IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එළවලු මිල යළිත් ඉහළට

(නිමල කොඩිතුවක්කු )

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් යළිත් ඉතා සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බව  පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට්, බොංචි, ගෝවා, අමු මිරිස් ඇතුලු එළවලු  මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් ඔව්හු සඳහන් කරති.

සාමාන්‍ය වෙළෙඳපොළේ  බොංචි රුපියල් 890 කටත්, කැරට් රුපියල් 360 ක පමණ මිලකටත්,  ගෝවා රුපියල් 240 කටත්, තක්කාලි රුපියල්  240 කටත්, සලාද කොල රුපියල් 1700 කටත්, වම්බටු 400 කටත්, ලීක්ස් 350 කටත්” කරිවිල 630 කටත්, වැටකොලු 400 කටත්, දඹල 650 කටත් අමුමිරිස් රුපියල් 500කටත්  ආදී ලෙස කිලෝවක් සිල්ලරට අලෙවි වී තිබිණ.

කොළඹ මැනිං වෙළදපොලේ  තොගමිල බොංචි රුපියල් 600කටත්,  කැරට් රුපියල් 170කටත්, ගෝවා රුපියල් 80කටත්, තක්කාලි රුපියල් 130 කටත්, වම්බටු රුපියල් 200 කටත්, වට්ටක්කා රුපියල 100 කටත්, අමුමිරිස් රුපියල් 200 කටත් කිලෝව සිල්ලරට අලෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

මේ අතර වෙළඳපොලේ දෙහි සහ අමු ඉඟුරු මිළ තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි  පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව වෙළඳපොලේ දෙහි කිලෝවක මිල රුපියල් 2000 කටත්, අමු ඉගුරු කිලෝවක මිල රුපියල් 3800ත් 4200 ත් අතර අධික මිලක පවතින බවත් පාරිභෝගිකයෝ සඳහන් කරති.



අදහස් (2)

එළවලු මිල යළිත් ඉහළට

Gimhaana Tuesday, 28 May 2024 11:58 AM

ඕක නිසා තමයි හර්ෂ ඇමතිතුමා එලවලු සුරක්ෂිතව තියාගන්න ආයතනයක් හදන්න උත්සාහ කලේ. ඒකට මොකද වෙලා තියෙන්නෙ කියලා දන්න කෙනෙක් කියන්න .මම හිතන්නේ ඒ ක්‍රමය ක්‍රියාත්මක වුනා නම් ගොවියාට මෙන්ම පාරිභෝගික ජනයාටත් හොදයි

:       0       3

Nimal Tuesday, 28 May 2024 04:41 PM

ඕකනේ කලින්ම කිව්වේ ගෙදර වත්තේ තමන්ට අවශ්‍ය එළවලු වගා කරගන්න කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site