මම ආණ්ඩු පක්ෂයෙනුත් ගුටි කාලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායම් වලිනුත් ගුටි කාලා තියෙනවා. මට විරුද්ධව අධිකරණයේ නඩු 39 ක් දාලා තියෙනවා. මම දැඩි සත්කාර ඒකකයේ සති දෙකක් ඉඳල තියෙනවා. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. මේ සියල්ල හමුවේ මේ රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරලා තියෙනවා. මගේ ආරම්භය අවසානය එක්සත් ජාතික පක්ෂය පමණයි.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රි ආණමඩුව ආසන සංවිධායක පාලිත රංගේ බංඩාර මහතා ජනාධිපතිවරණය සදහා පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් මේ බව කීවේය.
එස්.බී දිසානායක කට හින්දා නහින මනුස්සයෙක්. පසුගියදා හිටපු ජනාධිපතිනියගේ රෙදි ගලවන්න කථා කළා. සමස්ත කාන්තාවන්ටම අපහාස කරනවා. මෙවැනි මිනිසුන් තියාගෙන ඉන්න අපේක්ෂකයෙක්ට ඡන්දය දුන්නොත් ඒක තමන්ම සියදිවි නසා ගැනීමක් වෙනවා යැයිද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර නඩු තියෙන මනුස්සයෙක් කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රි කමක් දරන්නේ ... කට්ටිය එකතුවෙලා හදන යහ පාලනයේ පිවිතුරු හෙට නම් බලන්නම වටිනා එකක්..ඒකට පින නැති එකයි ප්‍රශ්නේ.(හේ)
මෙයා පොලිසියේ රාජකාරි කරපු කාලේ බොහොම ලාලිත්‍ය යෙන් සුකුමල විලාසයෙන් ආපු හැම නඩුවක් ම සීරු මාරුවෙන්ම බලවල කප් ගහන්නත් ඇති. (නදී)
මෙතුමා ආණ්ඩුවට ගියානම් ඔය නඩු 39 ම ෆයිල් නැතිවෙනවා (බ)
කතාව හොදයි.(හේ)
නියම නිර්භීත කතාවක් (නි)
බන්දුල ලංකාවේ නෙමෙයි වෙන්න ඇති වැඩ වසන්නේ. ලංකාවේ කවදාවත් නඩු නොවැටෙන කොට්ඨාශයක් ඉන්න බව දැන දැන මෝඩ කතා කියනවා. (නි)
දේශපාලකයින්ගෙන් බාගයකට වඩා ඉන්නේ කොහොම අයද කියලා බොහොම පැහැදිලියි (නි)
එයා කතාකළේ කටින්ද කියලා කිව්වා නම් තමයි හොඳ (නි)
බන්දුල පෙරේරා ළඟ හිටියා නම් සීනි බෝල අහුරක් දානවා කටට (නි)
කැපුවත් කොළ කියන්නේ මෙහෙම අයට වෙන්න ඇති (නි)
ජාතික වීරයෙක් .(හේ)
මියම කතා ටිකක් මේ දවස් වල අහ ගන්න පුළුවන් (දී)
කියව කියවා ඉන්න කාලයක් නැහැ. ඉක්මනට යන්න සුදානම් වෙන්න. ගියොත් ගොඩ. හිටියොත් මඩ. (නදී)
රංගේ බංඩාර කවදාවත් දිනන එකක් නැහැ නේද ? (නදී)
කතාව දෝලාවෙන් ..ගමන පයින්.... උසාවියි, .ජනපතිවරණයයි කියන්නේ දෙකක් (නි)
එස් .බි .කියන්නේ වාසියට කොටු පනිනන කෙනෙක් ජනදිපතිවරණයෙන් පස්සේ මෙයා කොහෙට පනීද දන්නේ නෑ පනින්න බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ තනතුරු බලාගෙනනම් පනින්න එපා ඉස්සරලා අපි වෙනසක් ඇති කරමු .(අ).
යකඩෝ බැලුවම අයි ආර් සී කාරයෙක්නේ මේ ඉන්නේ.මෙච්චර නඩු තියෙන මනුස්සයෙක් කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් දරන්නේ ...අම්මප කට්ටිය එකතුවෙලා හදන යහ පාලනයේ පිවිතුරු හෙට නම් බලන්නම වටිනා එකක්..ඒකට පින නැති එකයි ප්‍රශ්නේ..(අ)
බලාගෙන දෙපැත්තේ තියන ඉතිරි කෙස් ටික. මොනව කිවුවත් අපි කෙලෙහිගුණ දන්නවා දෙන්නේ මහින්දට තමයි. (අ)
අපි නොදන්නවායැ? වැරදි නැත්නම් නඩු 39 කොයින්ද? මම දකින දේශපාලනය කරන අහිංසකම කෙනා! (නි)
දේශපාලන කතා අහන්න මගේ දරුවන්ට ඉඩදෙන්නේ නැත්තේ අන්න ඒ නිසයි (නි)
දෙවිඳුනි, දිවනෙතින් බලා, දිවකණින් අසා වැරදිකරුවන් ඇත්නම් දඩුවම් ලබාදෙනු මැනවි! අපි අසරණයි. තේරුම්ගත නොහැකියි. දිව්‍යඥානය අපිටත් අවශ්‍යයි දෙවියනේ (නි)
ඒ වගේම සමහරු නැහෙන්නේ කරන වැඩ හින්දා (නි)
අනේ ඇත්තට මේවා මෙහෙම කියන ලස්සන! (නි)
මොනවා වුණත් පරිස්සමින් ඉන්න (නි)
නාරද , මටත් කියන්න තියෙන්නේත් ඔය ටිකමයි (නි)
එස් බී මහත්තයා කිව්වා වැඩි ඡන්ද ලක්ෂ විසිපන්දාහකින් මහින්ද මහත්තයා දිනනවා කියලා.මම මේ කල්පනා කලේ ඔය කියන ඡන්ද ගණනට ප්‍රතිපලය හදාගෙනද වත් කියලා.මෙච්චර ඡන්ද ගණනක් ලංකාවේ නැති කොට චීනේ ඡන්දත් මහින්ද මහත්තයාට ලැබෙනවා ඇති මගේ හිතේ. (හේ)