IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එළවළු කිලෝ හතලිස් දාහක් කැළේට

දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ගෙන ආ එළවළු කිලෝ හතලිස් දහසක් අද උදේ විසි කරන්නට සිදු වූ බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා කියයි.

කීයකටවත් විකුණා ගැනීමට නොහැකියව විසිකළ එළවළු අතර වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු ආදිය වෙයි. මේ හැම හළවළු වර්ගයකම මිල රුපියල් දහයට අඩු විය.

ඇතැම් ගොවීහු කිලෝ පනහේ බණ්ඩක්කා ගෝනිය රුපියල් සියයකට විකුණූහ.

කිලෝ හැටේ කැකිරි ගෝනිය ද විකුණා දැමුනේ රුපියල් සියයකට ය.

බොහෝ ගොවීනට ප්‍රවාහන ගාස්තුවත් සොයා ගත නොහැකි විය. පහතරට එළවළු විශාල වශයෙන් වැවීම නිසා මේ තත්ත්වය ඇති වූ බව ආර්ථි කලාප නිලධරයෝ කියති. කැකිරි කිලෝ දහසක් ගෙන ආ ගොවියකුට ඔහුගේ ගනුදෙනු කාර ව්‍යාපාරික අයි ජී විජේනන්ද මහතා රුපියල් තුන බැගින් ගෙවා එම කැකිරි කුණුගොඩට විසි කළේය.

දුරින් ගෙන ආ කැකිරි එසේ කැළයට විසි කළත් ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් කඩවල කැකිරි කිලෝව රුපියල් හයක් විය. යාබද කඩේ කැකිරි කිලෝව විස්සකි.



අදහස් (0)

එළවළු කිලෝ හතලිස් දාහක් කැළේට

සමිපත් Sunday, 31 March 2013 02:35 AM

වෙළද ඇමතිතුමාට මේ අපරාද නවත්වන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දෙන්න. හොදම කෙනා තමයි ආරක්ෂක ලේකම් තුමා.(නදී)

:       0       0

සම්පත් Sunday, 31 March 2013 02:33 AM

කැකිරි කියන්නේ තොච්චර ගුණ දෙයක්ද? කිසිම දෙයක අගයක් නොදන්න ජාතියක්.(නදී)

:       0       0

සමිපත් Sunday, 31 March 2013 02:41 AM

ආන්ඩුවෙන් නිකන් දෙන පොහොර ටික දාලා වවලා විසිකරන්න ගියාම රටත් දියුණු වෙයිද?(නදී)

:       0       0

රන්ජිත් Saturday, 30 March 2013 03:35 PM

සීනි ඇමතිවරු ඉන්න ලංකාවේ මේ වගේ දේකට අමාතයංශයක් හරි පිහිටුවල සාධාරණ මිලට එළවළු ගන්නයි සාධාරණ මිළට විකුනන්නයි යන්ත්‍රනයක් පිහිටුවන්න බැරි ඇයි.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Friday, 29 March 2013 08:24 PM

ඕවා අමතක කරලා දැයට කිරුළ බලන්න යන්නේ. අහෝ රටකට ගිය කලක්.(නදී)

:       0       0

තිලිනි තාරුක Friday, 29 March 2013 01:13 PM

කන්න නැතිව මිනිස්සු කොච්චර ඉන්නවද? ඇයි මෙහෙම අපරාද කරන්නේ. අපේ රටේ විදවන්නේ ඕවා තමයි.(නදී)

:       0       0

සමන් -ඕමානය Friday, 29 March 2013 01:14 PM

ඇයි මෙහෙම සිද්ධ වෙන්නේ? කොතැනද වැරැද්ද? අදාල නිලධාරීන් මේ ගැන සොයා බලා ගොවීන්ට සාධාරණයක් ඉටු කෙරීමට කටයුතු කල යුතුයි.(නදී)

:       0       0

පහන් Friday, 29 March 2013 01:44 PM

දෙවියනි ඔබ කොහිද? (නි)

:       0       0

කපිල Friday, 29 March 2013 01:42 PM

සමන් ඕමන්තෙට කැකිරි ඕනද?(නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Friday, 29 March 2013 01:49 PM

