(සුජිත් හේවාජුලිගේ)
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබන 5 වැනි සඳුදා නිකුත් කරනු ලැබීමට නියමිතය.
රටේ කොරෝනා පැතිවීමේ තත්වය සමාලෝචනයට ලක් කිරීමෙන් පසු මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරෙනු ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ධම්මිකා ජයලත් මහත්මිය පැවසුවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව විසින් රටේ කොරෝනා පැතිරීම ඉදිරි දිනවල සමාලෝචනය කෙරෙනු ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනට නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවෙන් මුලු දිවයිනට සහ බස්නාහිර පළාතට වෙන වෙනම සෞඛ්‍ය නීති හඳුන්වා දී ඇත.
මේ අතර බස්නාහිර පළාතේ තහනම් නීති නොතකා විවෘත කර තිබූ රෙදිපිළි වෙළෙඳසල් රැසක් සෞඛ්‍ය අංශවල දැනුම්දීමෙන් වසා දමා ඇතැයි ධම්මිකා ජයලත් මහත්මිය වැඩිදුරටත් කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැසට් වලට වඩා ගැසට්. ඒ ගැසට්ම රිවස්...
ලංකාවේ ගොඩක් රටවල් කොරෝනාවලින් ඉවත් වෙලා කළින් වගේ වැඩකරනවා. අපේ ලංකාවට කවද්ද මොලේ පෑදෙන්නේ කියල තමයි බලන් ඉන්නේ.. ස්තුතියි..!