අද අප්‍රේල් 01 දා එසැණ ලවා මහා බොරුවක් පලකරවා ගැනීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. එම පුද්ගලයා කීවේ රත්නපුරේ පතලකින් විශාල මැණිකක් ලැබී ඇති බවයි. මැණික කූඩයකට දමා ගොඩගත නොහැකි තරම් විශාල බවත් ඒ බව පොලිසියට දැනුම්දුන් පසු අඟහරුවාදා රාත්‍රියේ සිට පතලට පොලිස් මුර යොදා ඇති බවත් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් ද එහි පැමිණ සිටින බවත් හෙතෙම කීවේය. එසැණ ඒ ලණුව කෑවේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිට රට වල දාන විස්තර (මෙදපෙරදිග ඉතාලිය වගේ) ගොඩක් ඒවා අතිශෝක්තියෙන් යන්නේ. ඒවා දකිද්දී අනික් රටවල ඉන්න යට හිනා යනවා.(බ)
එයාගේ උත්සාහය සම්පූර්ණයෙන් අසාර්ථක වී නැත (බ)
ලණුව කාල නිසා තමයි පළ කරලා තියෙන්නේ (බ)
එසැණ නම් අහුවෙයි ඕවට (නි)
ඔහුගේ අදහස මුළුමනින්ම පළවීම නිසා ඔබ එයට අසුවී ඇත.(බ)
අප්‍රේල් පළවැනිදා මෝඩයාගේ දවස නිසා වෙන්න ඇති ඔය සිදුවීම වෙන්න ඇත්තේ. අනික් අතට අපි කොහොමද දන්නේ මේ ලංකාදීපයෙන් කියන මෝඩයාගේ දවසේ බොරුවද කියල? (ස)
මේකත් ඒ බොරුවට අනවශ්‍ය ප්‍රසිද්ධියක් නේ (බ)
ඇත්තම දලා (බ)
පසුගිය කාලේ පුරාම කිය උනේ අප්‍රියෙල් 01 වෙනිදට කියන්න සුදුසු දේවල් තමයි. වැවු පිට්ටනියකින් රත්තරන් අලි පැටියෙක් ගොඩට ගත්ත කියලත් කිව්වේ. බැලුවහම අපේ රටේ මිනිස්සුන්ට අප්‍රියෙල් 01 වෙනිදා සහ අනිත් දවස් අතර වෙනසක් නැහැ වගේ. (බ)
හැබැයි කමල් එසැණ නම් අපේ කට්ටියට කලක ඉඳන්ම ලණු දෙනවා. මතකනේ ජනාධිපතිවරණ කාලේ දුන්නු ලණු! අපේ කමෙන්ට් ගත්තේවත් නැහැ. (ස)
මීට වැඩිය හිටිවන බොරු බන්දුල පෙරේරා හෙවත් පිවිතුරු යහපාල කියල තියෙන්නේ. ඒවාත්මෙතන කවුරුවත් විශ්වාස කළේ නැහැ. (දිල්)
ලනුව කාලා නැත්නම් ඇයි මේ නිව්ස් එක දැම්මේ (බ)
මට පෙන විදියට මේකත් බොරුවක් (දිල්)
සමහරු හිටපු ජනාධිපතිට තාමත් බයයි වගේ, ජෙහාන්ලත් බන්දුල පෙරේරාට පුදුම බයක්නේ තියෙන්නේ (බ)
පහුගිය කාලේ කාපු ලණුවල හැටියට මේකත් ලණුවක්ද? ලංකාවේ අපිට හැමදාම අප්‍රේල් 01 තමයි ඡන්ද කාලෙට. කියල වැඩක් නැහැ. (ස)
සුමුදු එ්කනේ ඉතින් දැන් යහපාලනය ලැබිල තියෙන්නේ (ස)
එසනේ ඉන්නේ ඒ වගේ බොරුවක් වත් තේරුම් ගන්න බැරි අයද ? (ස)
එසැණට නම් දෙයි ලණු? (නි)
බොරුවට ආයුෂ නැත ...(ම)
ඇයි කාලයකට පෙර තෙල් හමුවුණා කියලා කතාවකුත් කවුද කිව්වේ? (නි)
ඒ උනාට මොන විදියකින් හරි ඒක පල වෙලානේ. (ස)
මටනම් හිතෙන්නේ ලණුව කාලත් නෑ. නොකාත් නෑ. (ස)