක්. මේක ලොකුම අභියෝගයක්. මේ රැල්ලත් එක්ක මේ වගේ ගීතයක් මම ගන්න අවදානමක්. ඒ අවදානම මම තනියෙන් ගත්තත් අතිසාර්ථකයි කියනවා. මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මේ සිංදු ලංකාවේ අංක 1 වෙන්නවත් ලංකාවේ හිට් සිංදුවක් වෙන්නවත් නෙමෙයි. මේ සිංදුව හැමදාම අමරණීය වෙන්නයි මගේ එකම ප්‍රාර්ථනාව.
ගොඩක් අය හිතුවෙත් මේ ගීතයත් අනිත් ගීතයක් වගේ වෙයි කියලා. මේ ගීතය අවසන් වෙනවා කාටවත් දැනෙන්නෙවත් නැතුව. ඒ තරමටම ගීතය ගලාගෙන යනවා. මමත් ගොඩක් රසවිඳිනවා. මේක මගේ අධ්‍යක්ෂණ වුණු දෙවැනි ගීතයයි. ඒකත් මට ලොකු සතුටක් සහ ආඩම්බරයක්.”





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd