ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මාස 4ක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නට ඇප නියම වූ දිනයේ ම මියගිය ජයවර්ධනගේ බිරිය ශෂිකා රත්නපුර රෝහලේදී සිය දෙවැනි දියණිය බිහි කළාය.
ශෂිකාගේ වැඩිමල් දියණියට වයස අවුරුදු 8කි.
මේ අතර මෝසමක් අනුව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා හමුවට කුරුවිට බන්ධනාගාරයේ සිට රැගෙන එනු ලැබූ සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න ඇප පිට මුදා හරිනු ලැබීය. පාසල් ගුරුවරයෙක් හා ඉඩම් හිමි වැවිලිකරුවෙක් ඔහුට ඇප දුන්හ. විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය වෙත බාර කැරිණි.
ඇප පිට නිදහස් වූ ධර්මරත්න පෙරගමන් පොලිස් ජිප් රියක ආරක්ෂාව යටතේ බෝධිරාජාරාමයට ගියේය. එහිදී හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි ඇතුළු සංඝරත්නය සධාතුක කරඬුව හිසේ තබා පිරිත් දේශනා කර සෙත් පැතූහ. පිරිත් දේශනා කළ හිමිවරුන්ට ධර්මරත්න චොක්ලට් පූජා කළේය. බෝධිරාජාරාමයේද ආරක්ෂාව තර තිබිණි.
ඉන් පසු ඔහු ගමට ගියේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු අවංක වුණත් අවසානයේදී අර කාන්තාව අසරණ වුණා. (නි)
දැන් පන්සල් යනවා. එදා සුමිත් බිමට පනිනතුරු ළඟට වෙලා පොලිස් නිලධාරීන් දෙන්නෙක්ම බලා ඉඳලා. (නි)
හාමුදුරුවරුනේ, චොකලට් වළඳලා නිකන් ඉන්න එපා. අර අසරණ අම්මාටයි දරුවාටයි ගෙදරට ගිහින් පිරිත් ටිකක් කියලා කණගාටුවෙන් මිදෙන්න යම්කිසි දෙයක් කළොත් හොඳයි නේද? (නි)
කෙනෙක් සතුටින්. තවත් කෙනෙක් ගින්දර ගොඩක... (නි)
පොලිස් නිලධාරියෙක් අර්ක්කු බෝතල් දෙකක් ඉල්ලන එක විශ්වාස කරන්න බැහැ. මොකද පහළ නිලධාරියෙක් ලවා ගෙන්වාගන්න පුළුවන්නේ. මොහු අවංක නිලධාරියෙක් බව සියල්ලෝම දන්නවා (නි)
ලංකාවේ නීතිය ගැන එදා ඉඳලා අපේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)
අගතියට පත් ජනතාවට දෙවි පිහිට තමා. මිනීමරපු අයට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ වැරදි වලට උදව් කළ අයට වෙන්නෙත් එලෙසම තමා. නැත්නම් බුදු දහම බොරු වෙනවා (නි)
කවුරු හරිද කවුරු වැරදිද කියලා මට නම් හිතාගන්න අමාරුයි (නි)
මේ දේවල් දකිද්දී අපිට හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ (නි)
හරි වැරැද්ද දකින්න බැරි නම් අඩුම තරමේ ස්වාධීනව ඉන්න (නි)
මේක සියල්ල අමතකවුණ අයටත් ඔලුවේ ශල්‍යකර්මයක් කියලා පිරිත් නුල් ගැට ගහලා, බෝධි පුජා පවත්වපු රටක් කියලා අමතක කරන්න එපා. (නි)
සත්‍ය කොතැනද,අපේ රටේ සංඝයා වහන්සේලා එතන ඇති. මට ඒ ගැන නම් පුදුම සතුටක් තියෙන්නේ. (නි)
