මේ ඡන්දයෙන් පසු හිටපු ජනපතිනියට නිරුවතින් පාරේ දුවන්නට සිදුවන බවට උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතා පසුගිය දා කළ ප්‍රකාශය හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය අද විපක්ෂ නායක කාර්යාලයයේ දී ප්‍රකාශ කළාය.
‘ මේ සටනේදි චන්ද්‍රිකා පොළොවේ ගහලා දාලා රෙදි ගලවලා හෙළුවැල්ලෙන් පාරේ දුවන්න පාර හදන්න මෙය හොඳ අවස්ථාවක්.‘ යැයි දිසානායක මහතා පසුගිය දා ප්‍රකාශ කළේය.
ඒ ගැන අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය මෙසේ ද කීවාය.
‘රටේ ළමා හා කාන්තා හිංසය, අපචාර රැසක් වෙනවා. පසුගිය දවසක රජයේ ඇමැතිවරයකු ප්‍රකාශයක් කළා හිටපු ජනපතිනියගේ රෙදි ගලවන්න හොඳ අවස්ථාවක් කියා. රජයේ ඇතැම් ඇමැතිවරුන්ගේ මානසික තත්ත්වය එයින් තේරුම් ගන්න පුළුවන්. මා කාන්තාවක් විදියටත්, මහජන නියෝජිත වරියක් විදියටත් මේ ප්‍රකාශය මා දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඇති හිටියා" වත් ද? මේ වගේ කතා කියන්න හොද සිහියෙන් පුලුවන්ද? (ස)
මෙවන් ප්‍රකාශ වලින් හෙළිවන්නේ තම තමන්ගේ හැදියාව නොවේද? (නි)
මෙම ප්‍රකාශය මිනිස් සංහාරයටම අපහාසයක්. මේ වගේ අය මහජන නියෝජිතයන් විදියට පත්කරන්නේ කවුද? (නි)
චන්ද්‍රිකා කියන්නේ ගැහැණියක්, අම්මෙක්. පවුල හා දේශපාලන පසුබිම අමතක කරමු. රටේ අධ්‍යාපන ඇමති කම වැනි වගකීමක් දරණ ඇමතිකමක් තියෙන කෙනෙක් කියපු මේ කතාවම ඇති වෙන රටක නම් එයාව ගෙදර යවන්න (නදී)
පරදින බයට ඔය කෑගහන්නේ. පව් අසරණයා කලිනුත් අමාරුවේ වැටුනා කට හින්දා (නදී)
ඔවුන් ගැන බලා ගැනීම ජනතාවට භාර කරමි. බුද්ධිමත් ශ්‍රී ලංකා ජනතාවනි මොවුන්ට දඩුවම් ලබා දීමට මෙය සුදුසුම කාලයයි. ජනවාරි 08 වෙනිදට ඒ අවස්ථාව ඔබට ලැබී ඇත. කල්පනාවෙන් හරි දේ කරන්න. (නදී)
අධ්‍යාපන ඇමති කම දුන්නට වැඩිය හොඳයි පශු සම්පත් ඇමති කම දුන්නා නම්. (නදී)
ගලවන්ට දෙයක් දැනටමත් ඉතුරුවෙලා නෑ.(ස)
ඔයාට ඡන්දය දෙන කට්ටිය නුවර දිස්ත්‍රික්කේ ද ? (නදී)
සිංහල භාෂාවේදී අපි කෙනෙක්ගේ රෙදි ගලවනවා කියන්නේ ඔහු හෝ අැයගේ රහස් හෙළි කිරීමක් මිසක් නිරුවත් කරවීමක් නෙමෙයි. (නදී)
