භික්ෂූන් පිරිසක් හෝමාගම උසාවිය වට කරගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බළකාය බන්ධනාගාර නිලධාරීන් සමග එහි ගොස් බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානාසාර හිමියන් විශේෂ කැබ් රථයකට නංවාගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.
නීතියට ගරු කළ යුතු බව ඥානසාර හිමියෝ කියනු ඇසුණු බවද කියති. අවට රැස්ව සිටි පිරිස සිය විරෝධය දක්වමින් ගල් මුල් ප්‍රහාර හා ජල ප්‍රහාර එල්ල කළහ.
මේ වන විට උසාවි භූමිය අවට කලහකාරී තත්ත්වය සංසිඳී ඇතැයි පොලිසිය කියයි.
ඥානසාර හිමි රැගෙන ගියේ උසාවි වැඩ අවසන් වී පැය හතරකට පසුවය.
ජායාරූප - ඉෂාන් සංජිව
ඡායාරූප - ප්‍රියන්ත ජයලත්
වීඩියෝ - සිරි මහබෙල්ලන













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රියාව කෙසේ වෙතත් හැසිරීම සංඝ නොවේ. (බ)
සිංහලකම, බෞද්ධකම ගැන කතා කරන්න ගියාම, වර්තමානයේදී සිද්ධ වන දේ. ඔන්න යහපාලනය. සනීපද ? (බ)
ඉතිහාසයේ අපේ රට රැකුණේ හාමුදුරුවෝ නිසා තමයි. මේවට කව්රුත් කතා කරන්නේ නැත්නම් ඔය ලොකු ටෝක් දාන එවුන් අද මේ ලෝකේ නෑ (බ)
හාමුදුරුවෝ ආදර්ශමත් විය යුතු නමුත්. මේවා වැරදි ආදර්ශ. අනෙකුත් ආගම් වල නායකයින් හරිම ආදර්ශමත්. (බ)
ඕක මුලින් කරන්න තිබ්බේ ,(කෞ)
ජස්ටින්ගේ, කතාව හරියට හරි.මේක ප්ලැන් එකක්. මේක සැලසුම් කරපු තැන ළඟදීම හෙළිවේවි. (බ)
ඔය උඩින් ලියල තියන ඔක්කොම එවුන්ටයි මම මේ කියන්නේ...මොකා වුනත් ඒ අපේ හාමුදුරු නමක්... බිස්නස් කරලා ,ජඩ වැඩ කරලා , දේශපාලුවන්ට පන්දම් අල්ලලා නෙමෙයි මේ සිංහල අපි ගැන කෑ ගහපු නිසයි මේ.......ඔලුවෙන් හිතපල්ලා මේ වෙමින් පවතින දේ.....(බ)
අප්පුහාමි, එතකොට අර හිරුණිකාලා එහෙම හිටියේ නීතියට යටින්ද? (නි)
මෙහෙම වෙන්නෙ භික්ෂුන් සදහා නීති නොමැති නිසාය. එවැනි නීතිවල අවැසි එදාට වඩා අදටයි. (බ)
බැඳ දාන්න ඕනා හැකි ඉක්මනටම (බ)
එක්කෙනෙකුට පැයෙන් ඇප දීමයි තවත් කෙනෙකුට ඇප නොදී සති දෙකක් රිමාන්ඩ් කිරීමයි අතරේ සියුම් සමානකමක් තියනවා.ඒක තේරෙන්නේ බුද්ධිමතුන්ට පමණයි. (බ)
අපේ ලොකු හාමුදුරුවෝ හිටියනම් කියනවා අනිවාර්යෙන්ම මේගොල්ලෝ සාසනෙත් කාල රටත් කන්න ආපු ජාතියක් කියල. (බ)
මෙතන අනිල්ගේ අදහසට මම කැමති.අනිත් උන්ට මට කියන්න තියෙන්නේ උඹලට කියා රටක් නැතී දාට දෙස්තියා ගනුව් තොපිලාගේ ආත්මෙටම.අපේ අනිත් පොඩි උන්ට ඉන්න තැනක් නැතී කලදී (බ)
රායප්පු ජෝෂොප් එළියේ ගලබඩඅත්තේ හිමි ඇතුලේ අපිට පිස්සු (බ)
ආසිරි : අර රායප්පු ජෝසේෆ් කියන කොටි හිතවාදී පුජකයා ගැන ඔයා ඔහොම කිව්වේ නැහැනේ (බ)
දෙයියනේ! මගේ පපුව පත්තුවුණා (නි)
