ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් හයක ජනමාධ්‍ය ඡායාරූපකරණය පිළිබදවත් ,සිංහල භාෂාවේ උච්චාරණය පිළිබදවත් පාසල් සිසුන් දැනුම්වත් කිරිමේ වැඩ සටහනක් සදහා ලංකාදීප එසැණ ජනමාධ්‍ය හා ඡායාරූප ශිල්පි අශෝක පීරීස්ට පැවැරී ඇත.
දැනට ඉග්‍රීසි භාෂාව සහ ජනමාධ්‍ය අධ්‍යයයනයේ යෙදී සිටින මොහුට මේ සදහා ආරාධනා කැර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බින්බෑන්ක් සංස්කෘතික අනුමැතියෙනි. ඕස්ට්‍රේලියාවේදී ගන්නා ලද අභව්‍යකාශ ,පාරිසරික, උද්ඝෝෂණ,ක්‍රීඩා,ස්වාභාවික විපත් සහ ආගමි කටයුතු මෙම ඡායාරූප ප්‍රදර්ශනයට එක් කැර තිබේ.
සිංහල හා ඉංග්‍රීසි භාෂාවල වාක්‍ය රටාව ගොඩනැගෙන ආකාරයත් එහි පවතින මුලික වෙනස්කම් මෙන්ම සිංහල භාෂාවේදී ක්‍රියාව අවසානයටත් ,ඉංග්‍රීසි භාෂාවේදී ක්‍රියාව උක්තයට පසුව යෙදීම පිළිබදවත් ඉතා සරලව ඔහු ඕස්ට්‍රේලියා පාසල් සිසුන් දැනුම්වත් කළේය.
මෙය සිසුන්ට ප්‍රිය උපදවන්නක් වු බව හේ කියයි.සිංහල ජනතාව දෑත් එක් කොට ආයුබෝවන් කියන පිළිවෙළ පවා සිසුහු මෙහිදී පුරුදු වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදා.(නදී)
එසැනටත්, පිටරටවල අයට අපේ හැකියාවන් පෙන්වන එසැන ක්‍රියාකාරකයන්ටත් ජය වේවා. (නි)
අසෝක බලාගෙන, සමහර මෙහෙ ඉන්න ගුරුවරු හරි වසයි (නි)
ගොඩක් හොද වැඩක්. මම සුබ පතනවා තවත් අපේ සංස්කෘතිය,සභ්‍යත්වය ලෝකෙට ගෙනියන්න අවස්ථාව ලැබෙන්න කියලා.ජය වේවා!!!!! (නි)
ලංකාවේ දරුවෝ පිට රටක හෝ ඕස්ට්‍රේලියාවේ හෝ ඉන්නවා නම් , ලංකාවට යනකම් සිංහල භාෂාව ඉගෙන ගන්න ඕනෑනෙ. (නි)
ලංකාදීපයට මගේ ගෞරවනීය ස්තූතිය.(නදී)
අසෝක පිරිස් මහතාණෙනි , 06 පින්තුරය වෘතීය ගනයේ ඉහලම එකක් ලෙස අගය කරමි. ඔබට ජය.(නදී)
අපේ උසස් පෙළ සමත් උගත් දරුවන්ව මානසික සායනයන්ට ඉදිරිපත් කරන්න පිඹුරුපත් හදනවා. අනේ අශෝක මහත්තයෝ මේ වගේ පන්ති ටිකක් අපේ දේශපාලකයින්ට තියන්න බැරිද?(නදී)