කිසිම චාරයක් නැති කතාකාරයෙක් (නදී)
ජනාධිපති මෙයාව බේර ගත්තේ අනාගතයේදී මේ ආකාරයෙන් ප්‍රයෝජනයට ගන්න බව දැන් හොඳටම පැහැදිලි වෙනවා. (ස)
මෙයාගේ කට වාචාල කමට තමයි එක පාරක් හිරෙත් යන්න උනේ. කාට උනත් කාන්තාවන්ට මෙහෙම අපහාස කරන්නේ මෙයාගේ තියන නැහැදිච්ච කමටයි, අනුවන කමටයි, මේ කතා අනුමත කරන අයත් එවැනිම අසත් පුරුෂ ගති ඇත්තන් බව තමයි පෙනෙන්නේ. (නදී)
හරිම අශීලාචාරයි (නි)
මේ වගේ කට්ටිය වේදිකාවලට නග්ගලා තමන්ට කියන්න බැරි දේවල් කියවන කෙනා ගැන තමයි අපේ අප්‍රසාදය. ! (බ)
අනේ අපොයි දේශපාලනයකට ගිය කලක්! මේ අපේ අධ්‍යාපන ඇමති කෙනෙක් නේද? (නි)
මේ එළියට එන්නේ තමන්ගේ පවුල් පසුබිම (බ)
මමත් සිල්වා සමඟ එකඟයි (නි)
අපිත් දැඩිව හෙළා දකිනවා. මේ කතා වැරදියි (නි)
මෙම ප්‍රකාශය මුළු මහත් රටම හෙළාදකිනු ඇත. (නි)
ජනාධිපතිතුමා නම් රැස්වීම් අමතා කියන්නේ "අපේ හාමුදුරුවනේ, අපි කාටවත් වෛර කරන්නේ නැහැ " කියලයි. හැම විටම ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන්නේ, විමසා සිටින්නේ "ඇයි සමහරු අපට වෛර කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, වෛරී දේශපාලනයේ යෙදෙන්නේ " යනුවෙනුයි. ගුරුන්නාන්සේ හොඳ නම් ගෝලයිනුත් හොඳ විය යුතුයි නේද? යමක් ප්‍රසන්න ලෙස ගොලයන්ගෙනුත් ප්‍රකාශ විය යුතුයි නේද? කෙසේ නමුත් මේවා පරාජයක ලකුණු බව නම් පෙනෙනවා. ඉදිරියේ ඇති පරාජය මෙතුමාට පෙනිලා වගෙයි. (නදී)
ඒ කතාව නම් ඇත්ත.(හේ)
මේවා ගණන් ගන්න එපා. දිව ඕනෑ පැත්තකට හරවන්න පුළුවන්නේ! (නි)
මට හිතෙන්නේ මෙහෙමයි. එස්.බී අදහස් කරන්නේ ඡන්දේ පැරදුනාට පස්සේ මේ විදිහට දුවයි කියලා. හැබැයි එහෙම වෙන්නත් බැරි නැහැ. කාලයට ඉඩදෙමු. (නදී)
එස්. බී. කියන්නේ අපේ කොඳු නාරටියක්. එතුමාගෙන් යමක් ඉගෙනගන්නවා ඇරෙන්නට එතුමාට උගන්වන්නට යාම මම නම් කිසිසේත් අනුමත කරන්නේ නැහැ (නි)
සෙළවෙන අඩු කළයක තිබෙන්නේ වතුර වෙනුවට කුණුජරාව නම්, අපි එවිට දකින්නේ මහත්වරුනි, කුණුදිය කළයක් නොවේද? (නි)
චන්ද්‍රා වීරසිංහ මුට්ටිය උඩට හරවල අල්ලන්න. කට බිමට හරවා ඇල්ලුවොත් ඇඟ හැමතැනම වැටිලා නාන්න වෙනවා. චෙහ් විතරක්. (ස)