මේවා ජාතික අපරාධ. වහාම පියවරක් ගන්න. මිනිසුනේ, කෑම විසි කරන්න එපා. ලෝකයේ එක වේලක් කන්න නැතුව කීදෙනෙක් නමි මියැදෙනවද..? ඇයි මේ මිනිස්සුන්ට මේවා ගැන වැටහීමක් නැත්තෙ. පාරිභෝගික කටයුතු අමාත්‍යංශය කියලා එකක් තියෙනවා නේද.? කෝ ඒකේ උදවිය? මේ වගේ එළවළු අතිරික්ත තියෙන කාලවලට ඒවා ටින්කර කල්තබා ගැනීමේ ක්‍රමයක් යෝජනා කරන්න. ගොඩක් වටීවි. (නි)

:       0       0

සුගන්ධී Friday, 29 March 2013 09:28 PM

මේවා මොනතරම් අපරාධද? පිනට දුන්නා නම් හොද නැද්ද? (නි)

:       0       0

නිමල් Friday, 29 March 2013 01:52 PM

කොයි රජයෙන්වත් ගොවියට සාධාරණයක් ඉටුවෙන්නේ නැහැ. වගකිව යුත්තෝ වහාම සොයා බැලිය යුතුයි.(නදී)

:       0       0

තාරක Friday, 29 March 2013 09:29 PM

අපි වවමු බෙල්ලේ වැල දාගමු (නි)

:       0       0

ගාමිණී Friday, 29 March 2013 01:52 PM

දඹුල්ලේ එළවළු බෙදාහැරීමට නියම ක්‍රමවේදයක් නොමැති බවයි පේන්නේ. ඊයේ කෑගල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ සෑම එළවළුවක්ම ග්‍රෑම් 500 රුපියල් 40 යි. අමුමිරිස් 100 රැපියල් 30 යි.(නදී)

:       0       0

සුරංග Friday, 29 March 2013 01:56 PM

මේවා කන්න නැති අයට දුන්න නම් ලොකු පිනක්. වෙසක් වලට ඇති හැකි අයට නම දාගන්න දන්සැල් දාන මාන වලට ගන්න තිබුනනේ. මේ එළවලු ටික නැති බැරි අයට දුන්න නම් නේද හොද?(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 29 March 2013 01:51 PM

කරුණාකර දහස් ගණනක් බඩගින්නෙ සිටින තමිල්ණාඩුවට යවන්න. (නි)

:       0       0

නිශාන්ත Friday, 29 March 2013 02:06 PM

අසරණ මිනිස්සු කන්න නැතිව දහදුක් විදිනවා. ඇයි කැලේට දාන්නේ ඒ අයට බෙදලා දුන්න නම් මොකද වෙන්නේ. මගේ රටට ගිය කලක්.(නදී)

:       0       0

නලීන් Friday, 29 March 2013 10:13 PM

වගකිවයුත්තන් නිදිද? (නි)

:       0       0

පූර්ණිමා Friday, 29 March 2013 02:11 PM

අපරාදේ. දුප්පත් මිනිස්සුන්ට මේවා දුන්නා නම් පිනක්වත් සිද්ධ වෙනවා. (නි)

:       0       0

සෑම් Friday, 29 March 2013 10:34 PM

මේකට තමයි ඉල්ලුම් සැපයුම් න්‍යාය කියන්නේ. (නි)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Friday, 29 March 2013 02:30 PM

මේවා සහගහන අපරාධ, අතරමැදි මාපියාව නිසා ගොවියොත් පාරිභෝගිකයොත් හැමදාම අමරුවේ. රජයේ අළෙවි දෙපාර්තමේන්තුවත වටිනාකම තියෙන්නේ මේ වෙලාවටයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 29 March 2013 02:31 PM

මොන අපරාධයක්ද මේ? (නි)

:       0       0

පෙරේරා Friday, 29 March 2013 11:51 PM

වැඩිපුර එළවළු රට පටවන්න. එහේ හොද ඉල්ලුමක් තියෙනවා. (නි)

:       0       0

සුමිත් Friday, 29 March 2013 02:43 PM

ඇමතිතුමා කෝ? (නි)

:       0       0

ලලිත් Saturday, 30 March 2013 01:23 AM

අයියෝ! ඕවා බටහිර කුමන්ත්‍රණ. (නි)

