හිටපු අබාධිත හමුදා සාමාජිකයකුට කහටගස්දිගිලියේ දි පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව උතුරු මැද හා වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවරුධන මහතා කියයි.
ඔහු එසේ කියනුයේ පොලිස් අණ නොතකා යතුරු පැදියක් ධාවනය කළ ආබාධිත යතුරු පැදිකරුවකුට පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු කහටගස්දිගිලිය නගරයේ දී ප්‍රසිද්ධියේ පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව අන්තර්ජාලයේ හා යූ ටියුබ් මගින් ලොව පුරා ප්‍රචාරය වීම සම්බන්ධයෙනි
එම පොලිස් සාමාජිකයන් දෙදෙනා දක්ෂයන් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.
යුද්ධයේදී පාදයක් අහිමි වු හමුදා සෙබල බේත්කෑවේ පදිංචි ජේ.කරුණාරත්න පවසනුයේ යතුරුපැදිය නතර කරන ලෙස අණ කළත් බොරු කකුලක් පැළඳ සිටි නිසා එකවර නතර කරගත නොහැකි නිසා මඳ දුරක් ගොස් යතුරු පැදිය නතර කර ගත්තා. පසු පසින් ආ පොලිසියේ මහත්වරු දෙදෙනා කොලරයෙන් අල්ලා මට පහරදුන්නා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර නීතියක්නේ එක,යහපාලනයේ පොලිසිය හොදේ, (අ)
පොලිස් සාමාජිකයන් දෙදෙනා මිනිසුන්ට ගහන්න දක්ෂයන් බව නම් හොඳට පේනවා. පොලිසියට නීතියක් විනයක් නැද්ද? (නි)
දෙන්නගේ දක්ෂකම ලෝකයම දැක්කා. ප්‍රසිද්ධියේ මෙහෙම පහර දෙනවා නම්, පොලිසියට ගියාම කොහොම සළකාවිද? රාළහාමිලා දෙන්නට සුබ අනාගතයක්! (නි)
යහපාල උන්නැහේ, අපි දන්නවා මහින්ද මහත්තයාගේ කාලේ පොලීසියේ විනය. (නි)
විනය නැති දක්ෂයෝ මේක කියපු පොලිස් ලොක්ක මොන දක්ෂයෙක් වෙන්න ඕනද (ම)
කකුලකුත් නැතුව බයිසිකල් පැදලා පාරේ යන අහිංසක ළමයෙක් එහෙම හප්පලා මැරුවා නම් කවුද වගකියන්නේ. (නි)
නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නිර්දේශය හරිනේ.දක්ෂයෝ දෙන්නෙක්. (බ)
රට වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තෑබු අයෙකුට සළකන හැටිද මේ? (නි)
මිනිස්කම අමතක වෙනවා අපේ අයට හරි ඉක්මණට (නි)
අපි නොදන්න පොලිසිය! (නි)
බැරි මිනිහෙකුට උඩපැන පැන පහර දුන්නට මම වගේ එකෙකුට ගහන්න ආවනම් දෙන්නටම දුවන්න දෙනවා (ම)
හදිසියට නතර කරන්න බැරි යතුරුපැදිය පාර මාරුවෙන පොඩි ළමයෙක් යටකරගෙන ගියා නම් ඒත් බනින්නේ පොලිසියට (නි)