අනිවාර්යෙන්ම අපිත් හෙළා දකිනවා. එයාට වෙන්නේ ඇටිකෙසෙල් කාපු රිලවට වගේ වල්මත් වෙන්නයි මේ ඡන්දෙන් පස්සේ. ඔහු මෙවන් අපහාස කරන්නේ ගැහනියකටයි. තමාද මෙලොවට බිහි උෟවේ ගැහැනියකගෙන් බව අමතක වීම කණගාටුවට කරුණකි. රටේ උසස් අධ්‍යාපන ඇමති විදියට මාධ්‍යට අදහස් දක්වන්නේ ගල් යුගයේ ඇමති කෙනෙක් විය යුතු බව මට හැඟේ. කෙසේ නමුත් තමන්ගේ භාෂාව සහ සදාචරය රටට පෙන්වන්නේ ඔහුගේ පවුල් සංස්කෘතිය බවද යමෙකුට හැඟෙනු ඇත. මෙවන් චරිත දේශපාලනයෙන් නෙරපා දැමීම ජනතාවගේ වගකීමක් සහ යුතු කමක්. (නදී)
මේ රටේ සියලු දෙනාම එක්විය යුතුයි මෙවැනි ප්‍රකාශයන් කරන එකට විරුද්ධව. විශේෂයෙන් මහජන නියෝජිතයෙක් වශයෙන් ඇමතිතුමා ලැජ්ජා වියයුතුයි තමන් කියූ දෙයට. (නි)
මේ අය මේ වගේ තත්ත්වයකට ඇඳ වැටීම පුදුමයක් නොවේ.(හේ)
මොහු ගමන් කරන්නේ වනචාරී යුගයට. මේ රජයට ඔහු එක්ක ලබන මාසේ කැලේටම යන්න පුළුවන්. (නදී)
මේ ඉතින් තමන්ගේ පවුල් වල කතා කරන භාෂාව තමයි. (නදී)
තමන්ගේ ගෙවල් වලත් බවලතුන් ඇති නේද ? අනේ මෙහෙමත් අධ්‍යාපන ඇමතියෙක් අපිට උපන් තේකට ලැබිලා නැතිව ඇති. (ස)
මේ වගේ අවිචාරවත් වචන පිට කරන කටක් තිබෙන කෙනෙක්ව හැදෙන තරුණ ළමයින් ශිෂ්‍යන් සම්බන්ධව කටයුතු කෙරෙන රාජකාරියකට කොහොම පත් වුනාද මන්ද (ස)
කිසිම හැදිච්චකමක් නැති අමන කතාවක් (ස)
පසුගිය අවුරුදු වල එනම් 60 දශකයේ 78 , 94 වගේ විශාල වෙනසක් මෙවරත් අපි බලාපොරොත්තු වෙනවා (බ)
අනේ මන්දා මෙහෙම කතාකරන්නේ කොහොමද කියලා (නි)
මේ වගේ කටවල් සංවර්ධනය කරන ඇමතිකමක් ගැන ඉදිරියේදී හිතන්න වෙනවා (නි)
අන්තිම අශීලාචාරයි (නදී)
සමහරු කොහොමත් නහින්නේ කට හින්දා තමයි (නි)
මේ වගේ කට්ටිය වේදිකාවලට නග්ගලා තමන්ට කියන්න බැරි දේවල් කියවන කෙනා ගැන තමයි අපේ අප්‍රසාදය.(හේ)
මෙයා කට නිසා කීප වාරයක් උසාවි ගියා. එක වරක් හිරෙත් ගියා. මේ ගැන කව්රුත් කලබල විය යුතු නැහැ. ඒ නොහැදියාවයි. (නදී)
මේ වගේ කතා නම් අනුමත කරන්න බැහැ (නි)
අනේ මන්දා! පොඩිකාලේ ඇඳෙන් වැටිලාද කියලා. ඒකද දන්නෙ නැහැ මේ විදියට අශීලාචාරව කතා කරන්නේ. (නි)