:       0       0

ලලිත් Saturday, 30 March 2013 01:17 AM

ළඟදීම මිනිසුන් එළවලු වර්ජනයකට යාමට බොහෝ ඉඩ ඇත. මොකද මේවට ගහන තරමක් කෘමිනාශක නිසා අද වෙනකොට රට පුරා වකුගඩු රෝගීන් , පිළිකා රෝගීන් සහ දියවැඩියා රෝගීන් ගෙන් පිරිලා. මේවා ගැන මිනිස්සු දැනුවත් වෙනකොට ඔවුන් තම තමන්ගේම වතුවල වාවගන කන තත්වයක් එන්නට ඉඩ ඇත. අනෙක් අතට කඩෙන් ගන්න සල්ලිද නැති වෙනකොට හදාගන කණු හැර වෙන විසදුමක් ද නැත. ඒක නිසා ඔය එළවලු අපට කෘමිනාශක එවන අය වෙතම ටින්කර පටවන ක්‍රමයක් සොයාගන්න පුළුවන් නම් ඔවුනට විරුද්ධව පෙළපාලි ගිහින් කරන විකාර වලට වඩා යමක් වනු ඇත. (නි)

:       0       0

ජාන් Friday, 29 March 2013 02:52 PM

අපේ බොදු බල සේනාව යවන්නකෝ. ප්‍රශ්නය ඉවරයි. (නි)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Saturday, 30 March 2013 01:31 AM

ගොවියට කාගේ සරණද? (නි)

:       0       0

ඩැනියෙල් Saturday, 30 March 2013 01:25 AM

මේකට රජය වගකියන්න ඕනෑ නේද? (නි)

:       0       0

අමිත Friday, 29 March 2013 03:00 PM

මේවනම් සහගහන අපරාධ. ආශ්චර්යයක් කරා මේ අයුරින් නම් යා නොහැක. ජනපතිතුමනි, ගෝඨාභය මැතිතුමනි, ඔබතුමන්ලගේ මැදිහත් වීම මෙයටත් අවශ්‍ය බව වැටහේ. අහිංසක ගොවියා ගැන බලනු මැන. (නි)

:       0       0

ශෙහාන් Friday, 29 March 2013 02:56 PM

එළවළු කල්තබා ගැනීමට දඹුල්ලේ අධිශීතකරණ ඇති කළ යුතුයි. (නි)

:       0       0

ජසී Saturday, 30 March 2013 03:26 AM

අනේ සෙන්තිල්ට දුක හිතිලා වගෙයි තමිල්නාඩුවට දොස් කිවුවට. (නි)

:       0       0

සදුනි Friday, 29 March 2013 03:02 PM

ඇමතිවරු 66 ක් ඉන්නවා. එයින් එක්කෙනෙක් දාන්නකෝ මේවා ගැව හොයන්න.(නදී)

:       0       0

ජනක Saturday, 30 March 2013 03:46 AM

සහගහන අපරාධ මේවා. පවු අහිංසක ගොවියා. (නි)

:       0       0

රෝහිත Friday, 29 March 2013 03:02 PM

මේක නම් ජාතික අපරාධයක්. පව් මේ ගොවියෝ මහන්සිවෙලා වියදමෙන් වගාකරලා දැන් විකුනගන්න බැරිව විසිකරනවා. ලංකාවේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද?(නදී)

:       0       0

සුමිත් Friday, 29 March 2013 03:11 PM

අහෝ! අවාසනාවන්ත රටක ස්වභාවය තමයි මේ. (නි)

:       0       0

සම්පත් Friday, 29 March 2013 03:13 PM

වෙළද ඇමතිතුමනි, මොකද වෙන්නේ සතොස නිදිද?(නදී)

:       0       0

සම්පත් Friday, 29 March 2013 03:14 PM

වෙළද ඇමතිතුමනි, ඔබ තුමාගේ නම කැතවෙනවා. අකාර්යක්ෂම නිළදාරීන්ට දැඩි පියවර ගන්න.(නදී)

:       0       0

ශෂී Sunday, 31 March 2013 09:40 AM

දේශපාලකයන්ගේ වැරැද්ද වුනාට ඡන්දය දීලා තියෙන්නේ.(නදී)

:       0       0

ගජබා Friday, 29 March 2013 03:16 PM

අපේ කෘෂිකර්මයේ නිසි කළමනාකරණයක් නැති කමේ විපාක තමයි මේ. නිකන් මාධ්‍ය සාකච්ඡා තියලා පන්ඩිත කතා කියෙව්වට වැඩක් නැහැ.(නදී)