මට දුක මේ විනාශය මත්පැන් පානය නිසා සිදුවූ එකක් බව පෙන්වීමට කිසිවෙක් නැති එකයි. (නි)
මට හිතාගන්න බැහැ මේ සිද්ධවෙන දේවල් ගැන නම් (නි)
මේවා මොනවද? අර මොළය අවුල්වුණ කෙනාත් අරලියගහ මන්දිරයට ගිහිල්ලා මල්මාලා 7 පැළඳගෙන ආශීර්වාද ලබාගත්තේ. (නි)
හේවාවිතාරණවත් උඩ තට්ටුවෙන් පහළට දැම්මා නම් ඔහොම කියන එකක් නැහැ. අනෙක අරක්කු ඉල්ලුවේ එතනට කලින් අා අය. එතකොට ඇතිවුණ රණ්ඩුව බේරන්න තමයි මේ අය අාවේ. මට නම් පෙනෙන්නේ නැහැ ඔය කියන විදිහේ කිසිම වැදගත්කමක් (නි)
අන්තිමට වුනේ ඉපදුන දරුවාට තාත්තා කෙනෙක් නැති වුණ එක විතරයි.(හේ)
නීතියෙන් බේරෙන්න පුළුවන්. එ්ත් කවදාහරි ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබෙනවා. (නි)
අන්තිමට ඕක තමයි ඇත්ත.(හේ)
පවු දෙවියනේ! ඇයගේ සිතේ මොනතරම් නම් දුක් ගින්දරක් ඇවිළෙනවා ඇද්ද? (නි)
ඔහු විශිෂ්ට පොලිස් නිලධාරියෙක් (නි)
කුසෙන් නිදහස් වුණාට ඔලුවට ලොකු බරක්. මෙලොව එළිය දකින්නෙම තාත්තා නැති දරුවෙක් විදිහට. කොච්චර අසරණද. දෙයියන්ගේ නාමෙන් අපේ මිනිස්සුත් මේවා සාධාරණීකරණය කරන්න එපා. ඒවා හැමෝටම අනුබලයක් වෙයි. මේ යන විදිහට මෙයා නඩුවෙන් නිදහස්වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. (නි)
නිතිය ගැන දැන් කිසිම තැකිමක් නෑ (ම)
සියලුදෙනාටම යහපතක් වේවා (ම)
මිනීමැරුම් නඩුවකට මාස තුනකට පසු අැප දිය හැකියි. මොහු රජයේ නිලධාරියකු නිසා නියමිත කාලය බන්ධනාගාරයේ ගතකිරීමට සිදුවිය. (නි)
අගතියට පත් ජනතාවට දෙවි පිහිට තමා. මිනීමරපු අයට සොබාදහමෙන් දඬුවම් ලැබෙනවා අනිවාර්යයෙන්. ඒ වැරදි වලට උදව් කළ අයට වෙන්නෙත් එලෙසම තමා. නැත්නම් බුදු දහම බොරු වෙනවා. දයාන් මල්ලි හරියටම හරි (නි)
අසරණ ළමයෙකුට තාත්තෙක් නැති වුණා. (ම)
අරක්කු බොත කතාව මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඔබට තේරෙන්නේ නැද්ද පොලිසියට නඟන්න පුළුවන් ලේසිම චෝදනා දෙක තමයි අර්ක්කු ඉල්ලුවා නැත්නම් පගාව ඉල්ලුවා කියන එක. මෙතන ඇතිවූ තත්වයේ හැටියට පාටියක් නිසා නඟන්න පුළුවන් චෝදනව අරක්කු ඉල්ලුව එක. මම මේ පොලිසිය සුද්ද කරන්න හදනවා නොවෙයි. ඕනෑම කතාවක දෙපැත්තක් තියනවා (නි)
මත්වතුර නිසා දැන් හැමෝගෙම බර සැහැල්ලු වෙලා කියලයි මට නම් හිතෙන්නේ. මත්වතුර ඔතනට සම්බන්ධ වුණේ නැත්තම් ඔය නිලධාරියත් අර මියගිය පුග්ගලයත් අද ඉතම සැහැල්ලුවෙන් ජීවත්වෙනවා. අඩුම ගානේ අපේ පුජ්‍ය පක්ෂය අන්න ඒ ටික ඔය පුද්ගලයට තේරුම් කරලා දුන්නා නම් සධාතුක කරඬුව හිසේ තබා පිරිත් දේශනා කර සෙත් පැතුවට වඩා ගොඩක් වටිනවා. (නි)
