IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


එස්පී මාසිංහගේ මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් නැගිටී

ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තඹයකයට නොතකා පසුගිය 12 වැනි දා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී මාධ්‍යවේදීන් 20 ක් පමණ ප‍්‍රවෘත්ති වාර්තා කිරීමට අධිකරණයට පිවිසීම වැළැක්වීම පිළිබඳව තම සංගමයේ බලවත් අප‍්‍රසාදය පළ කරන බව ප්‍රාදේශීය හා ජාතික මාධ්‍යවේදී එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බැසිල් රාජපක්‍ෂ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණ භූමියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් අධිකාරී සුදත් මාසිංහ ඇතුළු  නිලධාරීන් මෙම බාධා කිරීම සිදු කොට ඇති බව මාධ්‍යවේදීහු කියති. එදින මාතර අධිකරණ පොලිස් මුරපොළේ බැසිල් රාජපක්ෂට පුටුවක් ලබාදී වාඩිකරවා ඇති බවත් ලංකාදීප පුවත්පතෙහි මාතර අධිකරණ වාර්තාකරු ජයන්ත ජයවර්ධන මහතා පුවත් වාර්තා කිරීමට අධිකරණයට ගමන් කිරීමේදී ඔහුගෙන් බෙල්ලෙන් අල්ලා එළියට දැමීමට තරම් පොලිස් නිලධාරියෙකු බලවත් වූයේ කෙසේදැයි සමස්ථ මාධ්‍යවේදින්ට ඇත්තේ ප‍්‍රශ්නයක් බවද ඔවුන් ගේ නිවේදනයේ සඳහන්වේ.

හිටපු අමාත්‍යවරයාට අධිකරණය විසින් ලබාදුන් තීන්දු තීරණ හා ගත් කි‍්‍රයා මාර්ග පිළිබඳව ජනතාවට සත්‍ය දැනගැනීමට නොහැකිවීම පිළිබඳව කිසිවෙකුත් සොයා නොබැලීම කණගාටුවට කරුණක් බවද පවසන මාධ්‍යවේදී එකමුතුව මෙම ක‍්‍රියාව සඳහා අනුබල දුන් පොලිස් නිලධාරීන් පිළිබඳව අපක්‍ෂපාතී පරික්‍ෂණයක් සිදු කොට ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන ලෙසත් මෙවැනි පහත් ක‍්‍රියා මින් ඉදිරියට සිදු නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක් බව ද සඳහන් කරයි.

මේ පිළිබඳව සාධාරණයක් ඉටු නොකළහොත් රටපුරා විසිරි සිටින මධ්‍යවේදීන් හා තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කරන සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ද එක්ව ඊට විරුද්ධව දැඩි ක‍්‍රියා මාර්ගකට එළැඹෙන බව ද එම නිවේදනයෙන් දැනුම් දෙයි.



අදහස් (0)

එස්පී මාසිංහගේ මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් නැගිටී

සුදේශ් Monday, 16 May 2016 03:18 AM

මාසිංහ මැතිතුමනි, ඕවට සැළෙන්න එපා. (නි)

:       0       0

දර්ශන Sunday, 15 May 2016 03:55 PM

මේ ගැන විතරක් නෙමෙයි, බැසිල් රාජපක්ෂ කොළඹ අත්අඩංගුවට පත්වූ තැන සිට මාතරට බන්ධනාගාර රථයකින් නැතුව වායු සමීකරණ සැප වාහනයකින් අධිකරණයට රැගෙනයාම ගැනත් හොයන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site