:       0       0

රවි Saturday, 30 March 2013 05:42 AM

කෝ වගකිවයුත්තෝ? ඔවුන් නිදිද? (නි)

:       0       0

වජිර Saturday, 30 March 2013 06:25 AM

එළවළු විසිකරන්න තරම් තියෙනවා නම් ඇයි වෙළදපොළේ එළවළු මිළ අඩුකරන්න බැරි? (නි)

:       0       0

රන්ජිත් Sunday, 31 March 2013 09:43 AM

නැති බැරි මිනිස්සුන්ට දුන්නානම් (දී)

:       0       0

සුනිල් Saturday, 30 March 2013 06:35 AM

බලධාරීනි, ඔබගේ ඇස් ගෙඩි වලට හෙණ ගහලද? මේ අපරාධ නොපෙනේද? (නි)

:       0       0

නිලූ Saturday, 30 March 2013 07:13 AM

වගකිවයුත්තන් නිදිද? (නි)

:       0       0

නුවන් Sunday, 31 March 2013 10:00 AM

නිකන් බෙදුවානම් ඉවරයිනේ (දී)

:       0       0

අපොන්සු Saturday, 30 March 2013 07:33 AM

නැතිබැරි ළමා නිවාස වලට, වැඩිහිටි නිවාස වලට, දන්සල් වලට දෙන්න මේ එළවලු හොඳ නැතුව ඇති. එළවලු වලට තිත තැබීම ගැන ආඩම්බරයි. (නි)

:       0       0

අමිල Sunday, 31 March 2013 09:58 AM

අපි වවමු රට නගමු කිව්වට කිසිම සැලැස්මක් නැති කමනේ මෙ වගෙන් පෙනෙන්නේ. රටේ පරිභෝජනයට අතිරේක දේවල් පිට රටවල යවන විදිහක් වත් හැදුවනම් කොච්චර දෙයක් ද. වෙනත් රටවල වගාවෙන් මුදල් හොයනවා. උදාහරණයක් විදිහට මම ඉන්න සිංගප්පුරුවට අවට රටවලින් පිලිපීනය, තායිලන්තය වැනි රට වල්ව්ලින් එළවලු එවන්නේ.(නදී)

:       0       0

සුජා Saturday, 30 March 2013 08:05 AM

කිසිම වැඩක පිළිවෙලක් නැති හැටි? (නි)

:       0       0

බුද්ධික Friday, 29 March 2013 03:48 PM

මේවා කරන්නේ මුදලාලිලගේ ඒකාධිකාරය පවත්වාගන්න. එයාලා කැමති නැහැ එළවළු මිළ අඩුවෙනවට. මේවා ජාතික අපරාද. වගකිවයුත්තන් නින්දේ.(නදී)

:       0       0

තිලකගේ Friday, 29 March 2013 04:01 PM

වගකිවයුතු ආයතනවල නිසි කළමනාකාරිත්වයක් නොමැතිකම සහ අකාර්යක්ෂමතාවය මෙයට මුලිත හේතුවයි. ඇයි මේ අතිරික්තය කුනුකූඩෙට විසිකරන්න ඔය තරම් හදිස්සිය. තව සතියකින් එළවළ හිගයක් ඇතිකරන්නද? මේවා වෙළද ගැට.(නදී)

:       0       0

හරින්ද Friday, 29 March 2013 04:18 PM

මෙන්න ආසියාවේ ආස්චර්ය.(නදී)

:       0       0

තිලක් Friday, 29 March 2013 04:13 PM

අපි වවමු. විසිකරමු.(නදී)

:       0       0

කුරුවිට Saturday, 30 March 2013 08:27 PM

මේ එළවළු කූඩ ඉස්සර තිබුන ගෝනි වගේමයි.(නදී)

:       0       0

ජගත් ඩුබායි Friday, 29 March 2013 04:24 PM

අර කූඩා නීතියට මොකද වුනේ.(නදී)

:       0       0

කරූ Friday, 29 March 2013 04:26 PM

එළවලු තැලෙන නිසා කූඩා වලට දාන්න කිව්වම පාර මැද ගිනිතියාගන්නවා. එතකොට මාධ්‍ය ඇමතිට බනිනවා. එළවලු මිළ වැඩි වුනාම යුධහමුදාව දාලා විකුනනකොට ආයෙත් මාධ්‍ය ඇමතිට බනිනවා. දැන් එළවළු මිළ අඩුවුනාම එළුවලු කුනු කූඩෙට දාලා. ඒතටත් ඇමතිට බනිනවා. ඇමති මොකටද මැදහත් වෙන්නේ. මේ අය නීති කඩනකොට බලන්න එක කූඩයක් තියෙනවද කියලා.(නදී)