කතාකරලා වැඩක් නැහැ එයා ගැන නම් (නි)
පසුගිය මැතිවරණ සමයකදී එ.ජා.ප යේ මැතිවරණ වේදිකාවකදී "අරලියගහ මන්දිරයේ වැසිකිලි බට හිර කරලා ගඳ ගස්සවලා චන්ද්‍රිකා එලවන්න කටයුතු කරනවා" කියලා පුරසාරම් දෙඩුවෙත් මේ මහත්මයාම නේද? මට හරියට කාල වකවානුව මතක නැහැ.(නදී)
ඔය වගේ කතාවක් කලින් ජනාධිපතිවරනයකදී කිව්වා ඔය වගේම තවත් ඇමති කෙනෙක්. ජනාධිපති මන්දිරයේ වතුර කපන කතාවකුත් එක්ක, ඒවා වගේම ඕකත් කාලයේ වැලි තලාවට යටවී යාවි. අපේ ඇමතිවරු එහෙම තමයි. ගණන් ගන්න එපා රෝසි නෝනා (නදී)
චන්ද්‍ර වීරසිංහත් භාගෙට සිංහල කියවලා. හොඳට සොයා බලන්න මේ ඇමතිතුමා කල කතාව නිරුවතින් පාරේ දුවන්න වෙන කතාවක් කියල තියෙන්නේ. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? (නදී)
චන්ද්‍රා වීරසිංහ මෙතන සුදු හුණු ගාන්න එපා. ඔය කියන කතාව මෙතන මේ පුවත් තීරයේ පල කරන්න බැරි තරම් අශික්ෂිත වචනයෙන් සමන්විත දේශපාලකයෙකුට නොහොබිනා කතාවක්. (නදී)
ගෙදර නෝනාට කතා කරන හැටි හිතා ගන්න පුළුවන්. (නදී)
මෙහෙම හැකර කටවල් දම්මලා පරිභව කරලා මිනිස්සුන්ව වට්ටන්න පුලුවන්ද ? (නදී)
ජනපතිතුමනි, ඔබගේ ගරුත්වයයි මේ කෙලසන්නේ. (නදී)
සුළු දෙයක් (නදී)
මෙයා කට නිසා හිරෙත් ගියා මතකද? (නදී)
මේ මහතා තවම මට්ටු වී නැති හැටි. මෙවැන්නන් දේශපාලනයෙන් පන්නා දමන්න සියලුම මිනිසුන් වග බලාගත යුතූ බව සියලුම රටේ පුරවැසියන් මතක තබා ගන්න (නදී)
රටක අධ්‍යාපන ඇමති කෙනෙක් නේද මෙහෙම කතාකරන්නේ? (නදී)
සිල්වා ඔබ හරියට හරි (නදී)
මෙහෙම කටවල් වලින් කියන දේවල් අහලා මිනිස්සු කාණු වලට වැටෙන්නේ නැහැනේ. ඕවා ගණන් ගන්න එපා. (නි)
ඔහු සරසවියේ හිටි කාලයේ ඉතාමත් සුහදශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, විමුක්තිකාමී පුද්ගලයෙක්. ඒත් මොහු දේශපාලකයෙක් වුණාට පස්සේ බුද්ධිය උඩුයටිකුරු වෙලා. විශේෂයෙන්ම තමන් කියන්නේ මොනවද කියලා තේරුම් ගන්නත් බැරිවෙලා. කට නිසා හිරේ ගිය එකත් අමතක වෙලා. මම නම් කියන්නේ දැන් තියෙන්නේ ඔය දේශපාලන කෙරුවාවෙන් ඉවත්වෙන්න කියලයි. (නි)
බොහෝදෙනෙක් හැමවෙලාවේම ඇඳුම් ඇඳලා හිටියත් නිරුවත්වෙලා වගේ ඉන්නේ කියලා දන්නේ නැහැ. (නි)