උසාවිය ඇතුළේ කෑගැහුවාම වෙන දේ නොදන්නවා නෙමෙයිනේ (නි)
අපේ හාමුදුරුවො, අපේ නායකයා, අපේ ළමයා කියලා වැරැද්දක් කළාම ඒක වැරැද්දක් වෙන්නෙ නැද්ද? පිහිය රත්තරන් වුණත් ඇන්නොත් මැරෙනවා. වරදට වරද කියන්න පුළුවන් වෙන්න ඕනෑ කවුරු කළත් (නි)
මේ හාමුදුරුවෝ කළ වැඩේ නීතියට අනුව වැරදි ඇති. එහෙත් ජාතියේ පැවැත්මට කළ වටිනා දෙයක් (නි)
මේ රටේ යුද්ධයක් තිබුනද, කවුරු කා වෙනුවෙන්ද ජීවිත, ඇස, ඉස්, මස්, ලේ නැති කරගෙන යුද්ධ කළේ, ත්‍රස්තවාදියෝ කවුද, ත්‍රස්තවාදීන්ට උදවු කළේ කවුද අමතක ජනතාවක් ඉන්න රටක මිනිස්සුන්ට මේ හාමුදුරුවරු මෙතන උද්ගෝෂණය කරන්නේ, කෑ ගහන්නේ කා වෙනුවෙන්ද කියල අමතක එක, නොපෙනීම පුදුමයක්නම් නෙවෙයි. මේ කෑ ගහන්නේ බුද්ධි අංශ වල නිලධාරීන්ට කරන අසාධාරණයට විරුද්ධව. (බ)
අනගාරික ධර්මපාලතුමා කිවුව කතාව හරියටම හරි, අපේ රට විනාශ කරන්නේ බොරු වීරයන් කියලා (නි)
අනිත් ආගමික නායකයින්ට මෙහෙම කරන්න ඕන කමක් නෑ, සුළු ජාතික ඡන්ද වලට හැම ආණ්ඩුවක්ම පෙරේත නිසා ඔක්කොම ඉල්ලීම් ඉල්ලන සැණින් ලබා දෙනවා. අනිත් එක අමතක කරන්න එපා, මෙතන විරෝධතාව දැක්වුවේ අපේ බුද්ධි අංශ වල වීරයින් හිරේ දමාගෙන ඉන්න එකටයි (ඔවුන්ගේ නඩුව වෙලාවේ). වෙන ආගමික නායකයින් කවදාවත් අපේ හමුදා, බුද්ධි අංශ වෙනුවෙන් පෙනී ඉන්නවා දැකල තියෙනවද කවද හරි? (බ)
අද මේ බුද්ධි අංශ වල නිලධාරීන් ගැන කතා කරන්න කවුරුවත් නැහැ. ඔවුන්ගේ නඩුවලට ඔවුන්ට උදවුවට කවුරුවත් නැහැ. අපි වෙනුවෙන් යුද්ධ කරලා ඔවුන් අද අසරණ වෙලා. ඔවුන්ගේ නඩුව වෙලාවේ ඔවුන්ගේ සහයටයි මේ හිමිවරු වැඩියේ. මෙතන හැසිරීම දරුණු වැඩි තමයි, එත් රට වෙනුවෙන් මෙහෙම ලේ උණු වෙනවද වෙන ආගමික නායකයින්ගේ? හමුදා වෙනුවෙන් පෙනී සිටිනවද වෙන ආගමික නායකයෝ? හිතල බලන්න. හැබැයි හාමුදුරුවරුන්ට බනින්නනම් ඕන තරම් සෙනග. (බ)
රෝහිත .අනිල් ඔබ දේපොළ හරියට හරි . මේ වගේ සිංහල මිනිස්සු එදා හිටියනම් හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන්ටත් කියන්නේ ඔය ටිකම තමා.(බ)
අයියෝ මේවගේ අයද ලංකාවේ ඉන්නේ ....(බ)
චේතනාව කුමක් වුවත් රටේ නීතියට ගරු කිරීමට ඕනෑම පුරවැසියෙක් කටයුතු කළ යුතුයි. මේ විදිහට ගියොත් නඩු අහන්ඩ වෙන්නේ උසාවියේ නෙවෙයි, පන්සලේ. (බ)
මමත් ඔය හාමුදුරුවරුන්ට අපහාස කරලා උඩින් ලියලා තිබෙන අයගෙනුයි මේ අහන්නේ. නුඹලා සිංහලද? (නි)
බුද්ධ පුත්‍රයෙක් මෙහෙම දේවල් කරන එක ගැන මට නම් සතුටුවෙන්න බැහැ (නි)
අවවාද කරලා යවන්නයි තිබුනේ (නි)
මොනවද දෙයියනේ මේ සිද්ධවෙන්නේ? (නි)
සිංහලයිනි, ඔබ සිතනවා නම් ඔබ බෞද්ධයෙක් නොවෙයි කියා, ඔබ සිංහලයෙක්ද නොවන්නේය. (නි)
