IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


‘එස්බී නහින්නේ කට හින්දා - මම නැහෙන්නේ එජාපයේ‘ රංගේ බණ්ඩාර කියයි

මම ආණ්ඩු පක්ෂයෙනුත් ගුටි කාලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැර කණ්ඩායම් වලිනුත් ගුටි කාලා තියෙනවා. මට විරුද්ධව අධිකරණයේ නඩු 39 ක් දාලා තියෙනවා. මම දැඩි සත්කාර ඒකකයේ සති දෙකක් ඉඳල තියෙනවා. මේ වගේ සිද්ධි ඕන තරම් වෙලා තියෙනවා. මේ සියල්ල හමුවේ මේ රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැප කිරීම් කරලා තියෙනවා. මගේ ආරම්භය අවසානය එක්සත් ජාතික පක්ෂය පමණයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රි ආණමඩුව ආසන සංවිධායක පාලිත රංගේ බංඩාර මහතා ජනාධිපතිවරණය සදහා පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් මේ බව කීවේය.

එස්.බී දිසානායක කට හින්දා නහින මනුස්සයෙක්. පසුගියදා හිටපු ජනාධිපතිනියගේ රෙදි ගලවන්න කථා කළා. සමස්ත කාන්තාවන්ටම අපහාස කරනවා. මෙවැනි මිනිසුන් තියාගෙන ඉන්න අපේක්ෂකයෙක්ට ඡන්දය දුන්නොත් ඒක තමන්ම සියදිවි නසා ගැනීමක් වෙනවා යැයිද ඔහු කීවේය.

 



අදහස් (0)

‘එස්බී නහින්නේ කට හින්දා - මම නැහෙන්නේ එජාපයේ‘ රංගේ බණ්ඩාර කියයි

බන්දුල පෙරේරා Monday, 15 December 2014 03:49 PM

මෙච්චර නඩු තියෙන මනුස්සයෙක් කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රි කමක් දරන්නේ ... කට්ටිය එකතුවෙලා හදන යහ පාලනයේ පිවිතුරු හෙට නම් බලන්නම වටිනා එකක්..ඒකට පින නැති එකයි ප්‍රශ්නේ.(හේ)

:       0       0

තිලින Wednesday, 17 December 2014 11:42 AM

මෙයා පොලිසියේ රාජකාරි කරපු කාලේ බොහොම ලාලිත්‍ය යෙන් සුකුමල විලාසයෙන් ආපු හැම නඩුවක් ම සීරු මාරුවෙන්ම බලවල කප් ගහන්නත් ඇති. (නදී)

:       0       0

රංජිත් Tuesday, 16 December 2014 05:26 AM

මෙතුමා ආණ්ඩුවට ගියානම් ඔය නඩු 39 ම ෆයිල් නැතිවෙනවා (බ)

:       0       0

රංජිත් කොඩිතුවක්කු Monday, 15 December 2014 05:57 PM

කතාව හොදයි.(හේ)

:       0       0

නිලුෂ Monday, 15 December 2014 09:12 PM

නියම නිර්භීත කතාවක් (නි)

:       0       0

නලීන් Monday, 15 December 2014 09:56 PM

බන්දුල ලංකාවේ නෙමෙයි වෙන්න ඇති වැඩ වසන්නේ. ලංකාවේ කවදාවත් නඩු නොවැටෙන කොට්ඨාශයක් ඉන්න බව දැන දැන මෝඩ කතා කියනවා. (නි)

:       0       0

අරුණ Monday, 15 December 2014 10:22 PM

දේශපාලකයින්ගෙන් බාගයකට වඩා ඉන්නේ කොහොම අයද කියලා බොහොම පැහැදිලියි (නි)

:       0       0

සමන්ති Tuesday, 16 December 2014 12:36 AM

එයා කතාකළේ කටින්ද කියලා කිව්වා නම් තමයි හොඳ (නි)

:       0       0

මොහමඩ් ඛාන් Tuesday, 16 December 2014 12:41 AM

බන්දුල පෙරේරා ළඟ හිටියා නම් සීනි බෝල අහුරක් දානවා කටට (නි)

:       0       0

විරාජ් Tuesday, 16 December 2014 01:04 AM

කැපුවත් කොළ කියන්නේ මෙහෙම අයට වෙන්න ඇති (නි)

:       0       0

සංජය Monday, 15 December 2014 11:19 AM

ජාතික වීරයෙක් .(හේ)