:       0       0

සෑම් Friday, 29 March 2013 04:34 PM

මගේ ඇගේ මාළු නටනවා. කට්ටියක් එළවලු මිළ ගනන් කියලා කන්න නැතුව ඉන්නවා. තව කටිටියකට විකුනගන්න බැරිව වියදම් කරලා විසිකරනවා. ආයෙත් ඡන්දේ දෙමුකෝ.(නදී)

:       0       0

සේනක Friday, 29 March 2013 04:42 PM

එළවළු ප්‍රවාහනය කරන්න පුලාස්ටික් පෙට්ටි නීතියක් තියෙනවා නේද? මෙතන තියෙන්නේ ගෝනිනේ. මගේ ඇස් පෙනීම දුරුවල වෙලාද?(නදී)

:       0       0

‍ලෝචන Saturday, 30 March 2013 09:52 AM

ජාතික අපරාද!, එළවලු තොගයම හමුදාවෙන් හෝ මිලදි ගෙන නොමිලේ බෙදා දුන්නත් රටට පාඩුවක් නෑ (අ)

:       0       0

කිත්සිරි Friday, 29 March 2013 05:06 PM

මේවා නිසි කළමනාකරණයක් කරන්න පෞද්ගලික ආයතනයක් වත් කටයුතු කරනවානම් කොතරම් අගේද?(නදී)

:       0       0

සෙනරත් Friday, 29 March 2013 04:59 PM

මට අදහා ගන්න බැහැ (දී)

:       0       0

අරුණ Saturday, 30 March 2013 11:00 AM

ගොඨාභය මහත්මාණනි, ඔබට මිස මේ වෙන විනාශය නවත්වන්න වුවමනාවක් තියෙන්නේ දේශයට ලැදි ශ්‍රී ලාංකිකයෙක් නැත. අසරණ මිනිසුන් අහස උසට මිලදී ගන්න කොට මෙහෙම විසිකිරිම හරිම වැරදී (අ)

:       0       0

චින්තක Saturday, 30 March 2013 11:09 AM

පෞද්ගලික වෙළෙන්දො ඉවත් කරලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හමුදාවට බාර දෙන්න (අ)

:       0       0

කැළුම් Friday, 29 March 2013 05:19 PM

රටේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. කිසිම දෙයක් හරියට කරන්නේ නැහැ.(නදී)

:       0       0

අනුර නිශාන්ත Friday, 29 March 2013 05:13 PM

එළවළු පළතුරු ටින් කර කල් ගුණාත්මක බවින් කල් තබා ගන්නා ක්‍රම අද ලෝකෙයේ දියුණු රටවල තියෙනවා. දැයට කිරුළින් මිලියන දහස් ගානක් නාස්ති වෙනවා. එවැනි මුදල් යොදවා සීතකරන සහිත ගබඩා පහසුකම්ද මේවා කල්තබා ගැනීමේ ක්‍රම භාවිතා කිරීම ඉතාමත් වටිනවා. ලෝකයේ සෙසු රටවල් ඉදිරියට යනවා. අපි යන්නේ පසුපසට.(නදී)

:       0       0

හරී Friday, 29 March 2013 05:16 PM

මේ ඇමතිලටවත් බැරිද ලොරියක් දාලා කොළඹට එළවලු ටික ගෙන එන්න.(නදී)

:       0       0

ජයනෙත්ති Friday, 29 March 2013 05:47 PM

මේ වැරැද්ද හැමදාම වෙනවා. නමුත් විසුදුමක් නැත්තේ ඇයි.(නදී)

:       0       0

නන්දලාල් Friday, 29 March 2013 05:57 PM

මේක තනිකර මාෆියාවක්... (නි)

:       0       0

ශාන්ත Friday, 29 March 2013 06:11 PM

කොපමණ මිනිසුන් ඉන්නවාද කෑම වේලක් කන්න නැතිව (දී)

:       0       0

ගුනවර්දන Friday, 29 March 2013 06:10 PM

විකුණා ගන්න බැරි වුනා කියන්නේ ඇයි (දී)