අනේද කියන්නේ අපේ පොලියේ ය වහනය නතර කරන්න කියන්නේ අන්තීම මොහොතේ. අත දානේ එයාල අත දාන විදිහට නතර කළොත් අපි ඉවරයි.ඒවා ගැන කතා කරන වැඩක් නැ. කවුරු කොහොම කීවත් ලංකාවේ පොලිසිය ගැන කිසිම පැහැදීමක් නැ ජනතාවට එක එයාල කවුද කියන්න මුළු ලෝකෙම දන්නවා. පිටරට අයත් දන්නවා . කැමතිනම් මේ දේ පල කරන්න .පොඩි කතාවක් මමම ඇසින් දුටු.නිවාඩුවට අපු වෙලාවක රාත්‍රියේ ආප්ප කන්න ගියා රාත්‍රී ආප්ප කඩේකට .එහිදී සිවිල් ඇදුමින් සිටි හතර දෙනක් (බීල හිටියෙත්)ආප්ප කන්න ඇවිල්ල හිටියා ආප්ප ඇනවුමක් දුන්න (බිත්තර ආප්ප වල ගෙවන්න කියල ආප්ප කොලුවා කීවා.සමහර අය අනවුම දීල අරගෙන සේරම කන්නේ නෑලු .තව කෙනෙකුට දෙන්නත් බෑනේ .එක නිසා ආප්ප සාලි දීල ගන්න ඕනි. මුදලාලි කියල තියෙන්නේ නැත්නම් අර අහිංසක කොලුවාගෙන් පඩියෙන් කපනවා .මෙයාල චන්ඩි කමෙන් ආප්ප කාල ඉතුරු ඒවාට සල්ලි නොදී යන්න ගියා කොලුවා ටිකක් රණ්ඩු කළා. මත්තයාල පොසියේ වුණාට මෙහෙම කරන්න එපා මට තමයි ගෙවන්න වෙන්නේ කියලා.වරදක් වුණේ නැ.එත් මෙයාල එවෙලේ අනික් අයට පෙන්නේ ගිහිල්ල ආයේ අවා පොලිසියේ වාහනයකින්. මමම හිතන්නේ ස්ථානාධිපති එක්ක වෙන්න ඕනි. ඇවිල්ල කොයි එක්කද උබලට පාර්ට් දැම්මේ කියලා අනේ අර අහිංසක කෙසඟ කොල්ලට හොදටම ගහලා නහයෙන් කටින් ලේ දාන්න මුදලාලිටත් ගහල කෙසෙල් ගෙඩි කකා කොල්ලව ජීප් එකට දාගත්තා.මට ඉන්න බැරි කමට මම නැගිට්ටා එත් යාළුවා කීව නිකන් ඉදපන් උබේ පාඩුවේ කියලා.උබ පිට රට යන්න ඉන්න එකා කියලා. අනේ ලංකාවේ නීතියට ජනතාවට දෙවියන්ගේ පිහිටයි (අ)
අට පස් එවුන් පොලිසියට ගත්ත හම වෙනදේ. (අ)
නියෝජ්‍ය පොලිස්පති වරයා නිකරුනේ දක්ෂයන්ව මෙතරම් කාලයක් උසස් වීම් වලට යොමු කළේ නැත්තේ ඇයි? දක්ෂ කම කියන්නේ යුද පෙරමුණට ගොස් සටන් කළ ආබාධිතයෙකුට පහර දෙන එකද? (බ)
පිවිතුරු යහපාල කියන බොරු නමක් දාගෙන ඉන්න කෙනාට පුදුම උණක් තියෙන්නේ (නි)
නිලධාරීන් දක්ෂ බව ඇත්ත. නමුත් පහරදීම ගැන ඔබතුමා දක්වන අදහසට එකඟවිය නොහැක. පොලිසිය ගැන ජනතා ප්‍රසාදය ලැබෙන මෙකල මෙයින් නැවත පොලිසිය ජනතා උදහසට නතුවීම වැළැක්විය නොහැක (නි)
දක්ෂයෝ වුණත් නුනත් පොලිසියේ ආචාරධර්ම පද්ධතිය පිළිපැදීම අනිවාර්යයි (නි)
එදා ඒ ආබාධිත සෙබළා නොහිටින්න මේ කතාකරන ඔබ අපි අද ජීවතුන් අතර නොහිටින්න පුළුවන් නේද? (නි)
ඒ දෙන්නා දක්ෂයින්ද? (නි)
වැරදි නම් අල්ලාගෙන පොලිසියට ගෙනයනවා මිස එහෙම ගහපු එක නම් බොහොම වැරදියි (නි)
මේ ක්‍රියාව හොද නෑ.වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්න.(හේ)
කෙනෙකුට මේ ආකාරයෙන් පහරදීම වැරදි . (හේ)
දක්ෂයි කියලා කියන තරමින්ම ශ්‍රී ලංකා පොලිසිය ගැන හිතාගන්න පුළුවන්. (නි)
