ලෝකයේ රටවල් අතරින් ‘සෙක්ස් ‘ (කාමය) යන වචනය තම සෙවුම් යන්ත්‍රයට වැඩිම වාර ගණනක් ඇතුළත් කළ රට ලෙස 2011 වසරේ සිට අඛණ්ඩව සිව්වැනි වතාවට මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබෙන බව ගූගල් සමාගම කියයි.

දෙවන ස්ථානය හිමිව ඇත්තේ ඉන්දියාවටය.

සෙවුම් සිදුව ඇත්තේ කවර ප්‍රදේශවල සිටදැයි යන තොරතුරු වලට අනුව හෝමාගම, කොළඹ හා නුගේගොඩ යන ප්‍රදේශ ඉදිරියෙන්ම සිටී.

පසුගිය අප්‍රේල් මස සිට මේ දක්වා ශ්‍රී ලංකා ජාතිකයින් තම සෙවුම් යන්ත්‍රයට සෙක්ස් යන වචනය ඇතුළු කිරීමේ හදිසි ඉහළ යෑමක් දැකගත හැකිවූ බවද ගූගල් සමාගම පවසයි.

ඉන්දියාවට පසු, බංගලිදේශය, ඉතියෝපියාව, නේපාලය, පැපුවා නිව්ගිනියාව, වියට්නාමය, පකිස්තානය වැනි රටවල් මුල් ස්ථාන හිමිකරගෙන සිටී.