ඇප දීම ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. නඩුව අධීකරණයේ විභාග වීමට තවත් කාලයක් යාවි. බලමු එතකොට මොකද වෙන්නේ කියලා. ඔහු හිරෙන් නිදහස් වීම ගැන ඔවුන් සතුටු වෙනවා ඇති.එත් සුමිත්ගේ බිරිය කුසෙන් සැහැල්ලු උවත් හදවතින් මොන තරම් විදවනවා ඇද්ද...........(ම)
මොහු වරදක් කර ඇත්නම් කවද හෝ ස්වභාධර්මයෙන්ම දඩුවම් ලැබේවි! (ම)
එතකොට සුමිත් මහත්මයාගේ ගැබ්බර බිරිඳ, යහළුවෝ දැකපු අහපු ඒවා ඔක්කොම බොරු වෙලා ගියා එහෙනම්.... හුඟක් කළකිරෙනවා මේ රටේ ඉපදීම ගැන. (නි)
වැරදි කළවුන් නීතියෙන් ගැලවුනද, කල වැරදි වල විපාක කවදා හෝ විදින්නට සිදුවේ. (ම)
එතුමා පන්සිල් රකින කෙනෙක් වගෙයි පෙනෙන්නේ (නි)
මොහු දක්ෂ නිලදරයෙක් වෙන්න පුළුවන් නමුත් මේ සිදුවීම වෙලාවේ මොහු ක්‍රියා කල ක්‍රමය වැරදි (හේ)
භික්ෂුන් වහන්සේලා ඇයි මේ දේවල් වලට සම්බන්ද වෙන්නේ (හේ)
සැකකරුවා පොලිස් රියක ආරක්ෂාව යටතේ පන්සලට ගොස් චොකලට් පූජා කරනවා. කෝ අපේ රටේ නීතියයි, සදාචාරයයි? (නි)
යථාර්ථවාදීව සත්‍යය දකින්න. ඔහු දක්ෂ නිලධාරියෙක් (නි)
අපේ රටේ හාමුදුරුවරු මෙයාව පිලි ගන්න මොන තරම් නම් පෙරුම් පුරාගෙන ඉඳලාද? එහෙම තමයි සත් ගුණවත්, දැහැමි පින්වතුන්ට උන්වහන්සේලා මොන තරම් නම් ආදරය කරුණාව දක්වනවාද? අනේ ඉතින්, දානයක් දෙන්න වත් අතේ මිටේ එතරම් මුදලක් නැති අපි වගේ පව් කාරයින්ටත් උන්වහන්සේලා කරුණාව දක්වන එක ගැන සැක සංකා ඇති කරගත යුතු නැහැ නේද? (හේ)
අපේ රටේ භික්ෂුන් වහන්සේලා තමයි දැන් බොහොමයක් චුදිතයන් වෙනුවෙන් පෙනී සිටින්නේ. (නි)
මම දන්නා පරිදි මොහු හොඳ පොලිස් මහත්තයෙක්. (හේ)
මෙම පොලිස් නිලධරයා අවංක පොලිස් නිලධරයෙක්.(හේ)
සෑම සිදුවීමක ම දෙපැත්තක් තියෙනවා, අහවල් කෙනා තමයි වැරදි කියා කියන්න බැහැ. දෙගොල්ලන්ගේ ම වැරැදි තියෙනවා, ප්‍රධාන කරුණ තමයි ලංකාවේ මිනිස්සුන් ගේ අවිනීත හැසිරීම. (හේ)
මෙතුමා බුද්ධ ශාසනය වෙනුවෙන් කොතරම් සේවයක් ඉටු කලාද කියලා මේ හාමුදුරුවරු වැඩම කිරීමෙන්ම ඔප්පු වෙනවා. (හේ)
ඔය චොකලට් සමඟ රටේ නීතිය සහ සාධාරණය වැළඳීමෙන් වළකිනවා නම්, අපිට අවශ්‍ය එපමණයි (නි)
මට නම් හිතෙන විදිහට පොලිසියේ බහුතරයක් ඉතාමත් නරකයි. සුළුතරයක් තමා මනුෂ්‍යයෝ ඉන්නේ (නි)
තරුණ පොලිස් නිලධාරීන් නීතිය රකිනවා නම් කොච්චර වටිනවද රටට ?(හේ)
බුදුන් දෙසු දම් අසා ඇතිමුත්, ඇසුයේ හිමිගේ මුවින්දෝ... අනේපිඬු සිටු පුතුට මෙන්, අනේ හිමියනි මටද දැන් දෙසා වදාළ මැනවි බුදු බණ, මහා කරුණාවෙන්… (නි)
ඒකෙත් හැටි.(හේ)