දක්ෂයින් නම් උසස්වීමක් දෙන්න. හැබැයි මිනිසුන්ට ගහන්න දෙන්න බැහැ. මිනිහා වැරැද්දක් කළා නම් නඩු දමන්න. අපි වරදකදී තව කෙනෙකුට ගැසුවා නම් මෙම නිලධාරීන්ම නීතිය අතට ගත්ත කියා අපිට විරුද්ධව නඩු දානවා. එහෙනම් මෙතන මොකද වෙන්නේ? තව මිනිහෙකුට ගහන්න ඔබට කිසිම අයිතියක් නැත. අපේ සහ දකුණු ආසියා රටවල පොලීසි මෙහෙම වුණාට ලෝකේ අනික් රටවල පොලීසි වලට සංවරයක් තිබෙනවා (නි)
ලැජ්ජා නැද්ද ආබාධිතයෙකුට ගහන්න? නීති සංවිධානයකින් මීට විරුද්ධව නීති මඟින් කටයුතු කරනවා නම් හොඳයි. (නි)
අපි කතා කරන්නේ යතුරුපැදියක් පැද්දේ මොකද කියලා විතරක් නොවෙයි. වැරදිකාරයෙකුට වුණත් බිමදාගෙන ගැහුවේ මොකද කියලා. මිනිහෙකුට ගහන්න කවුද අවසර දීලා තිබෙන්නේ? එහෙනම් අපිටත් ගහන එකාට ගහන්න නීතියෙන් අවසර තිබෙනවා, ආත්ම ආරක්ෂාවට. (නි)
හදිසියේ නවතාගන්න බැරි නම් ඒ වගේ යතුරුපැදියක් පැද්දේ මොකද? ආබාධිතයින් සඳහා සුදුසු වාහන තියනවා. (නි)
දක්ෂයන් බව දුටුවා (අ)
යතුරුපැදිය පැදීම වැරදියි. නොනැවැත්වූ එකත් වැරදියි.හැබැයි ගහපු එකත් වැරදියි. (නි)
මානව හිමිකම් සහ මනුස්සකම් නොතකා මාර්ග නීති කඩකිරීමේ වරදට ආබාධිතයෙකුට බිමදාගෙන පහරදෙන එක හරිද? (නි)
ගහපු දෙන්නා දක්ෂයි කීමෙන් මොනවා අදහස් කළත් අපිට නම් හැඟෙන්නේ වෙනත් දෙයක්. වර්තමාන පොලිස් ආකල්ප සමඟ මොවුන්ගේ හැසිරීම නම් හොඳින්ම ගැළපෙනවා. (නි)
පොලිසිය එම සේවයට සහ රටට ඇතිකළේ කළු පැල්ලමක්.මෙතන අනෙක් බරපතල ගැටලුව මට පෙනෙන්නේ පාදයක් අහිමි පුද්ගලයෙක් රෝද දෙකක යතුරුපැදියක් පැද යාමේදී අනෙක් රියදුරන් හා මඟීන් මුහුණදෙන අනතුරුදායක තත්වය. (නි)
මොනතරම් දක්ෂ වුණත් වැරදි වැඩේට දඬුවම් තිබිය යුතුයි. (නි)
රෝහණ කුමාර් මෙන්ඩිස්ගේ කතාව නීතිය සහ සාමය ඇමතිතුමාට යොමු කරන්න කෙනෙක් නැද්ද. ඇහෙනකොටත් හිරිකිතයි. (බ)
යොහාන්, පොලිසියේ වැරැද්ද තියෙන්නේ වෙන කොතනකවත් නෙවෙයි. මිනිසුන්ට පහර දීමේ විලාසයටයි. නීති පොතේ තියෙනවාද අල්ලගත්ත ගමන් ගහන්න කියලා. ආත්මාරක්ෂාවට ගහපු බවක් මෙයින් පෙනෙන්නෙත් නැහැ. (බ)
දක්ෂයන් කියන්නේ මොන පදනමින්ද? පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකගැනීමට "දක්ෂයින්" නියම ලෙස හඳුනාගැනීම ඉතා වැදගත් (නි)
කොච්චර හොඳ, දක්ෂ පොලිස් නිලධාරියෙක් වුණත් මෙහෙම ගහන්න බැහැ. (නි)
ඒ දෙන්නා අති දක්ෂයි අසරණයන්ට පහර දෙන්න. (අ)
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතුමා කර ඇති මෙම විග්‍රහයට මට නම් එකඟ වෙන්න අමාරුයි (නි)
මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