මෙයා මේ විදියටම චන්ද්‍රිකාට කලින් අපහාස කළා. ඒ වෙලාවේ මේ කඳුළු සලන අය නිහඬව හිටියා. මේ සියලුම දේවල් තමන්ගේ වාසියට පමණක් බව කියවන අය දැනගත යුතුයි (නදී)
එඩ්රියන් ඔබ සමග මා 100%ක් එකගයි (නදී)
පුදුම කතා තමයි මේවා! (නි)
මෝඩකමට කියන කතා (නදී)
සිල්වා රෝසිටත් වැඩිය කිපිලනෙ. (නි)
වික්‍රම, වැසිකිලි කතාව කිව්වේ රාජිත මැතිතුමා නේද. මට ඒ බව හොඳට මතකයි. කලින් එයාට ඡන්දය දීපු අපේ පවුල්වල ගැහැණු උදවිය ඔය කතාවට බැන බැන හිටියා. එ් වෙලාවේ තමයි කට්ටියක් කඩාගෙන යුඑන්පී එකට ගියේ. මේ දෙන්නා, මහින්ද විජේසේකර, බන්දුල ගුනවර්දන ගිහින් ඇමතිකම් ගත්තා. දැන් ඡන්ද කාලෙට චන්ද්‍රිකා සහ රාජිත ආයිමත් එකතුවෙලා (නදී)
හැමදාම ඉතින් සමහරු ඔවැනි කතා තමයි කියන්නේ. (නි)
මවකගෙන් ඉපදුනා නම් මෙවැනි දේ නොකියයි (නදී)
මෙයා දිනන පැත්තට හිමින්ම හේත්තු වෙයි (නදී)
රෙදි නැතුව ඉඳලා හොඳට පුරුදු අය තමයි අනුන්ගේ රෙදි ගලවන්න හදන්නේ. මෝඩකමට බෙහෙත් නැහැ. (නදී)
කූඩැල්ලෙක්ව මෙට්ටයක තියන්ඩ බැහැනේ! ඒවගේම බලු නකුට කෙලින් කරන්නත් බැහැනේ! ඕව ගනන්ගන්ඩ අවශ්‍ය නැහැ ඒක එයා හැදිච්ච පරිසරයේ වැරැද්ද. (නදී)
චන්ද්‍රා නැවත හෝඩිය පන්තියට යන්න (නදී)
සිල්වා, ඔබ සමඟ මාත් එකඟයි (නි)
අනේ මන්දා! කටින්ද මෙහෙම කතාකරන්නේ? (නි)
මෙයා කියන කුණුහරුප කව්ද ගණන් ගන්නේ. (නදී)
මට නම් හිතෙන්නේ ආණ්ඩුව ඇතුලේ ඉදගෙන මෛත්‍රීට උදව් කරන අයගෙන් ප්‍රධාන පුද්ගලයෙක් තමයි මෙයා. තවත් එහෙම අය ඉන්නවා. මෙයාල පුළුවන් තරම් උත්සහ කරන්නේ රජය අපකීර්තියට පත් කරන්නත්, රජය පිළිබද මහජනතාව තුල කලකිරීමක් ඇති කරවන්නත්. මේක හිතාමතාම කරන එවැනි දෙයක් වෙන්න පුළුවන් (නදී)
මෙය ඉතා කැත භයානක කතාවකි. ගැහැනියක් නිරුවත් කිරීම සදාචාරය වළලා දමන්නකි. (නි)
එස්.බී ට තියෙන්නේ ජරාම විදියට කතා කරන කටක් (නදී)
බොහොම කැත කතාවක් (නි)
චන්ද්‍ර,එස්. බී. ට කඩේ යන්න එපා. (නි)
කතාව වැරදියි. මෙතුමා විපක්ෂයට වැඩ කරනවා වගේ. (නදී)
මෙතරම් අප්‍රසන්න කතා කියන අය තව දුරටත් අපේ මුදලින් නඩත්තු කරනවාද නැත්ද කියන එක ලබන ජනවාරි 6 වෙනිදාට තීරණය කිරීම ඔබ සැමට බාරයි. මෛත්‍රී කරන්න. (නදී)