වචනය රළු වුණත් සිංහල බුදු පුතුගේ.... ජාතික කැක්කුමෙන් පිරුනා හද ඔබගේ... ඔබ වසනා තැන පුදදෙයි වුව සිරගේ... කඳුලක් නැඟේ එනමුත් අද මා නෙතඟේ.... (නි)
අපේ රටේ නිර්භීත හිමි නමක් ඔබ වහන්සේ තෙරුවන් සරණ පතමි (බ)
කීර්ති: වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැද්ද? අතීතයේ හාමුදුරුවරු රැක්කේ දහම විතරද? එදා ඉඳන්ම මේ වගේ හාමුදුරුවරු නිසා තමයි රටත්, ජාතියත් ආගමත් රැකුනේ. (බ)
ඡන්ද ගොඩක් ලැබිල පාර්ලිමේන්තු ගියා නම් මේවා මොනවත් නෑ (බ)
විශ්වවිද්‍යාලවල හාමුදුරුවෝ පාරට බැස්සම වැරදියි කියන අය ගොඩක්, ජාතිවාදය අවුස්සන හිමිවරුන්ව ජාතික වීරයෝ කරනවා (අ)
අනගාරික ධර්මපාල තුමා කිවව කතාව හරියටම හරි සුද්ද කවද හරි අපේ රට දාල ගියත් සුද්දට ආවඩන කට්ටියක් ඉතුරුකරලා තමයි උන් යන්නේ කියලා.උඩ ලියල තියන සමහර අයගේ අදහස් දැක්කම.අතීතයේ ඉදන්ම බත් ගිල ගිල පන්සලට වෙලා හිටියනම් දහම විතරක් රැකගෙන අපේ සමහරක් එඩිතර හාමුදුරුවරු සුද්දාගෙන් වෙඩි කන්නේ නැ.එහම වුණානම් අපට රටක් .ජාතියක් ආගමක් නෑ. (බ)
කව්ද අර දෙවෙනි පින්තුරේ ඉන්න රතු හැට්ට කාරී? (බ)
මේවා විදේශ බලවේග සහ හිටපු ආණ්ඩුවේ කට්ටිය ගසාකපු සල්ලි වියදම් කරලා කරන වැඩ. හිරේ යන්නෙත් ඕනෑකමින්. එකත් සැලසුමේ කොටසක්. ජනපතිතුමනි, ඔබේ ගමන නොසැලී නොනැවතී යන්න. ඔබට ජය. (බ)
අහෝ! දෙවියන් රකිත්වා ලංකාවේ බුද්ධ ශාසනය (නි)
රට ජාතිය වෙනුවෙන් ඇඟේ ලේ උණුවෙන මේ වගේ සංඝරත්තනය නොසිටින්න අද ලංකාවක් නොමැති වනු ඇත (නි)
රටේ නීතියට සහ අධිකරණයට ගරු නොකරන හාමුදුරුවරු රටකට මොකටද ? මේ වගේ එවුන්ට හාමුදුරුවරු කියන එක සිල්වත් වැදගත් හාමුදුරුවරුන්ට කරන අපහාසයක් (කෞ)
කමක් නැහැ. පාරේ ඇවිස්සෙන දූවිල්ලට හරි පාරට වතුර ඉසීමෙන් සෙතක් වුණානේ (නි)
දරුණුයි රළුයි නිරබය වචන ඔබේ ,,,,,,, ජාතිය ආගමට ජවයක් දැනුන වගේ ,,,,, කුදලන් යද්දී මේවිදියට බුදු පුතෙක් අපේ ,,,,,නොදැන ගහපු කතිරේට හෙනගහපන් මෙමට අනේ !!!!!!! (බ)
මම නම් මේ හාමුදුරුවෝ කියන බණක් කවදාවත් අහලා නැහැ (නි)
රෝහිත, හාමුදුරු නමක් වුණාම විනයක් කියලා එකක් තියෙන්න ඕනෑ. උසාවියකට ගිහිල්ලා ගිරිය පුප්පාගෙන කෑ ගහලා හරියනවද? රටේ නීතිය කාටත් එකයි. එයා හිතාඉන්නේ එයා නීතියට උඩින් ඉන්නේ කියලා. (නි)
රටේ නීතිය කාටත් සමාන විය යුතුයි, අද ප්‍රවෘත්ති වල පෙන්නපු හැටියට ඥානසාර හිමිගේ ගෝල හිමිවරුත් අත් අඩංගුවට ගත යුතුයි. පොලිස් නිලධාරීන්ගේ තොප්පි ගලවනවා කියන්නේ රටේ නීතියට අපහස කිරීමක්. (අ)
හොඳ වැඩේ (අ)
හාමුදුරුවෝ ඉන්නේ දහම රකින්න මිසක් රටේ ප්‍රශ්න විසදන්න නොවේ (බ)