:       0       0

දිලිප් Friday, 29 March 2013 11:10 AM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

දිනේෂ් Friday, 29 March 2013 06:17 PM

කළමනාකාරිත්වයේ පාසැල් ළමුන්ට පවරා බලධාරියෝ පාසැල් යවමු.(නදී)

:       0       0

දම්මි Friday, 29 March 2013 06:22 PM

වගකිවයුත්තන්ට හොදක් නම් වෙන්න එපා. (නි)

:       0       0

නිහාල් Friday, 29 March 2013 11:37 AM

අනේ අපොයි මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 29 March 2013 06:48 PM

මේකට තමයි ආශ්චර්යය කියන්නේ.(නදී)

:       0       0

බණ්ඩා Friday, 29 March 2013 06:51 PM

ආචාර්ය, මහාචාරයවරු රැකියා දාලා ගෙදර යනවා. මෝඩයෝ රජකරනවා. මේවා කාට කියන්නද? (නි)

:       0       0

හේරත් Friday, 29 March 2013 06:46 PM

රෝහිත, ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන විතරයි. අනෙක් පැත්තෙන් තියෙන්නේ අහස පොලව නුහුලන අපරාද?(නදී)

:       0       0

හේරත් Friday, 29 March 2013 06:48 PM

රටෙන් බාගයක් මන්ද පෝෂනයෙන් පෙලෙද්දී එළවළු විසිකරන හැටි. අපිට නොතේරෙන කොහේ හරි තැනක ලොකු වරදක් තියෙනවා.(නදී)

:       0       0

වරුණ Friday, 29 March 2013 11:47 AM

කොලබට අරන් ආවානම් කීයකට හරි විකුණා ගන්න තිබ්බා (දී)

:       0       0

හේරත් Friday, 29 March 2013 06:56 PM

ඔය ගොවියන්ට දැයට කිරුළ පළදලා තියෙන්නේ.(නදී)

:       0       0

ජයසිංහ Friday, 29 March 2013 06:59 PM

ජිනීවා වලින් ආහාර සම්බාධකයක් පැනව්වොත් හොදයි.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 29 March 2013 06:59 PM

මත්තලට අරක් ගියානම් අලින්ට වත් කන්න දෙන්න තිබුනා.(නදී)

:       0       0

ප්‍රසාද් Friday, 29 March 2013 12:02 PM

මේ ගැන හොයන්න වගකිවයුතු කවුරුවත් නැද්ද?(නදී)

:       0       0

සෙන්තිල් Friday, 29 March 2013 07:09 PM

අනේ අර වෙරෝනාවල ඉන්න චතුලට මේ එලවළු ටිකක් නැවෙන් යවන්න. ඔහු සල්ලිත් නැතිව, කන්නත් නැතිව කමිල්නාඩුව ගැන කියවා අඩනවා.(නදී)

:       0       0

දර්ශන Friday, 29 March 2013 07:17 PM

මොන අපරාධයක්ද මේ (දී)

:       0       0

අරුණ Friday, 29 March 2013 12:25 PM

කළමනාකාරිත්වයේ පාසැල් ළමුන්ට පවරා බලධාරියෝ පාසැල් යවමු.(නදී)

:       0       0

රීටා Friday, 29 March 2013 12:30 PM

පේනවද ගොවියට සලකන හැටි. පේනවද රටෙන් බාගයක් මන්ද පෝෂනයෙන් පෙලෙද්දී එළවළු විසිකරන හැටි. (නදී)

:       0       0

සුකිරි Friday, 29 March 2013 12:25 PM

මේ ප්‍රශ්න විසදන්නේ කවදාද? ඉතින් මේ මිනිස්සු ජිනීවා නොගියොත්නේ පුදුමේ. ගියොත් කියයි ද්‍රෝභියෝ කියලා.(නදී)

:       0       0

තාරක Friday, 29 March 2013 07:42 PM

සුදුස්සන් කියලා අපි කවුද මේ පත්කරගෙන ඉන්නේ? (නි)

:       0       0

නාරද Friday, 29 March 2013 12:32 PM

මේවාට තමයි ජාතික අපරාධ කියන්නේ. (නි)

:       0       0

කාන්ති Friday, 29 March 2013 07:53 PM

ගෙයක් ගෙයක් ගානේ එළවළු වවනකොට මට හිතුනා ගොවීන්ට මෙහෙම වෙයි කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site