මහනෙල් සුවඳමය - කුඩමසු පිලී ගඳමය - දෙකට එක දියමය - හොඳට නරකට එකම කටමය (නි)
චන්ද්‍රිකා විහින්මයි මේවා අහන්නේ. කාලයක් එයා දේශපාලනය කළානේ. දැන් නම්බු පිටින් ඉවත්වෙලා දරුවන්ගේ ගෞරවයත් රැකගෙන ගැහැණියකගේ ගෞරවයත් රැකගෙන ඉන්නේ නැතුව පිස්සු නටන්න ගිහින් තමා මේවා අහන්නේ. (නි)
මෙයාට සදාචාරයක් කියල එකක් නැහැ . මෙයා ඉන්නකම් අපේ ළමයිට උසස් අධ්‍යාපනයෙන් නම් දෙවියන්ගේම පිහිටයි (බ)
කාලයක් එස්. බී. කට නිසා හිරබත් කෑවා. දැන් ආයෙත් කියවනවා. එදා චන්ද මගඩියක් කරපු හැටි කිව්වා, දැන් රෙදි ගලවන්න හදනවා. ඔය ලංකාවේ අධ්‍යාපනයට සම්බන්ධ ඇමති කෙනෙක් නේද ? රටේ ජනතාවටයි සමස්ත සිසු සිසුවියන්ටයි හොඳ ආදර්ශයකුයි ඔය දෙන්නේ. ඔන්න උතුම් ලංකාවේ රජයේ කැබිනට් ඇමතිවරයෙක්ගේ තත්වය. හැලිය රත්වෙන තුරුලු කකුළුවන්ගේ නැටිල්ල. (බ)
මේ කතා ගැන එතරම් කලබල වියයුතු නැහැ. සමහර දුර්වලකම් බොහෝ දෙනකුට වෙනස් කරගන්න අමාරුයි.කටට ආ පළියට ඕන එකක් කියනවා. ඇමතිවරයකු වුණාම වඩාත් ආත්ම සංයමයකින් කතාකරන්න ඕනෑ. ඒක තේරුම්කරගන්න බැරි උදවියට ඇමතිකම් ලැබුනහම මේවා සිදුවනවා.මොන අඩුපාඩු තිබුනත්, චන්ද්‍රිකා මහත්මිය අප රටේ හිටපු ජනාධිපතිවරියක්. අප රටෙත් විදෙස් වලත් ඉමහත් ගෞරවයට පත්වූ නායක යුවලකගේ දියණියක්. (නි)
නිමයි. මේ ශ්‍රී ලංකාව කියන පුංචි දුපතේ රජකරන උසස් අධ්‍යාපන ඇමති මහජනයා අමතන ආකාරයද මේ? මේ කතා අහන බාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මොනවා නොකර ඉඳීවිද? මේකද මේ මහා ලොකු ආශ්චර්යය? (නි)
ඔව් ඒ ප්‍රකාශය නම් හෙළා දැකිය යුතුයි.(හේ)
එස් බී දිසානායකගේ කට නිසා තමයි එක පාරක් හිරේ ගියෙත්. නමුත් ලජ්ජාවක් නැහැ. (නදී)
ඔබ හිතන්නේ නම්බු පිටින් ගෙදර යන්න ඕන චන්ද්‍රිකා නෝනා විතරද ? ඒක අනෙක් අයට අදාළ නැද්ද එතකොට ? (නදී)
මෝඩකමට කියන කතා (නදී)
සිල්වා කාන්තාවට නීසි ගරුත්වය දුන්නට ස්තුතියි. ලුම්බිණි ඔබ 100% හරි. චන්ද්‍රා සහ බන්දුල නැවත මොන්ටිසෝරියට යන්න. රට ඉන්න අපිත් මේවා බලනවා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට (නදී)