මොනවා? දක්ෂයින්? මේ මොනවද කියන්නේ? (නි)
රට බේරාගත් රණවිරුවෙක් නේද මේ? (නි)
මහින්ද මහත්තයාගේ කාලය මතක නැති සමහරු මැරිලා ඉපදිලා වගේ කතා කරනවා. (නි)
මෙතන තියෙන ප්‍රශ්නය මේකයි. පොලීසියේ කාර්ය මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. (නි)
මේ යතුරුපැදියෙන් ගිහින් වෙන අනතුරක් වුණා නම් අද මේ කතා මෙහෙම කතාකරයිද? (නි)
රට බේරාගත් රණවිරුවන්ගේ අනාගතය කෙබඳුවේද? (නි)
ලොවට මානව හිමිකම් පුරාජේරු කියවන සමයක මේවා මානව හිමිකම් නොවේද? (නි)
මේ කතා අහනකොට අපිට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
ආබාධිත වුණත් දුබල වුණත් හමුදාවේ හිටියත් අයථා විදියට හැසිරෙන්න බැහැ.නිල ඇඳුමක් ඇන්දා කියලා වැරදි විදියට හැසිරෙන්න බැහැ.අපි හමුදාවේ විනය ආරක්ෂා කළයුතුයි (නි)
මේ වගේ අයටද දක්ෂයෝ කියන්නේ? (නි)
පොලිසිය ගැන එක එක්කෙනා මොන දේ කිවුවත් මට නම් මේ පොලිස් නිලධාරීන්ගේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
අපි ඒ ආබාධිතයාගේ පැත්තෙනුත් සිතන්න ඕනෑ නේද? (නි)
කෝ මේ මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ගැන කතාකරන සිවිල් සංවිධාන? (නි)
ප්‍රථමයෙන් රථවාහන පොලිසිය විසින් රථවාහන නැවතීමේදී නිවැරදි ලෙස රථවාහන නැවතීමට කටයුතු කළයුතුය.මන්ද ඔවුන් මාර්ගය දෙපස කොහේ හෝ සැගවී සිට බසයකට මඟීන් අතදමන අයුරින් රථවාහන නැවතීමට පියවර ගනී.මාගේ අදහස අනුව ප්‍රථමයෙන් පොලිස් නිලධාරීන් නිවැරදි අයුරින් රථවාහන නැවතීම, රියදුරන්ට ගෞරව කිරීම, නීතිගරුක සදාචාර සම්පන්න ලෙස රාජකාරිය සිදුකිරීමට කටයුතු කිරීමට උපදෙස් දියයුතුය (නි)
මහ පාරේ දමාගෙන කරන පහරදීම නම් අනුමත කරන්න බැහැ. පාරේ මෙහෙම නම් අරගෙන ගියානම් සැළකිලි කොහාමට හිටියිද? වරදක් කළා නම් දඬුවම වරදේ ස්වභාවයට සාධාරණ වියයුතුයි (නි)
පොලිස් පුහුණුවීම් වලදී උගන්වන පළමුවෙනි පාඩමද දන්නේ නැහැ මිනිසුන්ට තඩි බාන එක. (ම)
කිසිම හේතුවක් නිසා පොලිසිය මිනිස්සුන්ට ගහන්න කිසිම අයිතියක් නැහැ. වැරැද්දක් කළා නම් දඩ ගහන්න හරි නඩු දන්නා හරි ඕනේ.(ම)
ආබාධිත අයගේ රියදුරු බලපත් නැවත පරීක්ෂණයක් කර අලුතින් නිකුත් කළ යුතුය.(ම)
ආබාධිත අයගේ රියදුරු බලපත් නැවත පරීක්ෂණයක් කර අලුතින් නිකුත් කළ යුතුය.(ම)
මේ ප්‍රකාශය කළ නියෝජ්‍ය පොලිස් පති වරයාත් ඒ වගේම දක්ෂයෙක්. (ම)
අවම බලය ආබාධිත අයගේ බොරු කකුල් ගලවා මහමඟ පහරදීමද ? (ම)
ශ්‍රී ලංකා පොලිසිය ගැන කවර කතාද, බොරු යහපලනය. නීතිය තිබ්බත් වැඩ පහළට වැටිල තියෙන්නේ දැන්