භික්ෂුන් සමහරුන්ගේ ක්‍රියාවන් සමාජයට දෙන පුර්වාදර්ශයන් හරි බියකරුයි. මියගිය පුද්ගලයාගේ බිරිඳද ප්‍රකාශකොට තිබුනා පළාතේ ප්‍රසිද්ධ භික්ෂුවක් ඇයට සාක්ෂි දීමෙන් වැළකී සිටින ලෙසට බලපෑම් කළ බවට. (නි)
ඒ දේ එකම දවසේ සිදු වුණ එක තමයි වැදගත්.(හේ)
අන්තිමට පවුලක් අසරණ වුණ එකයි වුනේ.(හේ)
අපි කවුරුවත් දන්නවද හරියටම සාක්ෂිවලින් හෙළිවන දේ. ඒ නිසා මම නම් හිතන්නේ සියලු සාක්ෂි කිරා මැන බලන්න මහාධිකරණයට විතර අපි කාටවත් අවස්තාවක් නැහැ. හැගීම්වලට වහල්ව අපි බහින නිගමන නෙමෙයි නිවැරදි, නීතිමය තීරණයි නිවැරදි.(හේ)
මිනී මරුවන්ටත් තෙරුවන් සරණ යන්න බැරි නැහැ නේ ......(හේ)
මේ සිද්ධිය දැන් කට්ටියට අමතකම වෙලා ගිහින්.(හේ)
අනේ මන්ද මොහු අවංක නිලදාරියෙක් වෙන්න ඇති නමුත් එදා හැසිරුණ විදිය නීතියට පටහැනි. කිසිම කෙනෙකුගේ ගීවිතේ විනාස වෙන තුරු මෙයට ක්‍රියා කරන්න බැහැ.(හේ)
මම පාසල් කාලයේ පටන් දන්නා මොහු හොද පොලිස් නිලධාරියෙක්.(හේ)
එක නම් ඇත්ත හේමන්ත. පොලිසිය ඉල්ලපු වෙලාවේ අරක්කු බෝතල් දෙකක් නොදීම කොච්චර ලොකු වරද්දකද නේද? (හේ)
පවු දෙවියනේ! ඇයගේ සිතේ මොනතරම් නම් දුක් ගින්දරක් ඇවිළෙනවා ඇද්ද? (නි)
අනේ මන්දා මේ දේවල් වලට මොනවා කියන්නද කියලා (නි)
අනේ ඉතින් අර අහිංසක මවට ආශිර්වාද කරන්නේ කවුද? (නි)
කුමාර, අතීතය පොඩ්ඩක් සිහියට නඟාගන්න. භික්ෂුන් වහන්සේලා නැත්නම් අද සිංහල ජාතියක් නැහැ (නි)
ස්වාමින් වහන්සේලාගේ කාර්යය වියයුත්තේ බෞද්ධයන් නිසි මඟ යවා බුද්ධාගම රකින එකයි (නි)
පොලිස් නිලධාරීන් අභ්‍යාස විද්‍යාලයෙන් පිටවන්නේ සමාජය යහමඟ යැවීම පිණිසය. අද පොලිසිය නැත්නම් සමාජය කොයිබද? මෙවන් පොලිස් නිලදරුවන් සමාජයට අත්‍යවශ්‍යය (නි)
අපිත් මේ පැත්තේ තමයි. අපි තමයි මේ පොලිසිවල අයගේ හැටි දන්නේ. (නි)
අනේ මන්දා, මට නම් මේවා කියවලා පිස්සු වගේ. පොලිසියෙන් තල්ලු කරලා කියලා මිනිහෙක් මැරෙනවා. චුදිතයන්ට පිරිත් කියනවා. හාමුදුරුවරුන්ට චොකලට් හම්බ වෙනවා. මොනවද මේ වෙන්නේ. (නි)
ඇයි භද්‍රානි, අර සියල්ල අමතක වුණ කෙනාටත් කොයිතරම් බෝධිපූජා තිබ්බද අපේ හාමුදුරුවරු? එයාට තිබුන චෝදනා මතක් කරලා බලන්න. (නි)
හොඳ නීතිගරුක නිලධාරියෙකු නම් පොලිසිය අරක්කු ඉල්ලා ගම වටේ යන එක නවත්තන්න තිබුණානේ (නි)
නුවන්, අරුණෝද, ඔබ හරි (නි)
පොලිසියේ හොඳකම පේනවා ගම වටේ අරක්කු ඉල්ලගෙන ගිය එකෙන්ම (නි)
මේ වැනි ඝාතන මෙහෙම වෙනකොට නීතිය ක්‍රියාත්මක වෙනවා. නමුත් ඉතින් ඇහැට පෙනෙන සමහර දේවල් ගැන නම් මොනවා ලියන්නද? (නි)
වැරදි කළාද නැද්ද කියලා තමුන්ගේ හිත දන්නවා ඇතිනේ. එහෙම පිරිසිදු හිතකින්ද බුදුන් වඳින්නේ කියලා දන්නේ එතුමාම පමණයි (නි)