ගණන් ගන්න එපා .එයා බන්දුලගේ අයියා.(දිල්)
බන්දුල අයියේ, ඔයත් ලබන මාසේ රට යනවද ? (ර)
එස් .බී. මහත්තයෝ, මම නම් කියන්නේ ඔබ හරි (නි)
එස්.බී මොනවා කියනවද කියල එයාටවත් තේරුම නැහැ. අහිංසක මනුස්සයා. පව්. (ස)
දේශපාලනය පැත්තකට දමා මම කියන්නේ, කාන්තාවක් ගැන මෙහෙම නොහොබිනා ප්‍රකාශයක් කරන කෙනෙක් තමන්ගේ අම්මා,සහෝදරියක් ගැනවත් නොසිතුවාද මන්දා. (නි)
කිසිම ප්‍රතිපත්තියක් නැහැ. එදත් එකයි, අදත් එකයි, හෙටත් එකයි. බලුනගුට උණපුරුකේ දැම්මත් කෙළින් කරන්න බැහැ කියනවනේ (නි)
චන්ද්‍රා වීරසිංහ, එහෙනම් රෙදි ගලවල පාරේ දුවවනවා කියන්නේ මොකද්ද ? අපි නොදන්නා ඔහේ දන්නා අලුත් සිංහල උපමා උපමේය කියන්නකෝ බලන්න (නදී)
දිනේෂ් 2014-12-09 03:17:45 ඔබට ස්තූතියි දිනේෂ්. මම හිතන්නෙ මට පැටලුනා. ඔබ හරි. ඔය දේශපාලඥයෝ කවුරුත් ලැජ්ජා නැති මිනිස්සු. (නදී)
චන්ද්‍රට වඩා රෝසිට සිංහල චතුර ලෙස කතා කරන්න පුළුවන්. (නදී)
අවංකවම කිව්වොත් මේ අදහස් වලින් පෙනෙන්නේ මේ අය එස් බී මහතාගේ කතාවෙන් අමුතු ආශ්වාදයක් ලබනවා රජයට එරෙහිව. මතක තබාගන්න මහත්වරුනි එස් බී ගේ අදහස් සමස්ත රජයේ අදහස් නොවන බව (නදී)
රෝසි දන්නේ නැති සිංහල ගැන කතා කරන්න එපා. රෙදි ගලවනවා යන්නෙන් කියවෙන්නේ චන්ද්‍රිකා කවුද මොනවාද කලේ කියල රටට කියන බවනේ. ඕකනේ කියන්නේ ඔහෙලා ඉන්නේ පොදු ජනයාගේ ලෝකේ නෙමේ කියල. (ස)
තව පාරක් විඳවන්න තියෙන නිසාද මන්දා ඔහොම කතා කරන්නේ (නි)
මේ වගේ අයද මේ රටේ අධ්‍යාපනය කරන්නේ? (නි)
බලමුකෝ කියන අයගෙම රෙදි ගැලවෙයිද කියලා.(හේ)
සිල්වා ඔබ හරියට හරි. එස්.බී එක පාරක් කට වරද්දාගෙන හිරේ ලැග්ගා. මේ පාරත් එ්කට අර අදිනවා වගේ. ගැහැනියකට අපහාස කරන්නේ නීච බයගුල්ලන්. උසස් අධ්‍යාපන සිසුන්ට සලකන විධිය අපට තේරෙනවා. ඔය ක්‍රියා කලාපය තරයේ හෙළ දකිනවා. (නදී)
මෙම කතාව වැරදියි. අර ආසියාවේ අස්චාර්ය රෙද්ද අස්සෙන් බේරෙන කතාවත් වැරදියි. අපි ගල් ගැහුවොත් අපිටම ආපසු ගල් වදිනවා (නදී)
ප්‍රසිද්ධියේ ඔය වගේ කතා කියන්න ලැජ්ජ නැද්ද දන්නේ නෑ.(හේ)
කතාව අප්‍රසන්නයි. ඔය පිරිමැහුවේ පරණ තරහක් (නදී)