රථ වාහන් පොලිසියේ තරම බදාදා හවසට මීරිගම සිට ගිරිඋල්ලට යන්න ගියා නම් තේරෙනවා . ලෝලුවාගොඩ සිට ගිරිඋල්ලටම වාහන පෝලිම පැයකට වඩා යනවා ඔය කි. මි 5 -6 යන්න . (අ)
හදිසියේ නවත්ත ගන්න බැරිනම් ඒ වගේ යතුරු පැදියක් පැද්දේ මොකද? ආබාධිතයින් සඳහා සුදුසු වාහන තියනවා. කොහොමත් පහර දීපු එක නම් වැරදියි. (බ)
දක්ෂ නිලදාරී දෙන්නෙක් බව පේනවා.(ම)
වැඩේ වැරදියි (බ)
දක්ෂයින් කියල නම් පේනවා හොඳට. ලංකාවේ උසාවියක් කියල දෙයක් තියෙන්නේ මොකටද එතකොට. වැරැද්දක් කළානම් නඩු දාන්න සත්තු වගේ මහ පාර මැද්දේ හැසිරෙන්නැතිව. (බ)
මහින්ද මහත්තයාගේ කාලේ පොලීසිය හික්මීමක් සහිතව හිටිය මේ ආණ්ඩුව පොලිසියව යමයන් කරලා (බ)
ඒ දෙදෙනා දක්ෂයින් වග අපි හොදට දැක්කා ඒ අාබාධිත පුද්ගලයාට තඩිබාපු හැටියෙන්....ඔය පොලිසියේ දෙන්නව ගෙදර යවන්න යුනිෆෝමිඑක ගලවගෙන....ඒ සෙබලට කළ අපහාසෙට එකාගෙන් ලක්ෂ දෙකහමාර බැගින් වන්දි ගෙවන ලෙසත් වන්දි නොගෙවන්නේනමි වසර 5 බැගින් හිරේට අනිවාර්ය දඩුවමක් නියම කළා නම්.. අනාගත පොලිස් කාරය බුදධිමත්ව වැඩකරන්න මේ දඩුවම පාඩමක් කරගන්නවා..අනිවාර්යයි. රටේ නිතියක් නැති එකතමයි පළවෙනිම දුර්වලකම. (බ)
සාමාන්‍යයෙන් හමුදාවේ අයට පොලිසි එක්ක ගහ ගන්න පොඩි උණක් තියෙනවා. ඒ අනුව මෙයා අණ නොතකා යන්න හදන්න ඇති. කොහොමත් අබාධිත නම් නඩුවක් දාන්නම වෙනවා. පොලිසියේ අයට මෙහෙම කරන්න බෑ. ඒ දෙන්නට විනය ක්‍රියාමාර්ගයක් ගන්නම වෙනවා . (අ)
එක්කෝ බොරු, නැත්නම් හදිසියේ බ්‍රේක් ගහන්නත් බෑ (බ)
හරිම කැතයි ඒ පහර දීම. ඔහුගේ ආබාධිත බව සලකන්නටවත් මේ පොලිස් නිලධාරීන් දෙදෙනාටම මානුෂීය හදවතක් නැති බව හොඳට පෙනෙනවා. (බ)
ගයාන් මහතා. ඔබ නිවැරදි. වාහනයක් නවත්වද්දී නියමිත නීතියට නැවැත්විය යුතුයි. එක ලංකාවේ නිලධාරීන්ටට උගන්වන්න ඕන. ඒ වගේම පහසුකම් දෙන්නත් ඕන. මේ නිලදාරීන් අපෙන් පඩි ගන්නේ. ඒ වුණාට ඉන්නේ එයලා හැදෙන් බැහැපු ගානට.(අ)
කාටවත් ගහන්න පොලිසියට අයිතියක් නෑ
අිත් දක්ෂයෝ තමයි රාළහාමි ආබාධිත හමුදා සෙබළකුට ගැහැව්වට කමක් නැද්ද එතකොට ඔයා වීඩියෝ බලනවද (බ)
අති දක්ෂයන් බව පේනවා වරදක් කරනම් නීතියෙන් දඬුවම් කරන්න ඕන (බ)
ඒ දෙදෙනා දක්ෂයෝ ද යක්ෂයෝද? (බ)
පොලිස් ප්‍රකාශවරයා මොනාද කියන්නේ (බ)
දෙන්නගේ දක්ෂකම පේනවා වීඩියෝ එක බැලුවම. මේවගේ නරියන්ව ගහල එලවන්න ඕනි පොලිසියෙන්. (බ)
නියමයි.පට්ට පොලිස් කාරයෝ දෙන්නෙක් එල එල. (අ)
දක්ෂයින් යනු මෙවැන්නන්ද? (නි)