:       0       0

සජිත් Tuesday, 16 December 2014 02:05 AM

මියම කතා ටිකක් මේ දවස් වල අහ ගන්න පුළුවන් (දී)

:       0       0

සිල්වා Tuesday, 16 December 2014 07:31 AM

කියව කියවා ඉන්න කාලයක් නැහැ. ඉක්මනට යන්න සුදානම් වෙන්න. ගියොත් ගොඩ. හිටියොත් මඩ. (නදී)

:       0       0

අජිත් කරන්දෙනිය Monday, 15 December 2014 12:20 PM

රංගේ බංඩාර කවදාවත් දිනන එකක් නැහැ නේද ? (නදී)

:       0       0

සින්න පෙරුමාල් Tuesday, 16 December 2014 03:11 AM

කතාව දෝලාවෙන් ..ගමන පයින්.... උසාවියි, .ජනපතිවරණයයි කියන්නේ දෙකක් (නි)

:       0       0

ඉන්ද්‍ර Monday, 15 December 2014 01:16 PM

එස් .බි .කියන්නේ වාසියට කොටු පනිනන කෙනෙක් ජනදිපතිවරණයෙන් පස්සේ මෙයා කොහෙට පනීද දන්නේ නෑ පනින්න බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ තනතුරු බලාගෙනනම් පනින්න එපා ඉස්සරලා අපි වෙනසක් ඇති කරමු .(අ).

:       0       0

බන්දුල පෙරේරා Monday, 15 December 2014 01:17 PM

යකඩෝ බැලුවම අයි ආර් සී කාරයෙක්නේ මේ ඉන්නේ.මෙච්චර නඩු තියෙන මනුස්සයෙක් කොහොමද පාර්ලිමේන්තු මන්ත්‍රී කමක් දරන්නේ ...අම්මප කට්ටිය එකතුවෙලා හදන යහ පාලනයේ පිවිතුරු හෙට නම් බලන්නම වටිනා එකක්..ඒකට පින නැති එකයි ප්‍රශ්නේ..(අ)

:       0       0

ඇසළ Monday, 15 December 2014 01:19 PM

බලාගෙන දෙපැත්තේ තියන ඉතිරි කෙස් ටික. මොනව කිවුවත් අපි කෙලෙහිගුණ දන්නවා දෙන්නේ මහින්දට තමයි. (අ)

:       0       0

අනිල් රෝහණ Monday, 15 December 2014 01:39 PM

අපි නොදන්නවායැ? වැරදි නැත්නම් නඩු 39 කොයින්ද? මම දකින දේශපාලනය කරන අහිංසකම කෙනා! (නි)

:       0       0

ස්ටැන්ලි Monday, 15 December 2014 01:54 PM

දේශපාලන කතා අහන්න මගේ දරුවන්ට ඉඩදෙන්නේ නැත්තේ අන්න ඒ නිසයි (නි)

:       0       0

නාරද Monday, 15 December 2014 02:16 PM

දෙවිඳුනි, දිවනෙතින් බලා, දිවකණින් අසා වැරදිකරුවන් ඇත්නම් දඩුවම් ලබාදෙනු මැනවි! අපි අසරණයි. තේරුම්ගත නොහැකියි. දිව්‍යඥානය අපිටත් අවශ්‍යයි දෙවියනේ (නි)

:       0       0

ශාන සෞදි Monday, 15 December 2014 02:20 PM

ඒ වගේම සමහරු නැහෙන්නේ කරන වැඩ හින්දා (නි)

:       0       0

නිහාල් Tuesday, 16 December 2014 04:29 AM

අනේ ඇත්තට මේවා මෙහෙම කියන ලස්සන! (නි)

:       0       0

සුසන්ත Tuesday, 16 December 2014 04:38 AM

මොනවා වුණත් පරිස්සමින් ඉන්න (නි)

:       0       0

චමිලා Tuesday, 16 December 2014 04:40 AM

නාරද , මටත් කියන්න තියෙන්නේත් ඔය ටිකමයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 December 2014 03:42 PM

එස් බී මහත්තයා කිව්වා වැඩි ඡන්ද ලක්ෂ විසිපන්දාහකින් මහින්ද මහත්තයා දිනනවා කියලා.මම මේ කල්පනා කලේ ඔය කියන ඡන්ද ගණනට ප්‍රතිපලය හදාගෙනද වත් කියලා.මෙච්චර ඡන්ද ගණනක් ලංකාවේ නැති කොට චීනේ ඡන්දත් මහින්ද මහත්තයාට ලැබෙනවා ඇති මගේ හිතේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 741 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 566 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site