
(රෝෂන් තුෂාර)
දිළිඳු ගොවි ජනතාව බෙදා දීමට වෙන් කළ රුපියල් කෝටි දෙකහමාරක බඩ ඉරිඟු බීජ තොගයක්, 2015 ජනාධිපතිවරණයට පෙර දේශපාලන ආධාරකරුවන්ට ලබා දී රජයට පාඩු කළේ යැයි කියන හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේනට එරෙහි මූලික විමර්ශන අවසන් බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් පැවසීය.
ඇප මත සිටින චන්ද්‍රසේන සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසම කියා සිටියේ අදාළ විමර්ශන ගොනුව ඉදිරියේ නීතිමය කටයුතු සඳහා කොමසාරිස්වරුන් තිදෙනා වෙත යොමු කර ඇති බවය.
2014 වර්ෂයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම සඳහා සමාගම් දෙකකින් රජය විසින් මිලදී ගත් රුපියල් මිලියන 25 ක බීජ බඩ ඉරිඟු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් 2015 ජනාධිපතිවරණයට වාසි ලබා ගැනීමේ අරමුණින් දේශපාලන හිතවතුන් මඟින් බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුකෙරේ.
සීදුව සිලෝන් ඇග්‍රො ෆාම් ආයතනයෙන් මිලදීගත් බඩ ඉරිඟු කිලෝ 260000 සහ හේලිස් ඇග්‍රො ෆාම් ආයතනයෙන් මිලදී ගත් බඩ ඉරිඟු බීජය කිලෝ ග්‍රෑම් 10000 මෙසේ දේශපාලන වාසි ලබාගැනීමට අත්තනෝමතිකව බෙදා හැර ඇති බව පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර තිබිණි.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කොමිසමේ ස්ථාවරය ජුනි 12 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය .
COMMENTS