බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලන නියෝජ්‍ය අමාත්‍ය ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපතිගෙන් ගිය ඉරිදා පත්වීම බාරගෙන දිවුරුම්ද දුන් තිස්ස කරල්ලියද්ද හිටපු ඇමැති පවසනුයේ එම ධුරය අත්හරින බවයි.
රජය හදිසියේ පිරිනැමූ මෙම නියෝජ්‍ය ඇමැති ධූරය තමා බාර නොගන්නා බවත් ඊට හේතුව තම පාක්ෂිකයන් ඊට විරෝධය, අප්‍රසාදය හා අකමැත්ත පළ කිරීම බවත් එහු කියයි.
‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී අප කිසිසේත්ම බලාපොරොත්තු නොවූ ඇමැතිකම් සඳහා අප පත් කර තිබුණා. එදා මම ඇඳගෙන සිටියේත් සරමයි කමිසයයි. ඇමැතිකමක් බාරගන්න යනවා නම් ජාතික ඇඳුම ඇඳගෙන යනවා. මධ්‍යම කාරක සභාවේ විසි දෙනාගෙන් 17 දෙනකුම මට කීවේ මේ ඇමැතිකම ගන්න කියලයි. මැදවච්චිය ආසනයේ ගම් 70කින් මම මේ ගැන ඇහුවා. ඔවුන් ඊට විරුද්ධයි.‘
‘ඇමැතිකම් ගන්නවානම් ඡන්දෙ ඉල්ලන්න ගමට එන්න එපා යැයි ඔවුන් කීවා. ඇතැමකු කියන්නේ මම එක්සත් ජාතික පක්ෂයට ගිය බවයි. මම ජනතාවගේ කැමැත්තට හිස නමනවා. කරු ජයසූරිය බුද්ධ ශාසන ඇමැතිත් හොඳ පුද්ගලයෙක්. ජනාධිපතිතුමාත් හොඳ කෙනෙක්. ඔහු යන්නේ ඉතා කටුක ගමනක්‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම තේරුණ එක නම් හොඳයි (දිල්)
වික්‍රමසිංහ මර උගුලෙන් බේරුන එකනම් රජරට ශ්‍රි.ලං.නි.ප. අපට හරිම සතුටුයි (බ)
ශ්‍රිලනිපයේ විශාල පිරිසකට ඇමතිකම් දීමෙන් තමන් වෙත රඳවා ගැනීමට උත්සාහ කරනවාට වඩා දූෂිතයන්ට දඬුවම් කිරීමෙන් මහජනතාවගෙන් ලැබෙන තහවුරුවත් සමග ආණ්ඩුවේ බලය ස්ථාවර කර ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතුව තිබුණු බවය. එවැන්නක් නොකර මේ වනවිට අනුගමනය කරමින් තිබෙන දේශපාලන ක්‍රියාමාර්ග නිසා රාජපක්ෂ බලවේග වෙතින් යළිදු කිසියම් කුමන්ත්‍රණයක ලකුණු (බ)
කොන්ද පන තියෙන,කෙලින් මිනිස්සු තවම අපි අතරේ සිටින එක ආඩම්බරයට කාරණාවක්.(ම)
ඔබ තුමා ගත තීරණය හරි අපේ සතුට ජය වේවා (ම)
හොඳ පුද්ගලයන් සමඟ කටුක ගමනක් යනවාට වඩා වාසිදායක පහසු ගමනක් තිබෙන නිසාද? නැතිනම් ජනතාවගේ ඉල්ලීම නිසාද? ජනතාවගේ ඉල්ලීමට, ජනතාවගේ කැමැත්තටම කටයුතු කරන මෙපමණ දේශපාලකයන් සිටින රටක පිඩිත පන්තිය කොතරම් වාසනාවන්තද? (ම)
මේ වෙලාවේ හෝ නිවැරදි තීරණයක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන අපට ආඩම්බරයි (දිල්)
ඉස්සර වගේ දැන් සෙල්ලම් කරන්න බැහැ ඒනිසයි ආපසු යන්නේ.(ම)
ඔන්න බල්ටිය පටන් ගත්තා, අනිත් අයටත් පරක්කු නැහැ , අලුත් පක්ෂයේ දොර වහන්න ලඟයි , පරක්කු වුනොත් මඩුවලිග ලැස්තිකරන් අපි ඉන්නේ (ම)
වින්සන්ට් හොඳ පුද්ගලයා සමග කටුක ගමන යන්න තමා ඔහු මහින්ද මහත්තය ලඟට අපහු එන්නේ, කටුක පුද්ගලයා සමග හොඳ ගමනක් යන්න බැරි බව අනිත් අයටත් තව ටික දවසකින් තේරෙයි!(දිල්)
ජයවේවා.(හේ)
ඔබතුමා දැන්වත් තේරුම් ගෙන මෙවැනි තීරණයක් ගත්ත එක ගැන අපි සතුටුයි.ඉතිරි අයත් ඔය තීරණය ගත්තේ නැති වුනොත් තේරෙයි ඡන්දෙන් පස්සේ එයාලටවුනදේ.මිනිසුන් දැනටමත් තීරණය කරලා තියෙන්නේ අලුත් පත්වීම් ගත්ත අයට කරන්න ඕන මොකද්ද කියලා.(බ)
දැන් හොරා කන්න බෑනේ එකයි ආය යන්නේ මහින්ද මහත්තයා ගාවට (බ)
උඩ පල ගත්තත් වට්ටක්කා.බිම පල ගත්තත් වට්ටක්කා කිව්වලු. (ම)
මේ පාත්තයෝ දෙන්නෙක් ඉස්සරහද දිවුරුම් දෙන්නේ.(ම)
කීයක් ගත්තද ? (නදී)
කලින් ජනපතිම කිවුවනේ හැමෝගෙම ෆයිල් එයා ළඟ තිබෙනවා කියා. මොන පැත්තකට පැනලා ඇමතිකම් ගත්තත් අපිට පිළිගන්න වෙන්නේ මේ මැතිඇමතිවරුන් ඔක්කොම දුෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයෝ කියා නොවේද? (නි)